IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හපුතලේදී මෝටර් රියක් ගිනිගනී

(ඡායාරූප - හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)

හපුතලේ පහළ විහාරගල ප්‍රදේශයේ අද (23) පස්වරුවේදී නිකපොත සිට බෙරගල දක්වා ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන මුළුමණින්ම විනාශ වී තිබේ.  

ප්‍රංශ ජාතික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මෙහි ගමන්කර තිබූ අතර, ගිනිගැනීමත් සමග රථයෙන් එළියට බැස දිවි බේරාගෙන ඇත.

හපුතලේ පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (11)

හපුතලේදී මෝටර් රියක් ගිනිගනී

upali Saturday, 23 September 2017 05:19 PM

පරණ හුචක්කුවක්නේ..!!

:       96       3

sam Saturday, 23 September 2017 09:40 PM

මේකේ භෂ්මාවශේෂ දිහා බලපුවාම පේන්නේ 1975-82 පමණ කාලයේ නිෂ්පාදනය කල Datsun බී 160, 180 හෝ 200 වර්ගයේ කාර් එකක් වගෙයි . ගිනි ගත්ත එක ගැන නොවෙයි , මෙපමණ කලක් මේවා ධාවනය වුන එක ගැනයි මටනම් පුදුම .

:       109       103

ruchi Sunday, 24 September 2017 08:08 AM

අසරණ කෙනෙක් ගේ වාහනයක්..... සල්ලි තියනවනම් මේවා පදින්නේ නැහැනේ. තර්ඩ් පාර්ටියේ රක්ෂණයක් නම් අලාබය අහිංසකයටම දරාගන්න වෙයි.

:       0       156

janatha anura Sunday, 24 September 2017 08:14 AM

පරණ හුචක්කුත් හොදට දුවනවා රාත්‍රී කාලයේ මීයන් කා දැමු වයර් වලින් විදුලි කාන්දු වීමක්... ඉන්දන ලීක් එකක්.... වතුර නැති වීමක්.... එහි අවර පෙති වැඩ නොකිරීමක්..... ධාවනයෙන් ඉවත් කළයුතු රථය ඉබේම ඉවත් වී ඇත.... යුවලට දෙවි පිහිටයි.....

:       189       151

ධම්ම Sunday, 24 September 2017 08:57 AM

ක්ෂණිකවම වූ දෙයක් කියලා කියන්න බැහැ. හොඳට පාරෙන් අයින්කරලා නතරකරලා තියෙන්නේ....

:       17       3

Terrance Sunday, 24 September 2017 11:03 PM

වාහනේ ගිය කාටවත් කරදයක් උනේ නැති එක ලොකු දෙයක්.

:       0       32

nishantha Monday, 25 September 2017 02:24 AM

මේකේ අදහස් දාල ඇති මහත්වරු හිතන් ඉන්නේ පරණ වාහන පාවිච්චි කරන්නේ දුප්පත් අය විතරයි කියල, අනික ඒ අය වාහන පාවිච්චි කරනවද කියලත් සැකයි. කෙනෙක්ගේ අනතුරේදී තමන්ගේ වන්ශේ කබල් නොගහ හිටියනම් හොඳයි නේද? තමන්ට උනානම් ?? (දුපත් මානසිකත්වය )

:       0       57

jayath Monday, 25 September 2017 02:28 AM

ජයන්ත මහත්තය දන්නා දෙයක් ගැන ලියන්න කාර් වල කොහෙද මහත්තයෝ අවරපෙති තියෙන්නේ , ඔයා ඔය අවර පෙත්ත කියල හිතාගෙන ඉන්න සිසිලන පංකාව වැඩ නොකර ගියාම ඔය වගේ ගිනි ගන්න වාහන මේ ලෝකේ නැහැ ! විදුලි පද්දතිය හදන අපේ රටේ සමහර " මක බාස්ල " විලායක හරියට යොදන්නෙම නැහැ මේක මම පුද්ගලිකවම දකින දෙයක් එහෙම වෙලාවක ගිනිගන්න පුළුවන් ඉන්දන කාන්දුවකුත් හිතන්න පුළුවන් නමුත් මේ මොඩල් එකේ එහෙම දෙයක් වෙන්න තියන හැකියාව ඉතාම අඩුයි අනික මේක පරණ හුචක්කුවක් කියල අවමන් කරන්න එපා මනුස්සයෙක් වහනයක් ගන්නේ තමන්ට පුළුවන් එකක් .ඔයා ළඟ වහනයක් තියනවනම් එක මොකද්ද ? ඕනම දෙයක් සාපේක්ෂයි බෙන්ස් එස් 400 එකක් එක්ක සසඳලා බලන්න ඔයාගේ වාහනේ එතකොට ඔයාගේ ලදරම හුච්ක්කුවක් ! මේකේ කොටන්න කලින් මනුස්ස කම ගැන හිතන්න අන්තිමට කියපු ටික අර සෑම් මහත්තයටත් අදාලයි .රුචි ඔබට මගේ ආචාරය

:       0       76

shan saudi Monday, 25 September 2017 04:22 AM

අපේ රටේ ඉන්න සමහරු තමන්ට නැති දේ අනෙක් අයෙක් පාවිචි කරනවට ඉරිසියයි..... එක මේ කියන කතා වලින් හොඳින් පැහැදිලි වෙනවා. මට කියන්න යමක් තියනවා මේක ජනතාවට බලෙන් ඇතුළත් කරන්න වෙලා තියෙන දෙයක් අපේ රටේ තියන රක්ෂණ ආයතන හා රජය මේ ගැන හොදින් අවබෝධ කරගන්න ඕනේ එමෙන්ම මෙය ඉක්මනින් හා තදින්ම ක්‍රියාවට නැංවිය යුතුයි... මන්ද අප රටේ භාවිතා කරන කිසිම වාහනයක ආරක්ෂණ ගිනිනිවීමේ උපකරණයක් ( fire extinguisher ) නෑ.. මේ නිසා හදිසියේ ඇතිවන කුඩා ගින්නක් පවා නිවා ගැනීමට පිළිවෙතක් නැති කමින් විශාල විනාසයක් දක්වා පත්වෙනවා. මෙය රටේ සියලුම වාහන රක්ෂණය කිරීමේදී අනිවාර්ය කලයුතු වනවා... තවද සෑම රක්ෂණ අලුත් කිරීමකදීම එය පරික්ෂා කලයුතු සේම පොලිසිය මගින් රක්ෂණාවරණ පරික්ෂා කරද්දී ද මෙය ගැන අවදානය යොමු කරන්න ඕනේ නැත්නම් වෙන කෙනෙක්ගේ එකක් හෝ දින කට දෙකකට කුලියට ලබා ගත එකක් මගින් රක්ෂණය කරගන්නවා මේගැන රජය හා රක්ෂණ ආයතන අවදානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි....

:       0       31

jayath Monday, 25 September 2017 08:27 AM

ශාන් ඒ ඔය රටේ මේ රටේ ඉන්න හුඟක් ඉන්ෂුවරන්ස් අය ඒක දමන කොට රටේ තියන ඔක්කොම ආවරණ දමනවා. වෙන එකක් තියා ගංවතුර ආවරණ කියල එකකුත් දමනවා. මම නම් කිව්වා මගේ එක ගංවතුරේ යන්න බෝට්ටුවක් නෙමෙයි කාර් එකක් කියලා! වැඩේ තියෙන්නේ ඕවා ගන්න ගියාම තමයි දාහක් දේවල් කියලා පුළුවන් තරම් අවමයම තමයි දෙන්නේ...

:       0       2

shan saudi Monday, 25 September 2017 11:06 AM

ජයත් මේක අාවරණයක් නෙවේ. රක්ෂණයක් ගන්න වාහනයක තිබිය යුතු හා රථයේ හිමිකරු විසින් සම්පුර්ණ කලයුතු රථයේ ආරක්ෂාව සඳහා තබා ගන්නා උපකරණයක්.... ඔය කියන විදිහට වැරදි බෝට්ටුවක් වෙන්න ඕනේ නෑ. ඒක ගන්න ඒ ආවරණය ගැන ඔබට වැටහේවි ඔබේ වාහනය යම් දිනක ගංවතුරකට හසුවී අනතුරකට ලක්වුණ දාට යම් හෙයකින් මාර්ගයේ යනවිට රථය ගංවතුරකට අසු වුවහොත් එහිදී සිදුවන අලාභය ගන්න මේවා යොදන්නේ මෙන්ම යුධ හා කැරලි යන ආවරණ යොදන්නේ යුද්ධ ටැංකියක් නිසා නෙවේනේ.... ඇතිවන අනතුරේදී රක්ෂණාවරණය ලබාගන්න අපි යමක් කරනකොට අවබෝධයෙන් කරන්න ඕනේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 358 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site