IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වවුනියාවේ කල්ලිකුලම වැව් බැම්ම කැඩී යයි

 

(ප‍්‍රදීප් කුමාර)
 
වවුනියාව ඊච්චන්කුලම් ප‍්‍රදේශයේ පිහිටි කල්ලිකුලම වැවේ බැම්ම කඩාගෙන යෑම හේතුවෙන් එම ප‍්‍රදේශයේ කුඹුරු විනාශ වී ඇතැයි ගොවීහු පවසති. 
 
මේ වන විට පීදෙමින් තිබු ගොයම් සහිත කුඹුරු යායක් ජලයෙන් යටව විනාශ වී ඇති බවත්, ඉදිරියේදී ජලය හිඟ විය හැකි බවත් ඔවුහු කියාසිටිති.
 
කෙසේ වෙතත් ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙන්නේ වැව් බැම්ම කඩාගෙන වැවෙන් ජලය පිටවීම හේතුවෙන් එම ප‍්‍රදේශයේ කුඹුරු අක්කර 120 ක පමණ ප‍්‍රමාණයක් අවදානමේ ඇති බවයි.
 
මෙම වැවේ වැව් බැම්මෙන් කලක සිට කුඩා ජල කාන්දුවක් පැවති බවත් ඊට නිසි පිළියම් නොයෙදීම නිසාවෙන් බැම්ම කඩාගෙන ගොස් ඇති බවත් ඔවුහු පවසති.
 
 පසුගිය දින වල ප‍්‍රදේශයට ඇදහැලූණු අධික වර්ෂාවත් සමග වැවේ ජල ධාරිතාව ඉහළ මට්ටකමක තිබූ අතර මේ වන විට වැවේ ජලය බැස ගොස් තිබේ.

 



අදහස් (2)

වවුනියාවේ කල්ලිකුලම වැව් බැම්ම කැඩී යයි

Nandalal DE SILVA - France Sunday, 05 January 2020 08:25 AM

[...මෙම වැවේ වැව් බැම්මෙන් කලක සිට කුඩා ජල කාන්දුවක් පැවති බවත් ඊට නිසි පිළියම් නොයෙදීම නිසාවෙන් බැම්ම කඩාගෙන ...] දැනට කතාබහට ලක්වී ඇති එහෙත් චීන්නු විසින් කඩතුරාවකින් මුවාකර තිබෙන මොරගහකන්ද ජලාශයේ වැව් බැම්මටත් මෙහෙම අවාසනාවන්ත සිද්ධියක් උනොත්....ඒ අවට පහත් බිම්වල සිටින අසරණ ජනතාවට තිබෙන්නේ උඩ සිටින දෙවියන්ගේ පිහිට පමණයි... පරාක්‍රම සමුද්‍රයටත් වඩා විශාල ජල ධාරිතාවක් රඳවාගෙන තිබෙනවා කියා හිටපු ජනපති පාරම්බෑ මේ මොරගහකන්ද ජලාශයේ බැම්ම ඉතා ඉක්මනින් යථා තත්වයට පත් නොකොළොත්, සිදුවිය හැකි විනාශය රට මැද සුනාමියකටත් වඩා අන්ත විය හැකිය ...

:       0       20

binkunndaaSunday, 05 January 2020 06:47 PM

ලංකාවේ දේශපාලන හා කොමිසන්, දූෂණවලට යටත්ව හදපු චීන බැම්මක් ගැන තවත් අටුවා ටීකා ඕනෑද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site