කිසිවකුගේ නියෝගයකින් හෝ ප්‍රයෝගයකින් තොරව පැවැත්වෙන ජගත් ජන්මෝත්සව තුනක් ඇත. මේ උත්සව තුනම පැවැත්වෙන්නේ සකලවිධ මනුෂ්‍ය වර්ගයාට ශාන්ති දායක වූ මහෝත්තමයාණන් තිදෙනෙකුගේ පරමෝත්කෘෂ්ට ගුණ කදම්බයට භක්ති ප්‍රණාම පිණිසය. ඒ උත්තමයන් තුන් දෙනාට සම්භක්තවූ ජනතාව අතින් සිදුවන ස්වේච්ඡා ප්‍රණාමයක් ලෙස එය හැඳින්විය හැකිය. එබැවින් එය අව්‍යාජය. අවංකය. බුදුන් වහන්සේ උපන් වෙසක් දින උලෙළ, යේසුස් වහන්සේ උපන් නත්තල් දින උලෙළ හා මහම්මත් තුමා උපන් දින පැවැත්වෙන මිලාද් උන් නබි උලෙළ ඒ අවස්ථා තුනයි.
කිසියම් ජාතියකට අයත් නිදහස් දින උළෙල ද එසේ ස්වේච්ඡා ප්‍රණාමයක් ලෙස සිදුවිය යුත්තක් මිස නියෝග ප්‍රයෝග මාර්ගයෙන් නොසිදුවිය යුත්තකි. එය එසේ සිදු වන්නට නම් එම නිදහස සමරන ජාතිය තුළ තමා ලත් නිදහස පිළිබඳ බලවත් හැඟීමක් පැවතිය යුතුය. හැඟීම බලවත් වන්නේ එය අව්‍යාජ නම් අවංක නම් පමණි. මේ බව සනාථ කරන ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් මීට කලකට පෙර මගේ හිතවතකු විසින් මට හෙළි කරන ලද්දේ මහත්වූ සංවේගයෙනි. එය අද අපට අලුත් ඇසක් පාදා දෙතියි සිතමි.
මේ සිද්ධිය සිදුවූ සමයේ මගේ හිතවතා සේවයෙහි යෙදී සිටියේ සිලෝන් තියටර්ස් සමාගමට අයත් කොළඹ රීගල් සිනමා ශාලාවේය.
එකල එහි වාර්ෂික ලෝක සිනමා උත්සව පැවැත්වුණි. විවිධ බටහිර රටවලට අයත් උසස් ගණයේ සම්මානිත චිත්‍රපටි එහිදී ප්‍රදර්ශනය කරන ලදී. ශිෂ්ට රුචියකින් යුක්ත සිනමා ලෝලීහු ඒවා නැරඹීම සඳහා බලවත් උද්‍යෝගයකින් එක් රොක් වූහ. ජාතික පුවත්පත්වල මෙන්ම සිනමා පුවත්පත් හා සඟරාවල සේවය කළ පුවත්පත් කලාවේදීහු හා සිනමා විචාරකයෝ ඒ අතර විශේෂයෙන් කැපී පෙනුණාහ.
එවැනි සිනමා උත්සවයක් පැවැත්වෙන අවස්ථාවලදී එහි ප්‍රදර්ශනය වන චිත්‍රපටි අයත් රටවලට ආවේණික ජාතික කොඩි සිනමා ශාලාව අබියස ප්‍රදර්ශනය කිරීමද සම්මත සිරිතකි. මගේ හිතවතා රීගල් සිනමා ශාලාවේ සේවය කරන සමයේ මෙවැනි ලෝක සිනමා උත්සවයක් පැවැත්වෙන අවස්ථාවක් උදා වුණි. එහිදී එහි ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය විදේශීය ජාතික කොඩි රැගෙන ඒමේ වගකීම පවරා ඇත්තේ ඔහුටය. මහත් සංවේගයෙන් යුතුව ඔහු මට හෙළි කළ ප්‍රත්‍යක්ෂ අත්දැකීමට ඔහු මුහුණ පෑවේ ඒ ගිය ගමනේදීය.
ප්‍රංශය, ඉතාලිය, බ්‍රිතාන්‍යය, රුසියාව ආදි රටවලට අයත් තානාපති කාර්යාල වෙත ගිය ඔහු තම අවශ්‍යතාව එහි හුන් වගකිව යුත්තන් හට සැලකර සිටියේය. ඔවුන් විසින් අප හිතවතා අදාළ අංශ වෙත යොමු කර අපේක්ෂිත කාර්යය ඉටුකර දීමට ගෞරවනීය සහායක් දක්වා ඇත.ඒ ඒ රටවලට අයත් ජාතික කොඩි ලබාගැනීම සඳහා අදාළ සෑම තානාපති කාර්යාලයකම නියම කළ විශේෂ ස්ථානයේ රැඳී සිටින විට ඔහු ලද ප්‍රත්‍යක්ෂ අත්දැකීම කුමක්ද? එය කරණ කොටගෙන එදා ඔහු තුළ බලවත් සංවේගයක් හටගත්තේ ඇයි? මගේ හිතවතා දැන් ඊට පිළිතුරු සපයනු ඇත.
"මම හැම තානාපති කාර්යාලයකම ඉඳගෙන ඉන්නකොට ඒ ඒ රටවලට අයිති ජාතික ඇඳුමෙන් සැරසුණු නිලධාරියෙක් ඉතා ගරු ගාම්බීර විදියට බොහෝම තැන්පත් ගමනින් යුතුව තමන්ගේ රටේ ජාතික කොඩිය බන්දේසියක තියාගෙන ඇවිත් මට බාර දුන්නා. මෙවැනි දෙයක් කිසි සේත් බලාපොරොත්තු නූණු මට එවේලේ ඉබේම නැගිටුණා. ඒ වගේම ඒක බාර ගන්න කොට මගේ හිසයි කඳයි ඉබේම නැමුණා.
"ඊට පස්සේ මම අපේ ජාතික කොඩි ගන්න සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගියා. එතන හිටිය නිලධාරියකුට කාරණය කිවුවහම මාව ගබඩාවකට පිටත් කළා. මගෙන් කාරණය අහපු එතන හිටිය සේවකයෙක් ඇතුළට ගිහිල්ලා ලොකු ලණු බෝලයක් ගෙනත් දුන්නා. ඒක මොකක්ද දන්නවද? අපේ ජාතික කොඩි එකට රෝල් කරලා කිටි කිටියට ගැටගහලා තිබුණු ලණු බෝලයක්."
මගේ අතීත වාමාංශික මිතුරෙකුගෙන් අසා දැනගත් කල්පනාව පුබුදුවන එක්තරා අත්දැකීමක් මෙවේලේ මගේ සිහියට නැගෙන්නේ ඉබේය. ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව සෝවියට් දේශයේ බිහි කරන ලද සමාජවාදී රාජ්‍යය තම ධජය ලෙස යොදා ගත්තේ ගොවි කම්කරු සමගිය සංකේතවත් කරන දෑකැත්ත සහ මිටිය යන සලකුණු දෙක සහිත රතු කොඩියයි. ඒ අනුව එය මෙරට බිහිවුණු වාමාංශිකයන්ගේද පොදු කොඩිය බවට පත් විය.
1939 අවුරුද්දේ ලංකාවට පැමිණි ශ්‍රී ජවහර්ලාල් නෙහෙරු තුමා එම වසරේම ජූලි මාසයේ 16 වැනි දා ලංකා සමසමාජ පක්ෂ මූලස්ථානයේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගි විය. එවේලේ එහි ඔසවා තිබුණු දෑකැති මිටි සලකුණු සහිත කොඩිය දුටු ඔහු මේ අවවාදය දී ඇත.
"සහෝදරවරුනි, ජාත්‍යන්තර කොඩිය එක්ක සිංහ කොඩියත් ඔසවා තබන්න."
ශ්‍රී ජවහර් ලාල් නෙහෙරු තුමා වනාහි තම මාතෘ භූමිය සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීම ඒකායන පරමාර්ථය කොටගෙන මහත්මා ගාන්ධි තුමා ඇතුළු දේශාභිමානී ඉන්දියානු නායකයන් අභීතව අඛණ්ඩව ගෙන ගිය අත්‍යුදාර නිදහස් අරගලයේදී පෙරමුණු බල ඇණියේ සිට සිරබත් කමින් සටන් කළ අයෝමය නායකයෙකි. ජාතික කොඩිය කෙරෙහි ඔහු තුළ වූ අභිමානවත් ආකල්පය ඔහුගේ යට කී මහාර්ඝ ප්‍රකාශයෙන් ඉඳුරා විශද වන්නේ නොවේද?
සමසමාජ පක්ෂ මූලස්ථානයේ හිඳ ඔහු එම අවවාදය දෙන අවස්ථාවේ එතැන සිටි පක්ෂයේ කාරක සභික සහ සිංහල දෙමළ පරිවර්තක අයි . ඇම් . ඉබ්‍රාහිම් සහෝදරයාගේ සිතෙහි ඒ වදන් රැඳුණේ කිසි දා නොමැකෙන ලෙසිනි. නෙහෙරු තුමාගේ මේ ප්‍රකාශය පිළිබඳ පුවත මගේ මනසේ කොටා තැබුවේ පුරෝගාමී වාමාංශික බුද්ධිමතෙකු මෙන්ම පරිණත ලේඛකයෙක්ද වූ මගේ සන්මිත්‍ර ලයනල් සරත් සහෝදරයාය. ඔහුගේ දෙසවන මේ පුවත ඇසුවේ ඉබ්‍රාහිම් සහෝදරයාගේම මුවින්ය.
ජාතික කොඩිය බෙල්ලේ ඔතන, පිටේ පොරවන, ඉණට සරුවාලෙට අඳින, එයින් ජටා බඳින පරපුරක් මෙරට පහළවී ගියේ කෙසේද? එක ලේ බිඳුවක්වත් නො හෙළා ලදුම්හයි අපේ අලජ්ජී දේශපාලන නායකයන් උදම් අනන ඊනියා නිදහසෙන් පසු සකල ලක් පොළොවම එක සේ තෙත් කරමින් මේ සා මිනිස් ලේ කඳක් යළි යළි හැලී ගියේ ඇයි? මේ රටේ පරම පරිහානියට ඒකායන හේතුව ආනන්ද සමරකෝනුන් තම ජාතික ගීය
'නමෝ නමෝ මාතා' යනුවෙන් 'න' 'ම' යන අපාය අක්ෂරවලින් හා අසුබ 'ජ' ගණයෙන් ('සූර්ය'ගණය- අග දෙලඝු මැද ගුරු) අරඹා ඇති හෙයිනැයි කියමින් දෛවඥ අඥයෝ දේශපාලන මුග්ධයන් අන්ධ කළහ. ඔවුහු ඊට 'ශ්‍රී' 'ල' යන දිව්‍ය අක්ෂර සහ සුබ 'ම' ගණය ('භූමි' ගණය- තුනම ගුරු)යොදවා ජාතික ගීය 'ශ්‍රී ලංකා මාතා' යනුවෙන් සුබ පල පතා රෙපයාර් කැරැවූහ. සුනාමිය හා කොරෝනාව නම් පරම සෞභාග්‍යය අප්‍රමාදව සම්ප්‍රාප්ත වීම එහි ඉෂ්ට ඵලප්‍රාප්තිය විය. දැනුදු අපි එහි සුබ පල විඳිමින් අගාධයක ගිලෙමින් සිටිමු.
'සංයුක්ත' නිකායේ 'සගාථ' වර්ගයේ (1)'දේවතා' සංයුක්තයේ
(8)'ඣත්වා'හෙවත් 'ඡෙත්වා' වර්ගයේ
(4) 'වුට්ඨි' සූත්‍රයේ එන උද්ධෘතයකින්
මේ ලිපිය හමාර කරමි.
දෙවියෙක්:
කිංසු උප්පතතං සෙට්ඨං
කිංසු නිපතතං වරං
(උඩට නැගෙන්නවුන් හට කුමක් වටින්නේද?
පහළට වැටෙන්නවුන් හට කුමක් වටින්නේද?)
බුදුන් වහන්සේ:
විජ්ජා උප්පතතං සෙට්ඨං
අවිජ්ජා නිපතතං වරා
(උඩට නැගෙන්නවුන් හට වටින්නේ ප්‍රඥාවයි.
පහළට වැටෙන්නවුන් හට වටින්නේ මිථ්‍යාවයි.)
ඉංග්‍රීසි ජාතික Thomas Hardy (1840-1928) ලෝ පතළ උසස් නවකතා කරුවෙකි. කවියෙකි. අසූ විය පිරී සිටි ඔහු දිනක් තම ලියන මේස ලාච්චුවක් අස් කරමින් සිටියේය.
[Not by politics alone - The other Lenin නම් මාහැඟි කෘතිය 1973 දී ඉංග්‍රීසියෙන් ලියා පළ කරන ලද්දේ Tamara Deutscher නම් කීර්තිමත් ලේඛිකාව විසිනි.
මැක්සිම් ගෝර්කිගේ අභාවය සිදුවූ අවස්ථාවේ ලියොන් ට්‍රොට්ස්කි විසින් 1936 ජූලි 09 වැනි දින සහිතව නෝර්වේහිදී ලියන ලද සමරු සටහනේ මෙම ඉංග්‍රීසි පරිවර්තනය, 1936 සැ
මිනිසාගේ ජීවන දසා පිළිබඳ සනාතන සත්‍ය විවරණයක් විලියම් ෂේක්ස්පියර් කිවිඳුන්ගේ සුඛාන්ත නාට්‍යයන්ගෙන් (comedies) එකක් වන ’As you like it’ නාට්‍යයෙහි හමුවෙයි. මේ ලිපි
ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් වි
ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කොට 2025 දෙසැම්බර් 16 වන දිනට ශත සංවත්සරයක් ආයුෂ සපිරෙයි. එහි පදවීතිහාරයේ හෙවත් ගමන් මගේ සුලමුල ආවර්ජනයට ගත් තැතකි මේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජාති ආලය හා ලණු බෝලය
විරාජ් මහවෙල Thursday, 27 June 2024 03:14 PM
ඔබතුමා බොහෝ කලකට පෙර පල කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ හා මාර්ටින් වික්‍රමසිංහගේ ඇසුර පිළිබද රසකතා නුතන පාඨකයන් සදහා නැවත එළි දැක්වීමට අදහසක් නොමැතිද?