(දිපාල් ද සිල්වා)
රජය විසින් හිර කරගෙන සිටින හීලෑ අලිඇතුන් නිදහස් කරදෙන ලෙස ඉල්ලා පාරම්පරික කපු පත්තිනිවරු හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයේදී අද (24) දේවකනලව්වක් හා පොල් ගැසීමක් සිදු කළේය.



(දිපාල් ද සිල්වා)
රජය විසින් හිර කරගෙන සිටින හීලෑ අලිඇතුන් නිදහස් කරදෙන ලෙස ඉල්ලා පාරම්පරික කපු පත්තිනිවරු හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයේදී අද (24) දේවකනලව්වක් හා පොල් ගැසීමක් සිදු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය හිර කරගෙන ඉන්න අලි ඇතුන්? අමු කැවිලද? වනාන්තරේ ඉන්න අලි අම්මලාගෙන් බලෙන් පැහැරගෙන ඇවිත් ඉන්න අලි පැටවූ ටික රැක ගන්න උසාවියෙන් දරන උත්සාහය මේ ගොල්ල දකින්නේ රජය අලි හිර කරගෙන ඉන්න හැටියටයි. දෙවියෝ ඇත්තටම වැඩ ඉන්නවා නම් ඔතන පැහැදිලි කරලා දෙයි ඔය පොල් ගෙඩි ටිකත් ආපහු බාර දීලම.
හීලෑ අලි ඇතුන් සියල්ලම දම්වැල් වලින් බැඳ නොතබා නිදහසේ ජීවත්වීමට හැකි වන අන්දමට ඉඩකඩ එම සතුන් සිටින විහාරස්ථාන සහ පෞද්ගලික තැන්වල සකස්කිරීමට සියලුම අයිතිකරුවන් පෙළඹවිය යුතුය. එමෙන්ම දෙහිවල සහ පින්නවල ඉන්න සතුන්ද දම්වැල් වලින් බැඳ තැබීම නැවැත්විය යුතුය. දම්වැල් භාවිතය අවශ්‍ය වන අවස්තාවලදී අලි ඇතුන්ගේ පාද වලට රෙදි පටි යොදා සකස්කළ සවිමත් විලංගු යොදාගෙන ඒවාට දම්වැල් සවිකිරීම මඟින් දම්වැල් නිසා සතුන්ගේ සමට ඇතිවන ආපදා වලවාගැනීමට හැකිවනු ඇත. අදෘෂ්‍යමාන දෙවිවරුන්ට කියනවාට වඩා සතුන්ගේ අයිති කාරයින්ට කන්නලව් කරන එක වඩාත් ප්‍රඥාගෝචර වනු ඇත.
බුදු දහමේ ඉගැන්වෙන අවිහිංසාවාදය සත්‍ය නම් ඔය ගහන පොල් වලින් වෙන්නේ මොකක්ද කියලා මට හිතා ගත්ත හැකි .
ජපානයේ තල්මස් දඩයම මුළු ලෝකයම එරෙහි වුනත් නවත්වන්නේ නෑ. ඒ ඔවුන්ගේ සංස්කෘතියේ ආහාර වලට තල්මසුන්ගේ මස් යොදා ගන්න නිසා. ඔවුන්ගේ තර්කය ජපානයේ මහජන සංස්කෘතිය ආරක්ෂා කරගැනීමට ජපන් රජයට වගකීමක් ඇති බවයි. මේ සතුන් මසට ඝාතනය කරන්නේ නෑ. කිසිවෙකුටත් කරදරයක් නොවීමට පුහුණු කර, සංස්කෘතිකාංගයක් රැක ගැනීම වෙනුවෙනුයි ඔවුන්ව යොදා ගන්නේ. රජයට අලි ඇතුන් රැක ගැනීමට අවශ්‍යනම් දිනපතා මරණ මැරෙන වන අලි මුලින්ම ආරක්ෂා කලයුතුයි. එසේම සිංහල සංස්කෘතිකාංග වලට අවශ්‍ය සතුන් යොදා ගැනීමට පහසුකම් සැලසිය යුතුයි.
පිස්සෝ ටිකක්. දෙවියෝ ඇත්ගොව්වොද අලි නිදහස් කරන්න
කපු මහත්වරු කියන්නේ අන්‍යන්ට උපකාර අය කියල අපි හිතුවට, එයාලත් කරන්නේ රස්සාවක් කියල දැන් තේරෙනවා
අලි ඇතුනට හිංසා පීඩාවන ආකාරයෙන් තබාගනිමින් වැඩ ගැනීම අකුශල කර්මයක් වගේම එහි අනිටු විපාකය ඔවුනට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ගොන්නු පසුපස එන කරත්ත රෝදය වගේ. එවගේම සත්ත්ව කරුණාව කියලා දේවාල ගානේ ගිහිල්ලා පොල් ගහලා ඒවා වලක්වන්න පුළුවන්‍ය කියන මිත්‍යාදෘෂ්ඨික මතයේ සිට ඒ අනුව ඔවැනි කර්ම කරලා එය වලක්වන්න බැහැ. ඒ සතුන් ගෙවන්නෙත් කර්ම විපාකයක්. එයින් අතමුදවන්න සමත් දෙවියෙක් මේ තුන් ලෝකයේ නැහැ. සකල ලෝක සත්ත්වය සසර කතරින් මුදවාගන්න විසි අසංඛෙය්ය කල්පලක්ෂයක් පෙරුම් පුරාගෙන පැමිණි බුදුරජාණන්වහන්සේත් දේශනා කලේ " දිව්‍යලෝකයට එක්ක යන්නවත්, අපායෙන් බේරාගන්නවත් බැහැ තථාගතවරු මාර්ගය පෙන්වනෝ පමණක් " යනුවෙනි. මෙය මෝහ මූලික තද බල අකුශල කර්මයක් එහි විපාකය අනිටුයි. සත්තව කරුණාව මුල් කරගත්තත් මෙහි දී පැන නගින්නේ මෝහය වගේම ද්වේෂය. හැකිනම් කල්‍යාණ මිතුරු උතුමන්ගෙන් විමසා තහවුරු කරගන්න. මේ පිරිස අතර වැඩිදෙනාගේ උප්පැන්න සහතිකවල තිබෙන්නේ බෞද්ධ කියලා ඔබගේ බෞද්ධ කම රැකගන්න එසේ නොවුනොත් විපාකය විඳින්නවෙන්නේ ඔබටමයි.
අඩුම තරමේ සාමාන්‍ය දැනීම තිබුණානම්... මේ තරම් පොල් ගණන් කාලේ ඔය පොල්ටික අහිංසක පවුල් කිහිපයකට දුන්නානම් කීදෙනෙකුගේ කුසගිනි නිවේවිද, ඒ අය මොනතරම් පින්දේවිද..!
කලිනුත් ඔය එක එක කාරණා අල්ලාගෙන උද්ඝෝෂණ කර දේවාල ගානේ ගොස් පොල් ගහපු බව අපි කවුරුත් හොඳට දැක්කා. නමුත් මොකක්ද ලැබුන ප්‍රථිපලය ? මෙවැනි මාධ්‍ය සංදර්ශන තුලින් තමන්ගේ නුගත්කම් හා මෝඩකමත් ප්‍රදර්ශනය කෙරෙන අතර, ඵල රහිත නිසා මහජනතාව තුල දෙවියන් කෙරෙහි ඇති ගෞරවය, භක්තිය නැතිවෙලා යනවා.
අපි හිතාගත්තට දෙවියන් සමග හිටියට අපිට වගේම ඒ අයටත් දෙවියන්ගෙන් වැඩක් කරගන්න අමාරු යි .