IMG-LOGO

හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව විශාඛාවෙන්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (aat) එක්ව සංවිදානය කළ ‘වසරේ හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව’ ඉදිරිපත් කළ පාසල තේරීමේ සමස්ත ලංකා තරගාවලියේ සම්මාන ප්‍රධානය  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද(23) පැවැත්විණි.

මෙහිදී 2017 වසරේ හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව ඉදිරිපත් කළ පාසලට හිමි රන් සම්මානය කොළඹ විශාඛා විද්‍යාලයට හිමි වූ අතර රිදී සම්මානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයටත්, ලෝකඩ සම්මානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයටත් හිමි විය. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි , ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සභාපති ජේ.එම්.යු.බී.ජයසේකර , ලේකම් ඉන්ද්‍රක පී.ලියනගේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වුහ.

 



අදහස් (11)

හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව විශාඛාවෙන්

නුමා Monday, 23 October 2017 07:23 AM

ඈ බොලව්, කොයි ගිණුම් වාර්ථාවත් හරියට පියවල පෙන්නන්න ඕනෑ නැතිද? හොඳම එක කියන්නේ, හොරකම්, අයථා වැඩ අඩුම එක කියන එකද? ඔය උත්සවය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයේ වාර්තාවත් බැලුවා නම්.

:       77       353

RaveendraMonday, 23 October 2017 02:55 PM

නුමා මෙනෙවිය- මහත්මිය වෙත, ඔබගේ නිවරදි අදහස් වලට අපද එකතු වන්නෙමු. හොදම වාර්තාව යනු වංචා උපරිමයෙන් තිබුණත් නොතිබුණා සේ සකසන ලද වාර්තාවලට වියහැක. කෙසේවෙතත් නුදුරු අනාගතයේ දී දියවන්නා ඔය මඩගොහොරේ සිටින තේරීමේ තරගයක් අප සැමට දැකගත හැකිවේ.

:       0       132

Kandepola Monday, 23 October 2017 09:03 AM

යකෝ මේක මාර කෙළියක්නේ. අපේ තුට්ටු දෙක මොනවා හරි කාබාසිනියා දේකට වියදම් කරනකන් මේ අයට නින්ද යන්නේ නෑනේ. ගිණුම් වාර්තාවේ ආයේ මොනවද හොඳම එක තෝරන්නේ. හැම ගිණුම් වාර්තාවක්ම හරි වෙන්න එපැයි. පාසල්වල දරුවන්ගේ විවිධප්‍රසංග ලොකු ශාලාවල අධික මිලගණන් ගෙවලා ගන්න එක තහනම් කරපු ඇමති මේ කරලා තියෙන්නේ හොඳ වැඩක් වෙන්න ඇති. අනේ මෙහෙමත් රටක්.

:       1       146

දුමින්ද Monday, 23 October 2017 09:20 AM

මේ අයට පිස්සු. වැඩ නැතිකමට පිස්සු කෙලිනවා.

:       1       181

rama Monday, 23 October 2017 09:27 AM

හොඳම වාර්තාව කියන්නේ අකුරු ලස්සන අඩුම පිටු ගණනකින් හදපු වාර්තාව.

:       1       78

රොහාන් දයාදර පැරිස් ...!!! Monday, 23 October 2017 09:37 AM

ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමනි, එස්.ඩබ්ලිවු.ඩබ්ලිවු. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය, ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්වය, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කාර්මික අභ්‍යාස විද්‍යායාල, තරුණසේවා සහ‍ යොවුන් පෙරමුණු හදුන්වාදී දැරුවේ හා රට පෝෂණය කළා. ඔබතුමාගේ සුරතේ ඒ බැටන් එක ඇත. 45 ලක්ෂයක් දරුවෝ ඔබේ සෙවනේ. මේ ඔබතුමාගේ අවස්ථාවයි නිසිලෙස කාරිය සිදුවුවොත් අනාගත රටේ නායකයා වීමේ සුදුසුකම රටේ ජනතාව තීන්දු කරනු නියතයි. මෙය අභියෝගයක් ඔබට ජයගතහැක. රටේ අනාගතය බාරගන්න පොරුම්පුරන දරුවන්ගේ අනාගතය තමයි රටේ අනාගතය දැන් ඔබතුමා සුරතේ අපි දෑස් පහන් දල්වා බලා සිටිමු. රොහාන් දයාදර පැරිස් ...!!!

:       20       34

ROHAN dayadara paris Monday, 23 October 2017 09:40 AM

ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇමති තුමනි. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්වය, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කාර්මික අභ්‍යාස විද්‍යාල, තරුණසේවා සභා යොවුන් පෙරමුණු හඳුන්වාදී දැරුවේ හා රට පෝෂණය කළා ඔබ තුමාගේ සුරතේ ඒ බැටන් එක ඇත. 45 ලක්ෂයක් දැරුවේ ඔබේ සෙවනේ මේ ඔබතුමාගේ අවස්ථාවයි. රටේ අනාගතය බාරගන්න පෙරුම්පුරන දරුවන්ගේ අනාගතය තමයි රටේ අනාගතය... දැන් ඔබතුමා සුරතේ අපි දෑස් පහන් දල්වා බලා සිටිමු.

:       6       12

Rohan Dayabara මෝදරMonday, 23 October 2017 02:52 PM

ඇයි විහිළු කරන්නේ? රනිල් කවදාවත් නොකරපු දේ දාලා බොරු කියන්නෙ ඇයි? බණ්ඩාරනායක මධ්‍යම මහා විද්‍යාල පද්ධතිය දියුණුව කරා, සිරිමාවෝගේ ආණ්ඩුව දිස්ත්‍රික් කෝටා ක්‍රමය ඇති කරලා දුෂ්කර පළාත්වලින් යුනිවර්සිටියට ගත්තා ළමයින්, ජේ.ආර්. නොමිලේ පොත් දුන්නා. ප්‍රේමදාස ඇඳුම් දුන්නා. රනිල් කරපු දේ ඉංග්‍රිසියෙන් කියන්නේ "ෂුඩ් ඕල් නතිං" කියලා. කරපු දෙයක් නැහැ. එකඑක්කෙනා රනිල්ට එක එක ක්‍රෙඩිට් දෙන්න හදනවා. එක්කෙනෙක් කියනවා විද්‍යා පීඨ දැම්මෙත් රනිල් කියලා. එ් කොහොම වුණත්, මේ තෑගී දෙන එක පට්ට විකාරයක්. ආණ්ඩුවේ ඉස්කෝලවල මොනවාද ගිණුම්? ගුරු පඩි ගෙවන්නේ ආණ්ඩුවෙන් ගුරුවරුන්ට කෙලින්ම. මේ ගොල්ලන්ට තියෙන්නේ පහසුකම් ගාස්තු ටික එකතු කරලා කළු ලෑල්ලේ ලියන්න චෝක් ගන්න එක විතරයි. පට්ට නාඩගම්.

:       1       1

Ravi Monday, 23 October 2017 07:39 PM

ගිණුම්කරණය හෝ විගණනය හදාරලානැති නම් මේ ගැන වැටහීමක් නැහැ. ගිණුම් වාර්තාවක ප්‍රමිතිය , අදාළ නීති රීති අනුව සකස් වීම , නිවැරදි බව, මනාව ඉදිරිපත් කිරීම ආදී කරුණු රැසක් මෙවැනි තේරීමකදී සලකනවා. ලංකාවේ වාණිජ ආයතන අතරෙත් වාර්ෂිකව මෙවැනි තේරීම් වෙනවා. බැංකු , පුද්ගලික ආයතන ඊට අයත් වෙනවා . සමහරුන්ට හැම දේටම දේශපාලනය ගාවා ගන්න ගියාම ඔක්කොම පැටලෙනවා.

:       0       1

naradha Monday, 23 October 2017 08:34 PM

එතකොට හොඳ නැති ගිණුම් වාර්තාත් තිබෙනවද?

:       0       0

janatha anura Tuesday, 24 October 2017 07:34 AM

සියලුම කතෝලික පාසල් වල ගුරුවරුන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවන්න අවස්ථාව සලසා දුන්නේ රනිල් මැතිතුමා නමුත් එම පාසල් ස්වාධීනව කටයුතු කරන්නේ, රජයේ චක්‍ර ලේඛන අනුවද ? අනෙකුත් පාසල් වලටත් එම අවස්ථාව දියයුතු නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1425 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site