(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීහු අද(25) බදුල්ල නගරයේ දී උද්ඝෝෂණයක් කළහ.
විශ්‍රාම වැටුප් සහ ස්ථිර පත්වීම් ලිපි ලබා දෙන ලෙසත් ,රුපියල් 10000 දීමනාව ,මෙන්ම අනෙකුන් දීමනාවන් ලබා දෙන ලෙසත්, සහනාධාර කප්පාදු නොකරන ලෙසත් ආදි ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් බදුල්ල විල්ස් පාක් පිට්ටනිය අසල සිට විවිධ පුවරු අතැතිව විරෝධතා පාගමනකින් ඌව පළාත් සභාව ඉදිරිපිටට පැමිණ ඔවුහු උද්ඝෝෂණය කළහ.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය සංවිධානය කළ මෙම උද්ශොෂනයට සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සංගමයේ සභාපති කිත්සිරි ගමගේ, ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඇස්.එ. ඩී. ජගත් කුමාර, නියොජ්‍ය සභාපති අනිල් මහින්ද සෙනෙවිරත්න ඇතුළු පිරිසක් එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උද්ඝෝෂණය කාගෙන් කාටද? දන්නේ නැති නිසයි අහන්නේ?
මේ ගොල්ලෝ මේ රටට කරන්නේ මොනවද දන්නේ නැහැ. අනේ මන්ද අපි යුතුකම් ඉෂ්ට කරලා ඕන අයිතිවාසිකම් ඉල්ලන්න. අපේ රටේ එහෙම අය ඉන්නවද කියල සැකයක් නම් තියෙනවා.