(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (aat) එක්ව සංවිදානය කළ ‘වසරේ හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව’ ඉදිරිපත් කළ පාසල තේරීමේ සමස්ත ලංකා තරගාවලියේ සම්මාන ප්‍රධානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද(23) පැවැත්විණි.
මෙහිදී 2017 වසරේ හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව ඉදිරිපත් කළ පාසලට හිමි රන් සම්මානය කොළඹ විශාඛා විද්‍යාලයට හිමි වූ අතර රිදී සම්මානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයටත්, ලෝකඩ සම්මානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයටත් හිමි විය. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි , ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සභාපති ජේ.එම්.යු.බී.ජයසේකර , ලේකම් ඉන්ද්‍රක පී.ලියනගේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈ බොලව්, කොයි ගිණුම් වාර්ථාවත් හරියට පියවල පෙන්නන්න ඕනෑ නැතිද? හොඳම එක කියන්නේ, හොරකම්, අයථා වැඩ අඩුම එක කියන එකද? ඔය උත්සවය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයේ වාර්තාවත් බැලුවා නම්.
යකෝ මේක මාර කෙළියක්නේ. අපේ තුට්ටු දෙක මොනවා හරි කාබාසිනියා දේකට වියදම් කරනකන් මේ අයට නින්ද යන්නේ නෑනේ. ගිණුම් වාර්තාවේ ආයේ මොනවද හොඳම එක තෝරන්නේ. හැම ගිණුම් වාර්තාවක්ම හරි වෙන්න එපැයි. පාසල්වල දරුවන්ගේ විවිධප්‍රසංග ලොකු ශාලාවල අධික මිලගණන් ගෙවලා ගන්න එක තහනම් කරපු ඇමති මේ කරලා තියෙන්නේ හොඳ වැඩක් වෙන්න ඇති. අනේ මෙහෙමත් රටක්.
මේ අයට පිස්සු. වැඩ නැතිකමට පිස්සු කෙලිනවා.
හොඳම වාර්තාව කියන්නේ අකුරු ලස්සන අඩුම පිටු ගණනකින් හදපු වාර්තාව.
ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමනි, එස්.ඩබ්ලිවු.ඩබ්ලිවු. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය, ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්වය, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කාර්මික අභ්‍යාස විද්‍යායාල, තරුණසේවා සහ යොවුන් පෙරමුණු හදුන්වාදී දැරුවේ හා රට පෝෂණය කළා. ඔබතුමාගේ සුරතේ ඒ බැටන් එක ඇත. 45 ලක්ෂයක් දරුවෝ ඔබේ සෙවනේ. මේ ඔබතුමාගේ අවස්ථාවයි නිසිලෙස කාරිය සිදුවුවොත් අනාගත රටේ නායකයා වීමේ සුදුසුකම රටේ ජනතාව තීන්දු කරනු නියතයි. මෙය අභියෝගයක් ඔබට ජයගතහැක. රටේ අනාගතය බාරගන්න පොරුම්පුරන දරුවන්ගේ අනාගතය තමයි රටේ අනාගතය දැන් ඔබතුමා සුරතේ අපි දෑස් පහන් දල්වා බලා සිටිමු. රොහාන් දයාදර පැරිස් ...!!!
ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇමති තුමනි. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්වය, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කාර්මික අභ්‍යාස විද්‍යාල, තරුණසේවා සභා යොවුන් පෙරමුණු හඳුන්වාදී දැරුවේ හා රට පෝෂණය කළා ඔබ තුමාගේ සුරතේ ඒ බැටන් එක ඇත. 45 ලක්ෂයක් දැරුවේ ඔබේ සෙවනේ මේ ඔබතුමාගේ අවස්ථාවයි. රටේ අනාගතය බාරගන්න පෙරුම්පුරන දරුවන්ගේ අනාගතය තමයි රටේ අනාගතය... දැන් ඔබතුමා සුරතේ අපි දෑස් පහන් දල්වා බලා සිටිමු.
ගිණුම්කරණය හෝ විගණනය හදාරලානැති නම් මේ ගැන වැටහීමක් නැහැ. ගිණුම් වාර්තාවක ප්‍රමිතිය , අදාළ නීති රීති අනුව සකස් වීම , නිවැරදි බව, මනාව ඉදිරිපත් කිරීම ආදී කරුණු රැසක් මෙවැනි තේරීමකදී සලකනවා. ලංකාවේ වාණිජ ආයතන අතරෙත් වාර්ෂිකව මෙවැනි තේරීම් වෙනවා. බැංකු , පුද්ගලික ආයතන ඊට අයත් වෙනවා . සමහරුන්ට හැම දේටම දේශපාලනය ගාවා ගන්න ගියාම ඔක්කොම පැටලෙනවා.
එතකොට හොඳ නැති ගිණුම් වාර්තාත් තිබෙනවද?
සියලුම කතෝලික පාසල් වල ගුරුවරුන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවන්න අවස්ථාව සලසා දුන්නේ රනිල් මැතිතුමා නමුත් එම පාසල් ස්වාධීනව කටයුතු කරන්නේ, රජයේ චක්‍ර ලේඛන අනුවද ? අනෙකුත් පාසල් වලටත් එම අවස්ථාව දියයුතු නොවේද?