(කරුණාරත්න ගමගේ)
උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධීධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් අද(25) හබරණ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර වී තිබිණි.
උතුරු මැද ගුරු පුරප්පාඩු සඳහා තමන් මෙතෙක් බඳවා නොගත්තැයි කියමින් රැකියා විරහිත උපාධිධාරීහු 130ක් පමණ මෙසේ මාර්ගයේ වාඩිවී සිය විරෝධය පළ කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඔය උපාධිය මහපාරටම තමයි ගැලපෙන්නේ කියලා අපි නම් දන්නවා. මේ දවස්වල කැලේ නරි එක්ක තරගෙට හූ කියන්න ඇබෑර්තු තියනවා කියලා ආරංචියි. උත්සාහ කරලා බලන්න.
අනේ, හේනක් කුඹුරක් කොටාගෙන හිටියා නම් නරකද?
බඩගෝස්තරවාදී දේශපාලන අම්බැට්ටයින්ගේ ගොදුරක් වෙලා මදිවාට දොස්තරලගේ බෙහෙත් වට්ටෝරුවත් දිනපතා පාවිච්චි කරමින් ,, පොලිසියේ කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර බුක්ති විඳිමින්. රැලේ කසකාරයින් වෙමින්, ලිප්ටන් වටරවුම කිහිප විටක් තරණය කරමින්, අසීරුවෙන් ලබා ගත්ත ඒ උපාධියට එහෙමම කියන එක හොඳ මදි නේද විකුම් රංගන?
උපාධිය අරගෙනත් මෙයාල කරන්නේ ජනතාවට කරදරයක් වෙන එකද? විශ්ව විද්‍යාලයේ දි පැල උන අං දෙකෙනුයි , වල්ගෙනුයි වැඩක් ගන්න නම් කෘෂිකර්ම අමාත්‍යංශයේම රැකියාවක් ගන්න වෙයි..
තවත් නිකමුන් බිහි කරන්න එපා... රටට වැඩක් ඇති දෙයක් ඉල්ලන්න. මෙහෙම රජයේ ජොබ් දෙන්න ගියොත් රටක් ඉතුරු වෙන එකක් නැතිවෙයි. උපාධිධාරීන් ජොබ් ඉල්ල ඉල්ලා ඉන්නේ නැතුව, මොකක් හරි තමන්ට වැඩක් ඇති දෙයක් කරන්න. තවත් රජය රැකිය දිය යුතු නැත.
සයිටම් වහන්න කියන දොස්තරලාගේ ලණු.... දැන් ඔබට ජොබ් දෙන්න ඕන කියල වැඩ වර්ජනය කරන එක දොස්තර කෙනෙක් ඉන්නවද? කලා උපාධි දෙන බාහිර උපාධි ආයතන වහල නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියලා කෑ ගහන එක දොස්තර කෙනෙක් දැකල තියේද?
ඉගෙන ගන්න කොටත් කෙරුවේ ඔය ටිකනේ මොලයක් තියෙන කිසිම හම් පුතෙක් මේ කට්ටියට රැකියා දෙන්නේ නැහැ රැකියාව දුන්න ගමන්. වර්ජනය පටන් ගන්නවා ඉල්ලීම් ඉල්ලලා ඔය කට්ටියව. ගෙදරිනුත් එලියට. දමන. කම්. ඉන්න
නිදහස් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්න කියලා නොමිලේ උගන්වලා මහපාරේ අව්ව තපින්න සුදුසු අය බිහිකරනවා වෙනුවට, වුර්තීය අධ්‍යාපනය නගා සිටුවීමේ ක්‍රමවේදයකට මේ රටේ පාලකයින් යොමු උනොත් නරකද? ඒ උනත් බොහෝ බඩගෝස්තර දේශපාලකයින්ට අවශ්‍ය කරන්නේ, බක පණ්ඩිතයින් බිහි කරවන්න මිස, රටට වැඩදායි තරුණ පරපුරක් බිහිකරවන්න නොවෙයිනේ..
අපි මෙතෙක් කල් දැනගෙන හිටියේ හබරණ පැත්තේ වල් අලි මහපාර අවහිර කරනවා කියලනේ. බලාගෙන ගියාම දැන් වල් නරිත් එහෙම කරනවනේ.
මේ පිරිස පාරවල්වල කට්ට කන කාලේ එක මොහොතකටවත් තමන්ට අනාගතයක් ගොඩ නගා ගතයුතුයි නේද කියල හිතුනෙම නැද්ද? කුලියට කහිමින් ගතකල ඒ 'සොඳුරු අතීතය' වගේ නෙමෙයි සැබෑ ලෝකය කියල හිතලම නැති බවයි පෙන්නේ. හැබැයි එහෙම හිතපු කීපදෙනෙක් හරි ඉන්න ඇති. සමහරවිට ඒ අය දැන් පෞද්ගලික අංශයේ ලොකු රැකියාවල් කරනවා ඇති. දැන් තියෙන්නේ ඒ ඔක්කොම ජනසතු කරන්න කියල ආයෙත් පාරවල් වහගෙන පෙළපාලි යන එකයි.
උපාදිය පෙන්වන්නද , ඔය ආකාරයෙන් මහජනතාවට අපහසු තාවයට පත්වන අයුරින් පාර මැද්දට වෙලා කටයුතු කරන්නේ? මේ වගේ අයටද මේ උපාධි දීල තියෙන්නේ ?
ජනතා වියදමින් උසස් අධ්‍යාපනය ලබා දුන්නේ රැකියා ඉල්ලන්නට නොව, නව රැකියා බිහි කිරීමටයි.
කැම්පස් හිටිය කාලෙත් වර්ජන, එලියට ඇවිල්ලත් වර්ජන... අනේ ළමයිනේ තරුණ කාලය ඔය විදියට නිකරුනේ ගෙවා දමන්න එපා. තව ටික කාලයක් ගතවෙන කොට තමයි තේරෙන්නේ කරපු මෝඩකම් වල රග. උපාධියක් තියාගෙනත් රැකියාවක් නැතුව ඉන්නවානම් ඒක තමන්ගේ වරදක් මිසක් වෙනත් කෙනෙකුගේ වරදක් නොවෙයි. සති අන්ත පුවත්පතක් අරගෙන බැලුවොත් උපාධිධාරීන්ගේ සිට පහල මට්ටම් සදහා රැකියා අවස්ථා ඕනෑතරම් තියනවා පුද්ගලික අංශයේ. ගොඩක් අයට උපාධිය තිබුනට පරිගණක දැනුම, ඉංග්‍රීසි දැනුම වගේ අද කාලයට අත්‍යවශ්‍ය වන සුදුසුකම් නෑ ඒ රැකියා සදහා ඉල්ලුම් කරන්න. ඔය වර්ජනය කර කර ඉන්න කාලයේ ඊට අදාල පාඨමාලාවක් හැදෑරුවානම් රජයේ රැකියාවකට වඩා වැඩි වැටුපක් ගතහැකි රැකියාවක් පහසුවෙන් සොයාගන්න පුළුවන්. රජයේ රැකියාවකින් බලාපොරොත්තුවන විශ්‍රාම වැටුපයි රැකියාවේ නිදහසයි වෙනුවෙන් තරුණ කාලය බිල්ලට නොදී ජිවිතයේ හොදම කාලයේදී රටේ සංවර්ධනයට සක්‍රියව දායක වෙන්න බලන්න.
මේ ගොල්ලොන්ට කරන්න පුළුවන් අන්තිමට ගුරු රස්සාව තමයි. හැමතිස්සෙම බළධාරීන් වර්තමාන රැකියා වෙළඳපළට හරියන විදියට විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය වෙනස් කරන්න හැදුවම මොවුන්ගේ අර ශිෂ්‍ය සංගමය කියන කට්ටිය එකට විරුද්ධ වෙලා නැහැ .... හිතන්න පුළුවන් උපධිදාරීන් බිහිකෙරන්න වර්තමන් අධ්‍යාපන ක්‍රමය හොඳයි කියනවා.... දැන් පේනවානේ... අන්තිමට හිතන්නත් බැහැ ,රැකියා වෙළඳපොළට ගළපෙන්නෙත් නැහැ...
වෙනත් ජාත්‍යන්තර බාෂාවක් ඉගෙන ගන්න. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. එතකොට ඇති තරම් රස්සාවල් තියෙනවා පුද්ගලික අංශයෙන්.
අපේ රටේ ඇත්තටම පාලනයක් නීතියක් නැද්ද ? මිනිසුන්ට ප්‍රශ්න තියෙන බව ඇත්ත, නමුත් හැමදෙයට පාරවල් අවහිර කරන එක අද විලාසිතාවක් වෙලා .
ප්‍රදීප් ලියනගේ ඉතිං ඔය ඉංග්‍රීසි දැනුම, කම්පියුටර් දැනුම ඔවුන් සරසවියේ ඉගෙනුම ලබන කාලෙදිම සරසවියෙන්ම දෙන්නෙ නැත්තෙ ඇයි? එහෙම දැනුම නම් අඩුපාඩුව ඇයි එම දැනුමත් සරසවියෙදි ලබාදීලා මේ ළමයි තව දුරටත් සවිමත් කරන්නැත්තෙ? මේ වැරැද්ද ළමයින්ගෙමද? ආණ්ඩුව තමන් යටතේ පවතින උසස් අධ්‍යාපනයට මීට වඩා සැලකිල්ලක් දැක්වූවනම් මේ ගැටළු අඩුයි නේද? සමහරක් මෙහෙම ප්‍රවෘත්තියක් දැක්ක ගමන් අදාල එකයි, නැති එකයි පටලගෙන ශ්‍රී මුඛය විවෘත කරන්න විතරයි දන්නේ.
දැන් කලේ උපාධි ගන්නවට වඩා හොදයි කාර්මික විද්‍යාලයකට ගිහින් වෘත්තීය පාඨමාලාවක් කරන එක. එවිට රැකියාවක් හොයාගන්න අවුරුදු 30, 35 වෙනකන් ලතවෙන්න ඕන නැහැ.මේ අපේ යාළුවො දැක්කම ගොඩක් දුක හිතෙනවා.
මේ උගතුන්ද? අර අසනීපෙකට බෙහෙත් ටිකක් ගන්න, හදිස්සියකට දුවන ජනතාව මොනතරම් අසරණ වෙලා ඇතිද? විභාග දුසිම් තුන හතරක් පාස් කලාට බුද්ධියක් කමක් නැහැ කියන්නේ මේකට නොවේ නම් වෙන මොනවටද?