(කාංචන කුමාර ආරියදාස)
ලෝකයේ සෑම රටකම අරගල හටගෙන ඇත්තේ ජලය සහ භූමිය සම්බන්ධයෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) මොරගහකන්ද ජලාශයේ පැවති රැස්වීමක දී සඳහන් කළේය.
මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ඉදිකිරීම සඳහා සේවා සැපයූ ඉංජිනේරුවරයාගේ සිට පහළම කම්කරුවා දක්වාම ඇගයීමට ලක්කර සහතික පත්‍ර ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශයේ වේල්ල ආසන්නයේදී සිදු කෙරිණි.
මෙහිදී 500කට අධික සේවා සැපයූ පිරිස් සඳහා ජනාධිපතිවරයාගේ අතින්ම සියලු දෙනාටම ඇගයීම් පත්‍ර ලබාදීම විශේෂත්වයකි.
ඇගයීම් සහතික පත්‍ර ලබා දීමේ උත්සවයට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ අතීතයේ සේනායක සමුද්‍රය ඉදිකරනු ලැබුවේ විදේශීය ජාතික ඉංජිනේරුවෙකු බවත් පරාක්‍රම සමුද්‍රය රජ දවසින් පසුව නවීකරණය කරනු ලැබුවේ මුස්ලිම් ජාතික ඉංජිනේරුවරයකු බවයි. වර්තමානයේ ජාතිභේද ආගම්භේද කුලභේද වර්ධනය කරගෙන විවිධ දේශපාලන පක්ෂ හදාගෙන රට විනාශ කිරීම සිදුව තිබෙන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.
මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා උදව් කළ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය හිමිවන බවත් ඔවුන්ට බෞද්ධයන් හැටියට විශාල පිනක් අත්වන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලස්මන් වසන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහවැලි අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූමියට-ජලයට වඩා ලෝකයේ බොහෝ රටවල අරගල හටගෙන ඇත්තේ ආගම නිසා.
චීන ජාතිකයින්ට රාමු කරපුවා. අපේ අයට නිකං ඒවා.
එතකොට බලය වෙනුවෙන් කරන දේවල් අදාල නැද්ද?
ලෝකයේ රටවල අරගල හටගෙන ඇත්තේ භූමියටයි, ජලයටයි... පත්තරෙන්ද දැනගත්තේ..?
ලෝකේ එහෙම වුණාට ලංකාවේ ඡන්දෙ දිනන්න පක්ෂ පාට නිසා...
ලෝකයේ එහම වුණාට මෙහෙ නං බල තණ්හාවට. ඔය කියන කෙනාත් කියාගන බලයට ආවේත්, දින සීයෙන් විධායක ධුරය අහෝසි කරලා, අවුරුදු පහෙන් විශ්‍රාම යන බව කියලා. නමුත් නැවතත් බලය ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කළා. මේ මොරගහකන්ද වෙනුවෙන් කීපාරක් උත්සවවල් පැවැත්වූවාද... මහින්ද මෙහෙම කළා නං, මේ වනවිට මෙයා පට්ට ගහලා ඇති...