IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ප්‍රෞඩත්වයක් තිබුණු ශ්‍රී ලංකාව දැන් ණය බරින් පීඩිත රටක් වෙලා - අනුර කුමාර

ශ්‍රී ලංකාව ප්‍රෞඩත්වයෙන් යුත් රටක් වුවද වසර 70 ක් පුරා එය පාලනය කළ පාලකයන් අද වන විට ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත, දීනත්වයට පත්කළ ජනතාවක් සිටින රටක් බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

දිසානායක මහතා මේ බව කීවේ කොළඹ බී.ආර්.සී. පිටියේදී අද දින පැවැති මැයි දින රැළියට එක්වෙමිනි.


මේ රට අවුරුදු 70 ක් පමණ පාලනය කළ පාලකයන් අපට මොනවද ඉතුරු කරලා තියෙන්නේ?....මේ රට මහා ණය කන්දක හිර කළා. කෝ ඒ ණයවලින් කළ දේවල්?“


“මේ පාලකයන් ලැජ්ජා වෙන්න ඕනා. වසරකට භාණ්ඩාගාරයට ලැබෙන මුළු ධනයම ණය ගෙවන්නත් මදි. මෙය හිඟන රටක් නොවේද? අපිට අපේ රට ගැන ආඩම්බරයක් තිබෙනවා. හැබැයි පාලකයන් අපේ රට හිඟන රටක් බවට පත් කරලා තිබෙනවා“
“රට සහ ජනතාව පසුපසට ඇදගෙන ගිහින් තිබෙනවා. රට හිඟන රාජ්‍යක් බවට පත් කර තිබෙනවා. අපේ රට ප්‍රෞඩත්වයක් ඇති රටක් බවට පත්කිරීමේ වගකීම අපට තිබෙනවා.“


“ණය බරින් පිරුණු, දරුවන්ට අධ්‍යාපනය නොමැති, ලෙඩරෝගවලින් පිරුණු දීනත්වයට පත් කළ ජනතාවක් සිටිනවා. දීනත්වයට පත් කළ ජනතාවට අභිමානවත්ව ඉදිරියට යන්න කටයුතු ලෑස්ති කළ යුතුයි.  ජනතාව වෙනුවෙන් පාලනයක් ගොඩ නැගීමේ දිසාවට රට ගෙන යායුතුව තිබෙනවා.“ යයි කී දිසානායක මහතා මැයි දින රැළිය වෙනුවෙන් බී.ආර්.සී. ක්‍රීඩාංගණයට රැස්වූ ජනතාව අගයමින් කතාකළේය.


“අතුරු සිදුරුව නැතිව පිරියනවා යයි කියන්නේ මොකක්ද කියා ඇහුවොත් අද මේ බී.ආර්.සී. පිටිය පිරී ඇති ආකාරය යැයි පෙන්වන්න පුළුවන්. බොහෝ අයට ඉඩ නැතිව පාරේ ඉන්නවා. වේදිකාවේ පසුපස පවා ඉන්නවා“ යයිද පැවසීය.

 



අදහස් (16)

ප්‍රෞඩත්වයක් තිබුණු ශ්‍රී ලංකාව දැන් ණය බරින් පීඩිත රටක් වෙලා - අනුර කුමාර

ධම්ම Monday, 01 May 2017 03:00 PM

සෙනඟ ඉන්නවා... නමුත් ඡන්ද නැහැ. ඒ ගැනත් ටිකක් හිත යොමු කළොත් හොඳයි.

:       411       527

Missaka Monday, 01 May 2017 03:01 PM

එ්කට අනුර කුමාර මහත්තයත් උදව් කළා ....

:       511       344

චන්ද්‍රMonday, 01 May 2017 04:02 PM

ඔබ කියන කතාව හරියටම හරි....

:       0       0

sunil Monday, 01 May 2017 03:36 PM

කතාව නම් සම්පුර්ණ ඇත්ත. අපේ තැපැල් කන්තෝරු, අපේ ට්‍රාන්ස්ෆෝමර් අපේ සී.ටී. බී. බස් ටික සමහරු ගිනි තියනකොටත් අපිට මෙහෙමම හිතුණ කාලෙකුත් තිබුණා. අපි මැරිලා ඉපදුනේ නැහැනේ ආයුබෝවන් !!!

:       1       3

nipuni Monday, 01 May 2017 03:51 PM

අනුර සහෝදරයා, ඔබ කළ යුතු වන්නේ ඇමති ධුරයක් භාර ගෙන අවුරුදු 2 තුළ එම ඇමති වගකීම හරි විදිහට කරන එකයි? විවේචනය පමණක් මදි. මුලින් රටම එකමුතු වෙලා දැවෙන ප්‍රශ්න විසඳමු. බොරු වර්ජන, කඩාකප්පල් වැඩ නවතමු.

:       1       1

dick Monday, 01 May 2017 04:13 PM

ඔයාලත් ඒකට වග කියන්න ඕනේ

:       0       3

Padmapriya Monday, 01 May 2017 04:27 PM

දැන්ද දැක්කේ? මෙතෙක් කල් නිදිද.

:       0       0

Kamal Monday, 01 May 2017 05:45 PM

ජවිපෙ ට ජයවේවා රට ගොඩනැගීමට ඇති එකම මග

:       1       0

sensa Tuesday, 02 May 2017 02:31 AM

කමිකරුවන් විකුණාගෙන කන එක නවත්තපල්ලා.

:       0       2

sumudu Tuesday, 02 May 2017 03:11 AM

එකට අනික් පක්ෂ වලට දොස් කියන්න එපා . ඒගොල්ල කියන දේවල් කරන දේවල් දැනගෙන ඒ අයට චන්දෙ දීපු ජනතාවට දොස් කියන්න . ජනතාව ඉල්ලපු දේවල් තමයි ලැබිල තියෙන්නේ . මමනම් හරිම සතුටුයි එහෙම වෙනවට . මොකද මම ඔය රටේ නෙමෙයිනේ ඉන්නේ .

:       0       0

රාජා Tuesday, 02 May 2017 05:14 AM

මෙයාල ම මේ හොර ආන්ඩුව ගේන ලෙස අපිට කිව්වා. දැන් මේ කතාකරන කටින්ම රට මේ ආන්ඩුව මගින් දියුනු කරන හැටි කිව්වා දිව දෙකේ කුහක ජේ වී පී කාරයෝ. මහින්දගේ අඩුපාඩු තිබුනත් රට මෙහෙම විනාශ වුනේ නෑ. අපි මෙයාලට රැවටුනා.

:       0       0

ලපයා Tuesday, 02 May 2017 05:48 AM

පරෙස්සමෙන් කතා කරන්න ආණ්ඩුවට රිදෙයි කියල බයේද? මහා බැංකු හොරකම ගැන මුකුත් කියන්නේ නැත්තේ මොකද.?

:       0       0

වින්සන්ට් Tuesday, 02 May 2017 06:02 AM

හොරු රජ කරන්න දර දිය අදින මෝඩ ඡංන්දදායකයන් ගැනත් ටිකක් හිත යොමු කළොත් හොඳයි.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 02 May 2017 07:02 AM

මේගොල්ලන් දානේ නොදී පෙර පින් කර නැති නිසාදෝ රැස්වීමකට එන කෙනෙක්වත් චන්දෙ නොදෙන තත්වයක් තියෙන්නේ. බහුතරයක් හොඳට කතා අහල සතුටුවෙලා ගෙදර ගිහිල්ලා වෙන කාටහරි චන්දෙ දෙනවා.

:       0       0

kumar (galf) Tuesday, 02 May 2017 07:51 AM

තව වර්ජන කරන්න එතකොට ඉක්මනටම රට ගොඩ ඒවි.

:       0       0

NIHAL Tuesday, 02 May 2017 10:32 AM

එතකොට ඔබලා ජනවාරි 8 පත්කළ නායකයා කියන්නේ ඔයිට වඩා වෙනස් දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 687 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 865 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site