ඔහු මගේ ඇරැයුම පිට වාඩියට ආවා. වෙනද විදිහටම වාඩියේ පිළේ ඈඳී ගත්තා. එතන ඉඳලා වටේට පෙනෙන දර්ශනය දිහා ඔහු එක බැල්මකින් බැලූවා. ඊට පස්සේ මං දිහා බලලා ”ඉතින් කොහොමද අනූ අයියේ..” කියලා ඇහුවා. ”ඉන්නවා මල්ලි..” මං කිව්වා. ”ඔයාලට කොහොමද.. තාම කූරියර් කරනවද..” මං එහෙම ඇහුවාම ඔහු හිනාවෙලා ”නැත්තම් කොහොමද ජීවිත ලයිස්තුව කරකවන්නේ..” කියලා කිව්වා. ”මොනවද මේ දවස්වල ගෙනියන්නේ..” මං ඇහුවා. ”සයිටම්..” ඔහු කිව්වා. ”මොකක්.. ඒ මොනවද..” මං පුදුම වෙලා ඇහුවා. ”ඒ සුදුවා..දැන් මේ ගම්වල නම් එහෙම දාගෙන තියෙන්නේ එහෙම. කසිප්පු වලට කියන්නේ සයිටම්. කේජී වලට කියන්නේ සයිනෝ ෆාම්. ලෝකල් ඒවාට කියන්නේ ඇස්ට‍්‍රාසෙනිකා. එහෙමයි මෙහේ..” ඔහු කිව්වා.


”බුලට් එහෙම ගෙනිච්චේ නැද්ද..” මං ඇහුවා.

”මොකෑ නැත්තේ. ඒවා එහෙමම යනවා.. මේ ළඟදිත් මං ගෙනිහින් දුන්නා දොළහේ කෑළි දහයක්..” ඔහු එහෙම කියන ගමන් වට පිට බැලූවා. ”කෝ අද හුඹස් කුකුළා..” ඔහු ඇහුවා. ඒ කියන්නේ තලගොයාට. ”අද උදේ ඇවිත් හිටියා. මං හිතන්නේ දැන් වෙන තැනක ඩියුටි ඇති. ඌ කොහොම වුණත් එහෙම අය ඊට පස්සේ හොයනවා කොහෙන්ද තව බුලට් ගන්න තියෙන්නෙ කියලා. එහෙම හොයලා හොයලා යනකොට අපිව මාට්ටු වෙනවා. ඊට පස්සේ දිගටම ඒ අය අපෙන් බඩු ගන්නවා..”

 

”බෝර දොළහේ බුලට් එකේ කැට කීයක් තියෙනවද..”

”කැට නවයයි. එක පාරක් මං එයින් බුලට් පන්සීයක් අරගෙන ගියා කෙනෙක්ට. ඒ කියන්නේ කැට හාරදහස් පන්සීයක්. මේක අරගෙන ගියේ පාරේ බස් එකේ. හදිස්සියේ හරි මොකක් හරි වෙලා මේ එකක් හරි ෆයර් වුණා නම් මුළු බස් එකම දැළක් විතරක් වෙනවා. යකඩ කෑලි බෝල හැමතැනින්ම යන්නේ. එක තත්පරෙන් බස් එකේ තියෙන සියලූම යකඩ කඩාගෙන යනවා.

එහෙම ඒවා ගෙනියන එක අපිට ඒ තරම් ලොකු දේවල් නෙවෙයි. කූරියර් සර්විස් වල අය දන්නෙ නෑනෙ තමන් ගෙනියන්නෙ මොනවද කියලා. ඒ වුණාට අපි දන්නවා මේ ගෙනියන්නෙ මොනවද කියලා..ඒවා එළිපිට තමයි ගෙනියන්න බැරි. ඒ වුණාට පොදු ප‍්‍රවාහන සේවා අස්සේ  ඕන තරම් මේ වගේ දේවල් ගෙනියන්න පුළුවන්..”

 

”ඒ වුණාට බුලට් පන්සීයයක් කියන්නේ මාර තොගයක්නේ..”

”මාර තොග යක් කියන්නේ කොහොමටවත්ම ලොවෙත් ගෙනියන්න බෑ. වගන්ති නෑ අහු වුණොත්. එහෙමම සදා හිරේ..”

 

”ඉතින් කාටද එහෙම ගෙනිච්චේ..”

”ඒක කියන්න බෑ. හැබැයි දඩයම් සීන්වලටයි ගෙනිච්චෙ. ඒක මං දන්නවා. වෙන අවටියෙල් වැඩවලට නෙමෙයි..”

 

”ඔයා කොහොමද ඔය වැඩ වලට වැටුණේ..”

”මං කොහොමත් තුවක්කු හදනවනෙ අයියේ. හරි ඒවා ලයිෂන් තියෙන ඒවා වගේම, වැරදි ඒවත් හදනව. මං මෙහෙම ආයුධ හද හද ඉද්දි දවසක් කෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා එයා ගාව පොඩි පිස්තෝලයක් තියෙනවා. ඒකේ ටිගර් එකේ ප‍්‍රශ්නයක් තියෙනවා.ඒක හදා ගන්න පුළුවන්ද කියලා. මං කිව්වා බලලා තමයි කියන්න වෙන්නේ කියලා.

ඒ ගමන එයා ඊට දවස් තුන හතරකට පස්සෙ ඒකත් අරගෙන ආවා. මං ආයුධය අතට අරගෙන හොඳට බලලා ටක් ටක් ගාලා මස් කළා. ඒක බලා හිටපු ඒ ආපු කෙනා මාත් එක්ක ටිකෙන් ටික හිතවත් වෙන්න පටන් ගත්තා..” ”එහෙම නොදන්න කෙනෙක් තමන්ගෙ ආයුධයක් තියලා යනවද කොතන හරි..” ”මේවා අයියේ විශ්වාසය මත යන බිස්නස්. ඔයා දන්නවද මැණික් බිස්නස් කාරයෝ කොච්චර තමන් ගාව තියෙන මැණික් අනික් අය අතට දෙනවද ඞීල් කරගන්න කියලා. සමහර වෙලාවට කෝටි ගණන් වල මැණික් විශ්වාසය නිසා තව කෙනෙක්ගෙ අතට දෙනවා. ඒ වගේම තමයි ආයුධ බිස්නස් එකත්. බුලටුත් එහෙමයි..”

 

”ඇයි ඒ බුලට් වලටත් එහෙම වෙන්නේ..”

”බුලට් ළඟ තියාගන්න හේතුවක් නෑනේ. ඇයි කවුරු හරි එහෙම තියාග න්නේ. ඒ කියන්නේ එයා ගාව ඒ බුලට් එක දාන්න පුළුවන් ආයුධයක් තියෙනවා කියන එකයි. දැන් හිතන්න මේ තියෙන ටී 56 උණ්ඩ.  ඕක දාන්න පුළුවන් විදිහට ගල්කටස් හදනවනේ මෙහෙ ඉන්න ඈයෝ. එක බුලට් එකයි, අරකෙ විසි අටක් එකට ගියාට මේක එකින් එක ගහන්න පුළුවන්. ඒ වගේම මං බුලට් පුරවනවනේ. ඔයා දන්නවද බෝර 12 බුලට් එකේ ඇතුලේ තියෙන කැට ටික යන හැටි ගැන.

ඒක යන්නේ යම් රටාවකට. ඒ කියන්නේ රවුමකට. ඒ අතරේ මැදිනුත් එකක් යනවා මාරු වෙවී. කොහොමටත් බෝර දොළහකින් වැදුණොත් අනිවාර්යෙන්ම මාරාන්තිකව තුවාල සිද්ධ වෙනවා. මැරෙනවාමයි. මේ පොඩි ඇඟිල්ලක් විතර ඇතිනේ. ඒක ඇතුළට තමයි පුරවන්නේ කැට නවය..”

 

”කාටද එහෙම  ඕනේ වෙන්නේ බුලට්..”

”එහෙම  ඕනේ වෙන අය කොච්චර ඉන්නවද. වතු අයිති අය, ගොවිතැන් කරන අය, තව රඟන අය, සල්ලි තියෙන අය, ඒ අය කොහෙන් හරි තැනකින් ආයුධ කෑල්ලක් ලයින් කරගත්තට පස්සේ පළවෙනි ටිකේ හමුවෙන බුලට් ටිකෙන් වැඩ දානවා. පස්සේ බුලට් ඉවර වෙනවා. බුලට් එහෙම ගන්න නෑ. දෙන්නෙත් නෑ. ලයිසන් තුවක්කුවකට වුණත් බුලට් දෙන ප‍්‍රමාණයක් තියෙනවා. ඒවා ගන්න  ඕනේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.

 

”ඔයාලට බුලට් කොහෙන්ද..”

”අපිට එක එක විදිහට බුලට් හම්බු වෙනවා. ඒවා එළියට දාන්න බෑ.කොහොම වුණත් බුලට් මහ ගොඩක්  ඕනෙ වෙන්නෙ නෑනේ.  ඕනෙ වෙන්නෙ බොහොම සුළු ප‍්‍රමාණයක්. ඒ ටික විතරක් බිස්නස් කර ගත්තහම හොඳටම ඇති..” ”බුලට් එක්ක ආයුධ ගෙනියන්නෙ නැද්ද..” ”මොකද නැත්තෙ. හැබැයි ආයුධත් එක්ක නම් බුලට් ගෙනියන්නෙ නෑ. බුලට් වෙනමයි, ආයුධ වෙනමයි ගෙනියන්නේ.එකට අහුවුණොත් නම් මහ බඩු. ඒ නිසා තමයි වෙන වෙනම ගෙනියන්නේ. මුලින් ම ආයුධය දුන්නොත් ඊට පස්සේ තමයි බුලට් ටික දෙන්නේ..”

 

”මොනා හරි වෙලා ආයුධේ මාට්ටු වුණොත්..”

”එහෙම වුණොත් කරන්න දේවලූත් තියෙනවා. කොහොම කළත් මේකට ලයිසන් එකක් තියෙනවා නම් පොලිසියට වුණත් ගන්ඩ බැහැනේ. ඉතිං අපි කරන්නෙ මරදානෙන් කපා ගත්ත සීල් එකකින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක විදියට හදපු ලියුමක ලියාපදිංචි නොම්මරයක් දාලා තියා ගන්න එකයි. මේක බොරු එකක් කියලා හොයාග න්නත් කාලයක් යනවා. ඉතිං ගොඩක් වෙලාවට කෙරන්නේ ලයිසන් එකක් කියලා මොකක් හරි තියෙන හින්දා යන්න අරින එකයි..”

 

”කොහෙටද ඔහොම යවලා තියෙන වැඩිම දුර ආයුධයක්..”

”මං ඔයාට කතාවක් කියන්නම්. මං එක පාරක් හැදුවා පොඩි පිස්තෝලයක්. මේක කොච්චර හුරුබුහුටි ද කියනවා නං අල්ලටත් වැඩිය අඩුයි පෙනුම. මේක දැක්කා මගෙන් ආයුධයක් හදන්න ඇවිල්ලා හිටපු කෙනෙක්. එයා මගෙන් ඇහුවා මේ ආයුධේ විකුණනවද කියලා. මං ඔව් කිව්වා. ඒ ගමන එයා ඇහුව කීයටද ඒක දෙන්නෙ කියලා.

මං ගණන් කතා කරලා කිව්වා මේක හැන්ඩි බඩුවක්. මේ ගාණක් වෙනවා කියලා. ඊට පස්සෙ එයා ඒක බලලා සල්ලි එහෙමම දීලා අර ගත්තා. අරගෙන එයා ගියා. ඒ ආයුධේ එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒකෙ ලොක් එකක් තියෙනවා. ඒක ලොවෙත් කාටවත් අරින්න බෑ. මං විතරයි දන්නේ. කොහොම හරි මං මේක දීලා එදා හවස මගෙන් ගත්තේ තුනට විතර. අරගෙන ගිහිල්ලා ඊ ළඟ දවසේ හවස තුනට විතර මට රට නම්බර් එකකින් කෝල් එකක් ආවා. මං ගත්තේ නෑ. ඊට පස්සේ මගෙන් ආයුදේ ගත්ත යාළුවා කතා කරලා ඇහුවා ඔයාට දැන් කෝල් එකක් ආවද කියලා නොදන්න නම්බර් එකකින්.

මං කිව්ව ඔව් කියල. ඒ නම්බර් එකෙන් දැන් කෝල් එකක් එයි, ආන්සර් කරන්න කියලා එයා මට කිව්වා. පස්සේ මං බලා ගෙන එද්දී අර නම්බර් එකෙන් කෝල් එකක් ආවා. මං ඒ නොම්බරේට කතා කළාම ඒ කතා කරපු කෙනා මගෙන් ඇහුවා මේකේ කොහොමද ලොක් එක අරින්නේ කියලා. මං එයාට කිව්වා මෙහෙමයි කියලා, කියන කොටම මට ටික් ගාලා සද්දේ ඇහුණා, ලොක් එක ඇරෙනවා. එතකොට එයා කිව්වා හරි ප‍්‍රශ්නයක් නෑ. වැඬේ වුණා. මේක ගොඩක් වටින දෙයක් කියලා කිව්වා. ඊට පස්සේ තව කිව්වා ඔයාට මොනාහරි දෙයක් තියෙනව නම් මගේ යාළුවට කියන්ඩ. එයා  ඕන දෙයක් කරලා දෙයි කියලා. මං ඉන්නේ කොහෙද කියලා ඇහුවා. මං ඉන්න ගම ගැන කිව්වම එයා කිව්වා එයාට පුළුවන් කියලා එහෙන් මැච් එකක් ගහන්න. 

ඕන දෙයක් තියෙනව නම් එකතු වෙලා කරමු කිව්වා. මං කල්පනා කළා මේ කවුද කියලා. ඊට පස්සේ එයා මට තැන්කියු කියලා ෆෝන් එක තිබ්බා. මං අර මගේ ආයුධ ගත්ත යාලූවාගෙ න් කතා කරලා ඇහුවා මේ කතා කළේ කවුද කියලා. එයා මට කිව්වා ඒ කතා කළේ ඉන්දියාවේ ඉඳලා ...............ලොක්කා කියලා. ඔයාගේ ආයුධේ එයා ගාව දැන් තියෙන්නෙ කියලා කිව්වා. මට පුදුම හිතුනා පැය විසිහතරක් ඇතුළත ඒ ආයුදේ ලංකාවෙනුත් පිටට ගිහින් පිටරටක පාතාලයෙක් අතටත් ගිය හැටි ගැන..”

 

”මාරයි නේද..”

”ඔව්වා මොනවද අනු අයියා. ඔයිට වැඩිය දේවල් තියෙනවා ඒ ගොල්ලොත් එක්ක වෙච්ච සීන්. ලංකාව පුරාම ජාලයක් තිබ්බා. ඒ ජාලෙට අනුව තමයි හැම තැනකටම දේවල් දෙන්නේ. ඒව දැන් කුඩු පට්ටම්. නමුත් ඒවා මාර කතා..” ඉතින් මේ දැන ගත්ත තරමත් ඇති නේද. දැන් මේ වසංගත කාලේ ඉවර වුණාම ආයිත් වසන්ත කාලේ එයි. එතකොට ආයුද, බුලට් කතා වගේම වාඩියේ ඇහෙන තවත් රස කතා තියෙයි.. හැම දවසකම උදේට එනවා. මුළු ගස් ටික ඔක්කොම පෙරළනවා. ඔක්කොම පළිබෝධයෝ ටිකත් කනවා. යනවා.

එහෙම තමයි උගේ හැටි..” මං කිව්වා. ”ඒක නෙවෙයි.. ඇයි මට අනූ අයියා එන්න කිව්වේ. මං ඒ හින්දමයි මේ ආවේ. නැත්නම් මට වැඩ ගොඩක් තිබ්බා අද කරන්න. ප‍්‍රවාහන වැඩ. ඒවා ඉතිං ඔක්කොම අවටියල් වැඩ. පෙර කියූ දෑ.” ඔහු ඇහුවා.ඊට පස්සෙ අපේ කතාව ගලාගෙන ගියේ මෙහෙම..