මානවසිංහයන් සරස්වතී අභිනන්දන ගීතය ලියුවේ සිංහලෙන්ද ?
මානවසිංහයන් දිවමන් කල මෙන්ම දිවංගත වීමෙන් පසුවද ඔහුගේ ලේඛන කෞශල්‍යය ,වාග් චාතූර්ය හා අපූර්ව උත්පාදක ශක්තිය යන ත්‍රිවිධ ගුණ විශේෂයන්,ප්‍රමාණවත් නොවන ලෙසින් වුවද විමර්ශනයට ලක් වී ඇතත් පාලි , සංස්කෘත උභය භාෂා විෂයෙහි ඔහු තුළ පැවති විශේෂ ප්රාගුණ්යය එපමණින් වත් විශ්ලේෂණාත්මකව සාකච්ඡාවට භාජනය වූ බවක් මගේ සිහියට නම් නොනැගේ.