IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘පාසල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කළේ නෑ‘‘

 

තමන් කිසිදු අවස්ථාවක පාසල් නැවත විවෘත කළ යුතු යැයි යෝජනා නොකළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍ය සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇත.

විශේෂයෙන්ම රට වසංගතයට මුහුණ දී සිටින අවස්ථාවකදී, තමන් පළ කරන අදහස් වැරැදියට උපුටා දැක්වීමෙන් හෝ අර්ථ විකෘති වන අන්දමින් උපුටා දැක්වීමෙන් වළකින්නැයි මෙරට මාධ්‍යවලට අවධාරණය කරන බව ද ඇය සඳහන් කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍ය සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ පණිවුඩ යේ මෙසේ ද දැක්වේ.

“ශ්‍රී ලංකාවේ මාධ්‍ය මම පළ කරන අදහස් වැරැදියට උපුටා දක්වපු සහ අර්ථය විකෘති වන අන්දමින් උපුටා දක්වපු සෑම අවස්ථාවකදීම මම නිහඬව සිටියා. මෙම මිනිත්තු 30ක 40ක කතාවක කරපු එක වාක්‍යයක් උපුටා දක්වමින් මම පළ කළ සම්පූර්ණ අදහස් සහ මම කරපු සමස්ත අදහස විකෘති කරලා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය මට මේ කරන වැඩෙන් මම මහත් වෙහෙසට පත් වෙලා. මම මෙයින් මහත් පීඩාවට පත්වෙලා. මෙය නැවැත්විය/අවසන් විය යුතු යි. ඔවුන් මෙහෙම කරන්නේ ඇයි ? මේකේ අවසානයක්/ඉවරයක් නැද්ද. මා වැරැදියට අර්ථ දැක්වීමෙන් සහ වැරැදියට උපුටා දැක්වීමෙන් සහ මම නොකියපු දෙයක් පළ කිරීමෙන් වෙන හානිය ඔවුන් දන්නේ නැද්ද ? ඒ වගේම මාධ්‍ය මෙය දැනගත යුතු යි. මම මිනිත්තු 30ක 40ක් අදහස් දැක්වූ අවස්ථාවකදී, එයින් එක් වාක්‍යයක් පමණක් උපුටා අරගෙන එය සිරස්තලය ලෙස යෙදීමත් කොතරම් නොමඟ යැවීමක් ද ?

දැන්ම පාසල් විවෘත කළ යුතු යැයි මා කිසිදු අවස්ථාවක පැවැසුවේ නැහැ. අපි ඉන්නේ ලොක්ඩවුන් එකක. දැන් තමයි මරණ සහ ආසාදිතයන්ගේ ගණන අඩු වෙන්නේ. ගේට්වේ විද්‍යාලයේ දී මා ඇත්තටම පැවැසුවේ කුමක් ද කියා දැන්න ගන්න කාට හෝ වුවමනාක් තිබෙනවා, ඊට අදාළ සබැඳිය මා පහතින් දක්වා තිබෙනවා.

ඒ වගේ ම මා මෙය ප්‍රකාශ කළා ද නැද්ද කියා කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව මාධ්‍යයේ පළ වූ ලිපිවලට, මට නින්දා කරන්න, අපහාස කරන්න එපා. මට අවමන් කරන්න එපා. මට ඔබට කියන්න කිසි දෙයක් නැහැ” යනුවෙනි.

 



අදහස් (10)

‘‘පාසල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කළේ නෑ‘‘

sisira Friday, 10 September 2021 10:19 PM

ඩොනල් ට්‍රම්ප් ට්විටර් පණිවිඩ නිකුත් කරන්නේ .ඔබගේ ප්‍රකාශයේ ට්විටර් මගින් නිකුත් කරන්න .

:       21       16

Priyantha Friday, 10 September 2021 10:42 PM

මේ අය දන්නා දෙයක් නැහැ.

:       29       11

සුසිත් ඔස්ට්‍රේලියාව Friday, 10 September 2021 11:04 PM

ඔබ වැනි විද්වතුන් ශ්‍රී ලංකාවේ රැඳීසිටින්නේ අතලොස්සක් පමණයි. මුදලට වඩා ආත්ම තෘප්තියකින් ලංකාවට සේවයක් කිරීම වර්තමාන ජරාජීර්ණ දේශපාලන හා සමාජයීය සංස්කෘතිය තුල හරියට උඩුගං බලා පිහිණීමක් වැනි දෙයකි.

:       7       72

SL Friday, 10 September 2021 11:16 PM

කිසිම වගකීමක් නැති ,තමන්ගේ දේශපාලන, අත්තනෝමතික මත ප්‍රචලිත කරන මාධ්‍ය වලට නඩු දැමීමට ක්‍රමයක් තිබිය යුතුයි.

:       2       226

Asela Saturday, 11 September 2021 12:21 AM

මේ අය හිතාගෙන ඉන්නේ ඒ අය හරි ලොකු අය කියල

:       65       12

Sriland Saturday, 11 September 2021 02:52 AM

ඔබ පාසල් විවෘත කරන්න කිව්වා නම්.., ඔබ තමයි නියම, රටට ආදරය කරන කාන්තාව ... වහන්න කියන්නේ කොරෝනා අරමුදල් වලින් කොමිස් ගන්න දේශද්‍රෝහියෝ..

:       11       7

kamal Saturday, 11 September 2021 07:59 AM

රට වටකර වැට බැන්දත්, කට වටකර වැට බඳින්න බැහැ කියන කියමන සමහර බුද්ධිමතුන් දන්නේ නැහැ වගේ... තමන්ට ජාතියට සේවය කරන්න ලැබුණු අවස්ථාව පැහැර හැරලා අභියෝග වලට බයවෙලා අනිත් අයව තමන්ගේ අදහසට එකඟ කරගන්න නායකත්වය දෙන්න බැරුව දැන් තැන් තැන්වල කතා පවත්වලා ජාතික සේවයක් කරන්න බැහැ..

:       16       3

Nuwan Saturday, 11 September 2021 08:30 AM

විවුර්ත කරන්නේ මොන පාසල්ද? ලංකාවේ අධ්‍යාපනය නිකන්ම පුද්ගලීකරණයට ලක්වෙලා. ජාත්‍යන්තර සහ ටියුෂන් විතරක් වැඩ. නිදහස් අධ්‍යාපනය ස්ට්‍රයික්...

:       2       10

salmal Saturday, 11 September 2021 08:39 AM

ළමයින්ගේ ජීවිත අවදානම ගැන මීට වැඩිය සිතා බැලිය යුතුය. පවතින තත්වය යහපත් නැත.

:       2       4

jagath Saturday, 11 September 2021 10:25 AM

ඔක්කොම සුද්ද කළ යුතුයි. කුට්ටිවලට පෙරේතකමට නොමග යවන්න එපා...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 68 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 216 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 254 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 563 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 198 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 380 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site