ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් ඛට්ටක් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (20) අක්තපත්‍ර ප්‍රදානය කළේය.
අක්තපත්‍ර බාර දීමෙන් අනතුරුව මහ කොමසාරිස්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදි ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා ජනතාවට පාකිස්තාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පිරිනැමීය.
දෙරටේ සහෝදර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ පාකිස්තාන අභිලාෂ ගැන ද ඔහු එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය.
මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගත් ජනාධිපතිවරයා ඔහුට සාර්ථක ධූර කාලයක් සඳහා සුබ පැතුම් එක් කළේය.
විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් ඛට්ටක් මහතා පාකිස්තානය තුළත් ඉන් පිටත් විවිධ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු හොබවා ඇති අතර වසර 35ක වෘත්තීය පළපුරුද්දක් ඇත්තෙකි.
හෙතෙම ප්‍රංශ හමුදාවේ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලව, එක්සත් රාජධානියේ ආරක්ෂක බුද්ධි අධ්‍යක්ෂ පාඨමාලාවත් හදාරා ඇති අතර ක්වේටා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් සහ ඉස්ලාමාබාද් හි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් උපාධි හදාරා ඇත.
ඔහු දේශපාලන විද්‍යාව සහ යුද අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හා ජාත්‍යන්තර සබඳා පිළිබඳ දර්ශනපති උපාධියක් ද හිමි කරගෙන ඇත.
අක්තපත්‍ර බාරදීමේ අවස්ථාවට විදේශ සබඳතා දිනේෂ් ගුණවර්ධන සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ නව මහ කොමසාරිස්වරයාගේ බිරිඳ ද එක්වූහ.
055

2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාරදෙයි