
(ටී.කේ.ජී.කපිල)
ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
මෙම ගුවන් යානය තුළ එරට සංචාරක ගුවන් මගීන් 125 දෙනෙක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙක් සිටියහ.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් ඉතා උසස් ආකාරයෙන් පිළිගැනීම සිදු කෙරුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය, සුද්දන්ව නම් පිළි ගන්නේ බඩ පිනුම් ගහල නේද? අර මදපෙරදිග සිට මාස්පතා ලංකාවට මුදල් එවන කාන්තාවන්ව රවලයි පලි ගන්නේ? අනේ මෙහෙමත් ගොබ්බ ජාතියක්. එක අතකට අර ස්විට්සර්ලන්තය වගේ රටක මිනිස්සුන්ට පිස්සුද, අච්චර, ඒ රට වටේටම ලස්සන රටවල් තියෙද්දී, මේ නරාවලට සංචාරේට එන්න.. ලංකාවේ හෝටල් කාරයෝ කොවිඩ් කාලේ මොනතරම් මුදලක් ගසා කෑවද අසරණ ශ්‍රී ලාංකිකයින්ගෙන්
මට ගොඩක් සතුටුයි, සුභ පැතුම්
මුන්ට පිස්සුද ?තෙල් නැවක් ආවම ඒක පිළිගන්නේ බෙරගහලා දාලා.වැක්සින් අරන් ප්ලේන් එකක් ආවම ඒකත් එහෙමයි.සුද්දෝ එක්ක ප්ලේන් ආවමත් ඒකම කරනවා.මල විකාර නේ මේවා
මේ තනිකරම සුදු හමට තියෙන වහල්කම තමයි. කලුහම තියෙන කෙනෙක් හරි අපේම ලංකාවේ කෙනෙක් හරි විදේශීය පාස්පෝට් එකකින් ආවත් සත පහකට ගණන් ගන්නේ නෑ...