( එච්. චන්දන )
පුත්තලම - සිරම්බිඅඩිය සෙම්මන්දළුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදුණු තරුණයෙක් සමග හෙරෝයින් මත් කුඩු ,මත් පෙති හා කඩු තොගයක් සමග අත් අඩංගුවට ගත් බව කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයි කියයි.
එම ඒකක ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී , දීර්ඝ කාලයක් මෙම ජාවාරමේ යෙදී පොලීසියට කට්ටි පනිමින් සිටි අත් අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ තිබූ හෙරෝයින් මිලි ග්රූම් 350 ක් , මත් පෙති කාඩ් 14 ( පෙති 140 ) , විවිධ ප්‍රමාණයේ කඩු වර්ග 05 ක් තිබී පොලීස් නිළධාරින්ට හමු වී තිබේ.
වයස අවුරුදු 33 වන අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා මෙම ප්‍රදේයේ ස්ථිර පදිංචිකරුවකු වන අතර මෙම කඩු විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීමට රැගෙන ආ බව පොලීසයට පවසා තිබේ.
පුත්තලම කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පි. එස් ජයමහා , සහකාර පොලීස් අධිකාරී ඔ.ජි අමරබන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි , පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් ඩබ්.ආර්.ඒ චන්ද්‍රසිරිලාල් මහතාගේ මෙහෙයවීමෙන් උ:පො: උභයාන්ත , පො:සැ අශෝක (62655) , පො:කො: වන්නිනායක (86158) , වික්‍රමසිංහ (27446) යන නිළධාරීනි මෙම වැටලීම සිදු කලේය. අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා හා කඩු මත් කුඩු මත් පෙති වැඩිදුර පරීක්ෂණ කටයතු වලට පුත්තලම පොලීසයට භාර දී තිබේ.
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මත්කුඩු ජාවරම්කරුවෙක් මත්පෙති-කඩු සමඟ අත්අඩංගුවට