IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘ලෝකයේ රටවල අරගල හටගෙන ඇත්තේ භූමියට-ජලයටයි‘

(කාංචන කුමාර ආරියදාස)
 
ලෝකයේ සෑම රටකම අරගල හටගෙන ඇත්තේ ජලය සහ භූමිය සම්බන්ධයෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද  (08) මොරගහකන්ද ජලාශයේ පැවති රැස්වීමක දී සඳහන් කළේය.
 

මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ඉදිකිරීම සඳහා සේවා සැපයූ ඉංජිනේරුවරයාගේ සිට පහළම කම්කරුවා දක්වාම ඇගයීමට ලක්කර සහතික පත්‍ර ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශයේ වේල්ල ආසන්නයේදී සිදු කෙරිණි.
 
මෙහිදී 500කට අධික සේවා සැපයූ පිරිස් සඳහා ජනාධිපතිවරයාගේ අතින්ම සියලු දෙනාටම  ඇගයීම් පත්‍ර ලබාදීම විශේෂත්වයකි.
 
ඇගයීම් සහතික පත්‍ර ලබා දීමේ උත්සවයට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ අතීතයේ  සේනායක සමුද්‍රය ඉදිකරනු ලැබුවේ විදේශීය ජාතික ඉංජිනේරුවෙකු බවත් පරාක්‍රම සමුද්‍රය රජ දවසින් පසුව නවීකරණය කරනු ලැබුවේ මුස්ලිම් ජාතික ඉංජිනේරුවරයකු බවයි. වර්තමානයේ ජාතිභේද ආගම්භේද කුලභේද වර්ධනය කරගෙන විවිධ දේශපාලන පක්ෂ හදාගෙන රට විනාශ කිරීම සිදුව තිබෙන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.
 
මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා උදව් කළ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය හිමිවන බවත් ඔවුන්ට  බෞද්ධයන් හැටියට විශාල පිනක් අත්වන බවද හෙතෙම සඳහන් කළේය.
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලස්මන් වසන්ත පෙරේරා රාජ්‍ය  අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහවැලි අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (7)

‘ලෝකයේ රටවල අරගල හටගෙන ඇත්තේ භූමියට-ජලයටයි‘

ලුම්බිණි Monday, 08 July 2019 10:27 AM

භූමියට-ජලයට වඩා ලෝකයේ බොහෝ රටවල අරගල හටගෙන ඇත්තේ ආගම නිසා.

:       10       53

දිමුත් Monday, 08 July 2019 10:51 AM

චීන ජාතිකයින්ට රාමු කරපුවා. අපේ අයට නිකං ඒවා.

:       0       92

ගොන්ගාලේ ගොඩබණ්ඩාMonday, 08 July 2019 07:34 PM

ලෝකයේ එහෙම වෙන්නේ ඒ දේවල් රටක ජාතියක ආරක්ෂාවට, ඒ රටේ ජන ජිවිතයේ පැවැත්මට රටක ඒ ජාතියේ ගරුත්වයට නිදහස් නිවහල් බවට ආදී එකී නොකී සියල්ලට වැදහත් නිසා. අපේ අය විජාතිකයන්ට ලියල දෙන්නෙත් භූමියයි ජලයයි. හම්බන්තොට, ත්‍රිකුනාමලය වැදගත් ජලය නිසා. ගැඹුරු මුහුදක් සහිත නැවු ගමනාගමන මාවතට ලග ජලයෙන් වටවුන දුපතක පිහිට ලංකාවේ වැදගත්කම නිසා.

:       1       0

Prabha Monday, 08 July 2019 11:11 AM

එතකොට බලය වෙනුවෙන් කරන දේවල් අදාල නැද්ද?

:       0       0

rama Monday, 08 July 2019 11:44 AM

ලෝකයේ රටවල අරගල හටගෙන ඇත්තේ භූමියටයි, ජලයටයි... පත්තරෙන්ද දැනගත්තේ..?

:       0       110

kap Monday, 08 July 2019 12:57 PM

ලෝකේ එහෙම වුණාට ලංකාවේ ඡන්දෙ දිනන්න පක්ෂ පාට නිසා...

:       0       5

Hafeel Monday, 08 July 2019 04:24 PM

ලෝකයේ එහම වුණාට මෙහෙ නං බල තණ්හාවට. ඔය කියන කෙනාත් කියාගන බලයට ආවේත්, දින සීයෙන් විධායක ධුරය අහෝසි කරලා, අවුරුදු පහෙන් විශ්‍රාම යන බව කියලා. නමුත් නැවතත් බලය ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කළා. මේ මොරගහකන්ද වෙනුවෙන් කීපාරක් උත්සවවල් පැවැත්වූවාද... මහින්ද මෙහෙම කළා නං, මේ වනවිට මෙයා පට්ට ගහලා ඇති...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site