
(ධම්මිකා බාලසූරිය)
පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිකම ඉල්ලා එම විහාරස්ථානයේ හිමිනමක ගසකට නැග පැය 8 ක උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි.
පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහිදි උහන්ගොඩ ශ්‍රී රතනසාරාභිධාන හිමිපාණන්ගේ අභාවයෙන් පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මිරිහානේගම සුමනසිරි හිමියන්ට පවරාදීමට මල්වතු අස්ගිරි විහාරස්ථානය මගින් දැනුම් දී තිබේ.
අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ තවත් ගෝල හිමිනමක් වන ගලගෙදර විපුලසාර හිමියන් තමන්ට විහාරස්ථානයේ විහාරාධිපතිකම තමන්ට ලබා දෙන්න යැයි බල කරමින් හලාවත , කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හිරිපොකුණ ප්‍රදේශයේ ගසක් උඩට නැගී පැය අටකට වැඩි කාලයක් උපවාසයක නිරත විය.
විහාරාධිපතිකම හිමිවූ මිරිහානේගම සුමනසිරි හිමිපාණන් මෙම විහාරස්ථානයේ වාසය කළ අතර ගලගෙදර විපුලසාර හිමිපාණන්ද විහාරස්ථානයේ වාසය කර ඇත.
ගලගෙදර විපුලසාර හිමිපාණන් නිරන්තර ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ දරන බව හෙට්ටිපොල පොලිසියට කිහිප අවස්ථාවකදීම පැමිණිලි ලැබීම ඇති අතර මාසයකට වැඩි කලක් විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදුවිය.
විහාරස්ථානයට ලබාදෙන පොලිස් ආරක්ෂාව ඉවත්කර, විහාරස්ථානයේ බලය තමා වෙත පවරන වගකිව යුත්තන්ට බල කරමින් විපුලසාර හිමිනම ගසකට නැගී පැය ගණනාවක් උපවාසයේ නිරත විය.
ගලගෙදර විපුලසාර හිමිනම දුරකතනය රැගෙන ගසට නැග තිබූ අතර ගසකට නැගීමට හේතුව කවරේදැයි එම හිමිනමගෙන් දුරකතනයෙන් විමසූ අතර උන් වහන්සේ පැවැසූවේෙ තමාට හිමි විහාරාධිපතිකම වෙනත් හිමිනමක් උදුරා ගන්නට උත්සාහ දරන බවත්, එම හිමිනමගේ ඉල්ලීමට යොදවා ඇති පොලිස් ආරක්ෂාව ඉවත් කරනතුරැත් තමා ගස තුල උපවාසයේ යෙදෙන බවත් එම හිමිනම පැවසීය.
උපවාසයේ යෙදෙන හිමිනමගේ ක්‍රියාකාරීත්වය යහපත් තත්ත්වයක නොවන බවට පොලිසිය වෙත පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති හෙයින් සාමය ආරක්ෂා කිරීම පිණිස පොලිස් නිලධාරීන් යෙදවීමට සිදුව ඇති බව හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ඡායා කුමාරසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.
පැය අටකට පමණ පසුව හිමිනම ගහෙන් බිමට බැස්ස අතර ගිලන් රථයකින් හෙට්ටිපොල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට පියවර ගැනිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්තරය කියලා නඩුවක් ගොනුකෙරුවා නම්... කිසි ප්‍රශ්නයක් නැතුව ලැබෙනවානේ...!
බුදුදහමත් විනාශයි මේ වගේ අය නිසා...
(1 කොටස ) අවුරුදු 5 කට පමණ පෙරදී සිදුවුන සිදුවීමක් මම මේ කියන්න යන්නේ ... මගේ පියා මියගොස් අවුරුදු 7 වෙන්න ආසන්නවෙද්දී මගේ බලවත් ඇවිටිල්ල මත මගේ ඉතාම හිතවත් මිත්‍රයෙක් වෙහෙසුනා " සිල්වත් හිමිවරු " වැඩවසන " දුප්පත් " පන්සලක් සෙවීමට "දානයක්" පිරිනමන්න. පන්සලක් හමුවුනා ..කොළඹින් ගොඩාක් ඈත ..දුප්පත් පලාතක ..( ඒ පන්සලේ නායක ස්වාමින්වහන්සේගේ දැඩි ඉල්ලිමනිසා පන්සලේ නම සඳහන් නොකරමි ) මිත්‍රයාගෙන් ලැබුන තොරතුරු අනුව.. ඇත්තටම ඒ පන්සලේ සිටින හිමිවරුන්ට තේ ටිකක්වත් බිමට සිනි තිබිලා නැහැ එදා.අපි තීරණය කළා එක වේලක දානයක් වෙනුවට පන්සලට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනියන්න.ඉතින් අපි පන්සලට නොදන්වාම හාල්, පොල්,තේකොල,කෝපි කුඩු, සිනි ,පරිප්පු ,පාන් පිටි ..වැනි වියලි ආහාර සෑහෙන ප්‍රමාණයකුත් පැරසිටමෝල්,ප්ලාස්ටර්,..වැනි ද්‍රව්‍යයත් අටපිරිකර 5 කුත් රැගෙන පාන්දරින්ම පිටත්වුනා ..දවල් 11 විතර වෙනකොට අපි පන්සලට යනවිටත් ලොකු හාමුදුරුවෝ උන්වහන්සේගේ ඉරුණ සිවුරක් මහමින් හිටියේ.ඒ සිවුරත් ගොඩාක් පරණ එකක් බව දුටු ගමන් පැහැදිලිවුනා.ගොඩාක් වයසක හාමුදුරු නමක් වුනත් උන්වහන්සේගේ දෑස් හරිම ප්‍රාණවත්. ( 2 කොටසට )
ගහේ සාදු...!
( 2 කොටස ) අපි ගෙනගිය දේවල් සියල්ලම උන්වහන්සේලා පින් දීලා පිළිගත්තා.ගොඩාක් ස්තුතිකලා. පන්සලේ හිටපු කුඩා හිමිනමක් අප සමග රහසෙන් මෙන් කිව කතාවෙන් අප සෑම උඩසිට බිමට අතහැරියක් මෙන් වුනා. " පෙරේදා දවසටම අපට ආහාර ලැබුණනැහැ ..ඒවගේම හාල් ටිකක්වත් තිබුනේ නැහැ උයාගන්නවත්.පාන් ගෙඩියක් තිබුනා, අපි ඒක 5 ට බෙදාගෙන කෑව. පන්සලේ බල්ලෝ දෙන්නත් බඩගින්නේ..අපි දැක්කා ලොකු හාමුදුරුවෝ අපිට හොරෙන් උන්වහන්සේගේ පාන් කොටස ඒ සත්තුන්ට දෙනවා.ඒ උන්වහන්සේගේ හැටි.අපි 4 දෙනාත් උත්සාහකරන්නේ උන්වහන්සේගේ මාර්ගය අනුගමනයකරන්න." අපි නැවත එන්න ලැහැස්තිවෙනකොට ලොකු හාමුදුරුවෝ අපිට ස්තුතිකරලා මෙන්න මෙහෙම කීවා " මහත්තයෝ අපි මහණදම් පුරන්නේ මේ භවගමන අවසන් කරන්න.අපි ඇලීම් ගැලීම් වලින් හැකිපමණ ඈත්වෙලා ජිවත් වෙන්නේ.එත් ඉතින් මේවගේ ගොඩාක් ආහාර, වෙනත් ද්‍රව්‍ය නිසා ..අපිට අපි යන අරමුණ වෙනස් කරන්න සිදුවුනොත් ඒක ලොකු පාපයක් වෙනවා මහත්තයෝ. ආයේ එන දවසක අපිට තේකොල ටිකකුයි,සිනි කිලෝ එකකුයි ගෙනාවොත් ඕනෑවටත් වැඩියි.වෙන කිසිදෙයක් ගෙනෙන්න එපා....එන්න ,අපිත් සමහ ධර්මය ගැන කතාබහ කරලා යන්න. ඒ හොඳටම ඇති මහත්තයෝ.." මේ මට හමුවූ බෝසත්වරු ..!!!
බුදුන් වහන්සේ සියල්ල අත්හැර උතුම්ම ආදර්ශය ලොවටම දුන්නත් භික්ෂූන් වහන්සේලා විසින් නැවත එකතු කරමින් ඇත අහෝ දෙව්දත් නොදුටු මොක් පුර
බිමට අදලාදාළ,දෙකක් අනින්න.පව් නැහැ.මුන් ඔක්කොම එකයි.දුස්ශිලයෝ .
ලංකාවට ඇත්තටම බුදුදහම පැමිණියාද…? එසේ නම් එය ලංකාවෙන් නැතිව ගියේ ශතවර්ෂ කීයකට පමණ පෙරද…?
බැදීම් නැති කර ගන්ට මහන වුන කෙනා, බැඳීම් ඇති කර ගැනීමට ගස් නැගීම.
ගහේම ඉඳලා අපවත් වෙලා රුක්ෂ දෙවියෙක් වෙන්න අරින්න තිබුණේ... ඔන්න අපිටත් හරිම කියලා දෙන අයගේ තණ්හාවේ තරම..
මේ ගොල්ලෝ අපිට බණ කියන කොට නම් කියන්නේ සියලුම ආශාවන් අත් හරින්න කියල නේද ?
බුද්ධ පුත්‍රයෙක් නම් වෙන්න බැහැ
ගලගෙදර කියන හුගදෙනෙක් තුන්පනේ. විපුලවත් සමන්තබඩ්ඩ එක්කම අංගොඩ යවන්න ඕන. බානම එකම නගුලක ගටගැහුවත් අවුලක් නෑ.
බෞද්ධයෙක් වශයනේ හිතට ලොකු දුකක් ඇති උනා .ආගම ගැන
බෞද්ධ දේවාලගම් පනත අනුව විහාරාධිපති තනතුර දැරීමට ඔය ගස උඩ නැග්ග භික්ෂුවට හිමිකමක් නෑ. උසාවියට ගියත් වැඩක් නෑ.
මේ උන්නාන්සේගේ මොලේ පරීක්ෂාවක් වහාම කල යුතුයි .මොකද උස් ආසනවල ලැගීම විනය ක්‍රියාවක් නිසා.ගිහි පැවිදි හැමෝම පොරකන්නේ නායකත්වයට නේ .පුදුම දූපතක් මේක
මේ රටේ තියෙන්නේ අපූරු ථෙරවාදී බුදු දහමක්. අනේ .. අපේ බුදුහාමුදුරුවන්ගේ දහමට බෞද්ධයන් විසින්ම වෙනත් අර්ථකථන දෙන හැටි .. මේවා ඇහෙන්නට දකින්නට ලැබීම තරම් බුදුදහමට,බුදු හාමුදුරුවන්ට කෙරෙන අපහාස උපහාස තවත් තිබේදැයි සිතේ. ඒත්,කරුමය කියන්නේ මේ සැබෑ යථාර්ථය අවබෝධ කර ගැනීමට වගකිවයුත්තන් හට නොහැකිවීම නොවේද ?
ගහ උඩම වැඩඉන්න දෙන්න...
සියල්ල අතහැරීමට බණ දෙසන උදවිය සියල්ල ඉල්ලා උපවාස කරති...!
අත්හැරීම ගැන අපට බණ කියන අය තමයි මේ ගස් උඩ නැගලා උපවාස කරන්නේ. තාම මහණ වෙලා නෑ වගේ...
කඹයක් දුන්නනම් හරි
අම්මපා මෙහෙමත් හාමුරුවරු
පොල්ස් නගින්න සුදුසු අය පොඩි කලෙදිම සාසනේ අතුලත් කලාම මෙය වාගෙ ප්‍රතිපල බලපොරොතු වෙන්න සිදුවෙනව.
අරගලයට සම්බන්ධ හිමිනමක් වගෙයි. ඊළඟ ආත්මයේ වෘක්ෂ දේවතාවෙකු ලෙස උපත ලැබීමට පෙරුම් පිරීමක්...! සජිත් ප්‍රේමදාස, අනුර කුමාර ආදින් මෙය පූර්වාදර්ශයක් ලෙසින් සලකනු ඇති...
මගෙ නං අදහස වෙනස්. පහුගිය කාලයේ දිගටම හාමුදුරුවරු කරපු කුපාඩි වැඩ දිගටම වාර්තා උනා. හිටපු මහනායක හොරෙක් පන්සලේ වාහන ටික කුලියට දීම. තව එකෙක් බීමතින් පොඩි එකෙක්ට පිහියෙන් ඇනලා, තව එවුන් සෙට් එකක් පාර බීල අහුවෙලා, මේ වගේ SOB ල ට ද අපේ මොට්ට බෞද්ධ කියාගන්නා රැල දානමාන දෙන්නෙ. පොත් ටික ගන්ඩ බැරුව දරුවො කී දාහක් දුක් විඳිනවද? දැන්වත් ගොන් බෞද්ධකම අතාරින්න.