(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීහු අද(25) බදුල්ල නගරයේ දී උද්ඝෝෂණයක් කළහ.
විශ්‍රාම වැටුප් සහ ස්ථිර පත්වීම් ලිපි ලබා දෙන ලෙසත් ,රුපියල් 10000 දීමනාව ,මෙන්ම අනෙකුන් දීමනාවන් ලබා දෙන ලෙසත්, සහනාධාර කප්පාදු නොකරන ලෙසත් ආදි ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් බදුල්ල විල්ස් පාක් පිට්ටනිය අසල සිට විවිධ පුවරු අතැතිව විරෝධතා පාගමනකින් ඌව පළාත් සභාව ඉදිරිපිටට පැමිණ ඔවුහු උද්ඝෝෂණය කළහ.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය සංවිධානය කළ මෙම උද්ශොෂනයට සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සංගමයේ සභාපති කිත්සිරි ගමගේ, ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඇස්.එ. ඩී. ජගත් කුමාර, නියොජ්‍ය සභාපති අනිල් මහින්ද සෙනෙවිරත්න ඇතුළු පිරිසක් එක්වූහ.




2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධි සංවර්ධන නිලධාරීහු බදුල්ලේ උද්ඝෝෂණයක
ase Wednesday, 25 October 2017 09:55 AM
මේ උද්ඝෝෂණය කාගෙන් කාටද? දන්නේ නැති නිසයි අහන්නේ?
rohana Wednesday, 25 October 2017 01:02 PM
මේ ගොල්ලෝ මේ රටට කරන්නේ මොනවද දන්නේ නැහැ. අනේ මන්ද අපි යුතුකම් ඉෂ්ට කරලා ඕන අයිතිවාසිකම් ඉල්ලන්න. අපේ රටේ එහෙම අය ඉන්නවද කියල සැකයක් නම් තියෙනවා.