IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


එංගල්ස්ගේ ඇසින් දුටු මාක්ස්

මතක හා මතය

 


(කාර්ල් මාක්ස්ගේ අවමඟුලේදී ප්‍රෙඩ්රික් එංගල්ස් කළ දෙසුම)


[1883 මාර්තු 17 වැනි දින ලන්ඩනයේ හයිගේට් සුසාන භූමියේදී පවත්වන ලද මෙම අවමඟුල් දෙසුම 1883 මාර්තු 22 වැනි දා පිට වුණු Zurich Sozialdemokrat, ප්‍රකාශනයේ 13 වැනි අංකයේ පළ වුණි. මා මේ උපුටා සිංහලට නගා පළ කරන්නේ Karl Marx selected works (London - Lawrence and Wishart Limited) ප්‍රකාශනයේ පළමු වෙළුමේ 16, 17, 18 පිටුවල Speech at the graveside of Karl Marx යන නමින් පළ වුණු එම දෙසුමයි.]

ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් විනාඩි දෙකක් පමණි. අප ආපසු එන විට ඔහුට හාන්සි පුටුව මත ශාන්ත ලෙස නින්ද ගොස් තිබුණි.ඒ සදහටමය.

මේ ප්‍රාඥ පුරුෂයාගේ අභාවය නිසා යුරෝපයේ හා ඇ⁣මෙරිකාවේ සටන් කාමී නිර්ධන ජනතාවටත් (Proletariat - මූල ධනයක් අහිමි ශ්‍රම වහල්ලු) ඓතිහාසික විද්‍යාවටත් දරා ගැන්මට සිදුවූයේ නොමිනිය හැකි පාඩුවකි. මේ බලසම්පන්න පෞරුෂ්‍යයේ අභාවය
කරණකොටගෙන හට ගත් හිඩැස වැඩි කල් නොගොස්ම දැනෙනු ඇත.

චාල්ස් ඩාර්වින් විසින් ජීව ස්වභාවය පිළිබඳ පරිණාම නියමය අනාවරණය කරන ලද සේම මනුෂ්‍ය ඉතිහාසය පිළිබඳ පරිණාම නියමය අනාවරණය කරන ලද්දේ මාක්ස් විසිනි. අධික ලෙස වැඩී ගිය දෘෂ්ටි වාද මගින් මෙතෙක් වැසී ගොස් පැවති සරල සත්‍යයක් ඔහු හෙළි කළේය. එනම්, දේශපාලනය, විද්‍යාව, ආගම, කලාව යනාදිය ලුහුබැඳ යාමට පළමුව මිනිස් වර්ගයාට කෑම, බීම, ඇඳීම හා වාසස්ථාන අවශ්‍ය බවය. එබැචින් අවශ්‍ය වූ භෞතික ජීවනෝපායන් නිපදවා ගැන්ම මෙන්ම ඒ අනුව යුගයක් තුළදී ජනතාව විසින් හෝ ඇති කර ගැනෙන ආර්ථික දියුණුවේ මට්ටමද කරණකොටගෙන එක්තරා පදනමක් බිහි වන බවත් ඔහු පෙන්වා දුනි. ජනතාවට අදාළ රාජ්‍ය ආයතන, නීති සංකල්ප, කලාව සහ ආගමික අදහස් පවා පරිණාම වී ආවේ එම පදනම මත පිහිටා යැයි ඔහු හෙළි කර සිටියේය. එබැවින් සියල්ල විවරණය කළ යුත්තේ එය සැලකිල්ලට ගෙන මිස මෙතෙක් කර ගෙන ආ පරිදි ඊට පටහැනි ලෙස නොවන බවද ඔහුගේ මතය විය.

මෙපමණක් නොවේ. අද පවත්නා ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලියත් එමගින් නිර්මාණය කර ඇති ධනවාදී සමාජයත් පාලනය කරන ගාමික බලවේගයට අදාළ විශේෂ නියමයද මාක්ස් විසින් අනාවරණය කරන ලදී. කලින් සිටි ධනවාදී ආර්ථික විද්‍යාඥයන් මෙන්ම සමාජවාදී විවේචකයන්ද වන සියලුම විමර්ශකයන් අඳුරේ අතපත ගාමින් විසඳුම් සෙවූ ප්‍රශ්නයකට, මාක්ස්ගේ අතිරික්ත අගය පිලිබඳ අනාවරණය ආලෝකයක් විය.

එවැනි අනාවරණයන් දෙකක් පමණක් එක් ජීවිත කාලයකට සෑහේ. එවැනි එක් අනාවරණයක් හෝ කළ හැකි වූ පුද්ගලයාද සතුටට පත් වෙයි. මාක්ස් ක්ෂේත්‍ර රාශියක විමර්ශනයෙහි යෙදුණෙකි. ඒ එකක්වත් උඩින් පල්ලෙන් කළ ඒවා නොවේ. මාක්ස්ගේ විමර්ශනයට ලක් වූ සෑම ක්ෂේත්‍රයකදීම, ගණිත ක්ෂේත්‍රයේදී පවා,ඔහු කළේ ස්වතන්ත්‍ර අනාවරණයන්ය.

මාක්ස් නම් විද්‍යාඥයාද එවැන්නෙකි. එහෙත් සම්පූර්ණ විද්‍යාඥ වේශය නොදැරුවෙකි. ඔහු විද්‍යාව සැලකුවේ ඓතිහාසික වශයෙන්, සක්‍රිය, විප්ලවීය බලවේගයක් ලෙසිනි. ප්‍රායෝගික භාවිතය කෙසේ විය හැකිද යන්න සිතා ගැනීමට නොහැකි වුවද, ඇතැම් න්‍යායාත්මක විද්‍යාවක් පිළිබඳ නව අනාවරණයක් මාක්ස් ආදරයෙන් වැලඳ ගත්තේ මහත් වූ ප්‍රීතියෙනි. එහෙත් එම අනාවරණය මගින් කර්මාන්ත තුළ මෙන්ම ඉතිහාස ගමන් මගේද ක්ෂණික විප්ලවීය වෙනස්කම් සිදු වූ කල ඔහු ඉන් භුක්ති වින්දේ මුළුමනින්ම වෙනත් ආකාරයක ආනන්දයකි. විදුලි බල ක්ෂේත්‍රය මගින් හා මෑතදී Marcel Deprez විසින් සිදු කෙරුණු අනාවරණයන් පිළිබඳ වර්ධනය ඔහුගේ සියුම් නිරීක්ෂණයට ලක්වීම ඊට නිදසුනක් ලෙස දැක්විය හැකිය. [Marcel Deprez(1843-1918) වනාහි ප්‍රංශ භෞතික විද්‍යාඥයෙකි.දුර

සිට විදුලිය සම්ප්‍රේෂණය කිරීම පිළිබඳ පළමු අත්හදා බැලීම් කළේ මොහුය.]

අන් සියල්ලටම වඩා, මාක්ස් වූකලී විප්ලව වාදියෙකි. ඔහුගේ ජීවිතයේ ඒකායන පරමාර්ථය වූයේ ධනවාදී සමාජයත් එයින් උපන් රාජ්‍ය ආයතනත් පෙරළා දැමීමට කවර ආකාරයකින් හෝ දායක වීමය. තම තත්ත්වය හා අවශ්‍යතාවන් ගැනත් තම ගැලවීම සිදු කර ගත හැක්කේ කවර තත්ත්වයන් යටතේ ද යන්නත් අද වෙසෙන නිර්ධන ජනතාවට පළමු වරට ඒත්තු ගැන්වූයේ මාක්ස්ය. එම ජනතාව මුදවා ගැනීමට දායක වීමද ඔහුගේ පරමාර්ථය විය. මාක්ස්ගේ මූල ධර්මය වූයේ සටන් වැදීමය. ඔහු සටන් වැදුණේ බලවත් හැඟී⁣මෙනි. දැඩි ඇල්මෙනි. අතළොස්සකට පමණක් ළඟා කර ගත හැකි සාර්ථකත්වයකිනි.

Rheinische Zeitung(1842); Paris Vorwarts(1844); Brussels Deutsche Zeitung(1847); Neue Rheinische Zeitung(1848-49); New York Times(1852-61) යන ප්‍රකාශනයන්ට සම්බන්ධවී කළ සේවයට අමතරව මාක්ස් පළ කළ සටන්කාමී පත්‍රිකා හා පුස්තිකා රාශියකි. ඔහු පැරිසියේ ,

බ්‍රසල්ස්හි සහ ලන්ඩනයේ විප්ලව වාදී සමාජවල කළ සේවයද වැදගත් වෙයි. අවසානයේ ඒ සියල්ලම කුළු ගැන්වුණේ 'අන්තර් ජාතික නිර්ධන ජනතාවගේ සංගමය' (පළමු වැනි ජාත්‍යන්තරය) පිහිටුවීමෙනි. අන් කිසිවක් නොකළද එහි නිර්මාතෘවර මාක්ස්ගේ අභිමානය පිණිස මේ ජයග්‍රහණයම ප්‍රමාණවත්ය.

මේ සියල්ලෙහි පල විසින් හොඳටම වෛරයට ලක් වූද වැඩියෙන්ම අභූත චෝදනා එල්ල වූද අපේ කාලයේ මිනිසා මාක්ස්ය. ඒකාධිපති ආණ්ඩු මෙන්ම ජනරජ ආණ්ඩුද තම බල ප්‍රදේශවලින් ඔහු පිටුවහල් කළේය. මධ්‍යස්ථ මත ධාරී හෝ අන්ත ප්‍රජාතන්ත්‍රවාදී වුවද සියලුම ධනවාදීහු, චරිත ඝාතක අපහාස කතාවලින් ඔහු වසා ලූයේ තරඟයට මෙනි. පැටලුණු මකුළු දැලක් ගලවා දමන සේ මාක්ස් ඒ සියල්ල පිස හැරියේ ගණනකට නොගනිමිනි. ඔහු පිළිතුරු දුන්නේ අවශ්‍යතාව විසින් බල කෙරුණු කලක පමණි. යුරෝපයේ හා ඇමරිකාවේ සියලු පළාත්වලත් සයිබීරියාවේ සිට කැලිෆෝනියාව දක්වා ඇති පතල්වලත් සිටින කෝටි ගණන් විප්ලවවාදී සහෝදර නිර්ධන ජනතාවගේ අත්‍යන්ත ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වුණු ඔහු දැන් මිය ගොසිනි. ඔහුගේ වියෝගය වෙනුවෙන් අද එම ජනතාව අතිශය ශෝක වෙති.බොහෝ විරුද්ධවාදීන් සිටිය හැකි වුවද එකුදු පුද්ගලික සතුරෙකු ඔහුට නොසිටි බව මම නොබියව පවසමි. කාල් මාක්ස් යන නාමය මෙන්ම ඔහු කළ මෙහෙවරද යුගයක් යුගයක් පාසා නොනැසී පවතින්නේමය.



අදහස් (0)

එංගල්ස්ගේ ඇසින් දුටු මාක්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site