ශාන්ත රත්නායක
රැකියා විරහිත උපාධිධාරීන් 57000 කට රැකියා ලබාදෙන ලෙස රජයට බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සංවිධනය කළ උද්ඝෝෂණයක් අද (24) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි.
රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේදී සිදුවෙමින් තිබෙන කප්පාදුව නවතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට අයදුම්පත් යොමු කර ඇති මුලික සුදුසුකම් සපුරා ඇති සියලු උපාධිධාරීන් බඳවා ගන්නා ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ කිසිම රටක උපාධිදාරින්ට රජයේ රැකියා අනිවාර්යයෙන් ලැබිය යුතු යන නීතියක් නැත. වෙනත් රටවල සිසුවෝ කම්කරු රැකියා කරමින් තමන්ම ගාස්තු ගෙවමින් උසස් අධ්‍යාපනය ලබති. ඉන්පසු කාලය කා දමන්නේ නැතිව සුළු රැකියාවක් හෝ තාවකාලිකව කරමින් වෘත්තීය කුසලතා වැඩි දියුණු කර ගනිති. අපේ උදවිය දන්නේ උපන්දා සිට බෙරිහන් දෙමින් මහජන බදු මුදලින් රස්සාව පමණක් නොව පරස්තාවද කෙරෙනතෙක් ගර්ජනාකිරීමයි. මොකද පුද්ගලික අංශයේ රැකියාවකට නොයන්නේ ? එහෙ අයිස් ගහන්න බැහැනේ. මේ කී දෙනෙකුට අත්‍යාවශ්‍ය රැකියා කුසලතා තිබෙනවාද ? අඩු ගාන්නේ සේවාලාභීන්ට ආචාරශිලිව කතා කරන්න , අවශ්‍ය තැනකදී ඉංග්‍රීසි භාෂාවෙන් රාජකාරි ලිපියක් සකස් කරන්න පුලුවන්ද ? අනෙක පොඩි රැකියාවක් එපා. ඉල්ලන්නේම එක පාරටම මහා ඒජන්තකම. අපොයි රටකට ගිය කලක්.
මොකද පුද්ගලික අංශයේ රැකියාවකට යන්න බැරි.? දැන් කියන්න එපා ඒවායේ එක්කෙනෙකුගෙන් පස් දෙනෙකුගේ වැඩ ගන්නවා කියලා. පරක්කු වෙලා වැඩට ඇවිත් සේවය ලබා ගන්න එන මිනිස්සුන්ගේ ඇඟට ගොඩවෙලා නිකම් පඩි අරන් වේලාසනින් ගෙදර යන්නයි නිතරම නිවාඩු ගන්නයි රජයේ රැකියා තරම හොඳ අවස්තාවක් තවත් නැහැ . රැකියාවල් මවන්නද? අනෙක සෑම රැකියා අවස්තාවකම ඕනෑම උපාධියකට ගැලපෙන්නේ නැහැ . සිංහල උපාධියට ක්ෂේත්‍ර නිලධාරි තනතුරවත් , කළමනාකරණ උපාධිය ලැබූ කෙනාව ගෘහ විද්‍යාව උගන්වන්න යවන්නත් බැහැනේ. පොඩ්ඩක් තේරුම් ගන්න.
මේ අය නිතරම පාරවල් අවහිර කරනවා ජනතාව අපහසුතාවයට පත් කරනවා
මගේ ඥාති පුතෙකු ඔස්ට්‍රේලියාවේ කළමනාකරණ උපාධි හදාරනවා. ඒ ළමයා සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස දවස් තුනක් වැඩ කරනවා. ඔහුගේ සරසවි මිතුරෙකු වන පෝලන්ත ජාතික තරුණයෙක් කුස්සියක අත් උදව් දෙනවා. ඕස්ට්‍රේලියානු මිතුරෙක් පියාගේ ගොවිපලේ සති අන්තයේ වැඩකරනවා. ඔවුන් තමන්ගේ රටට බරක් නැහැ. සරසවි ගාස්තු තමන්ම ගෙවලා දුක් විඳගෙන ජීවත් වෙන්නේ. අපේ කට්ටියට මේවාගේ රැකියා කරන්න කිව්වොත් කොහොමට හිටීවිද? ආණ්ඩුවේ සහ බදු ගෙවන උදවියගේ මුතුන් මිත්තන් මතක් කරාවි.
මේ තරුණයන්ගේ දෙමව්පියන්ටත් වගකීමක් තිබෙනවා මෙච්චර කල් මහජන මුදලින් ඉගෙන ගත්ත නම් , නිකම් කාලය නාස්ති නොකර පුද්ගලික අංශයේ රැකියාවක් හරි සොයා ගන්න දරුවන්ව උනන්දු කරන්න. ඔබේ දරුවාට නොමිලේ අධ්‍යාපනය ලැබුනා මදිවාට අතට පයට ඉතිරි ටිකත් ආණ්ඩුව හෝ වෙන කෙනෙක් හෝ කරලා දෙන්න බැඳිලා නැහැ .
මේවගේ අය රස්සාවලට ගන්නවා කියන්නේ රාජ්‍ය සේවය තවත් පහලට යන එක තම. ඉරිදා පත්තරයක් ගත්තම හැමදාම රැකියා අබර්තු තියෙනවා. මෙයාලට තියෙන්නේ ඔලුව ඉදිමිච්චකම.
වහාම සරසවි සමාජ විද්‍යා අංශ වසා දමා බාහිර උපාධිය නතර කරන්න.
රැකියා 57000 ක් තියෙන ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ටික නම් කරලාම උද්ඝෝෂණය කළා නම් හරි නේ?
උඩ අදහස් දක්වලා තියනවා.පුද්ගලික අංශයෙ රැකියා ගැන. මට ඔය එක්කෙනෙක් කියනවද කලා උපාධියට රැකියා ලබා දෙන එක පුද්ගලික අායතනයක් තියනවනම්. මෙතන 57000ම වාගේ කලා උපාධිධාරින් මෙතනින්. 22000ක් විතර සේවක අර්ථසාතක අරමුදලට දායකයි. එ් කියන්නේ පුද්ගලික අංශයේ රැකියා කරනවා හැබැයි. අ.පො සා. පෙ වත් අදාල නොවන කර්මාන්ත ශාලා වල. එ්වා කරන්නම් මොනාටද ඉගෙන ගන්නේ. මම සේවය කරන්නේ ලංකාවේ ප්රධාන පෙලේ අායතනයක මට කොපමන සුදුසුකම් තිබුණත් . ඔවුන් මට හිමිවිය යුතු උසස්වීම් පවා ලබා දෙන්නෙ නෑ. ඔවුන් ගෙනෙන තර්කය තමා රජයෙ රැකියා ලැබුණු ගමන් සියලු වගකීම් අතහැර ඉවත් වීම. මේක ගොඩක් අය මුහුණ දෙන ගැටලුවක්. අනික කලා උපාධියක් අරගෙන පුද්ගලික අංශයෙ මොනා කරන්නද.
අද බොහෝ දෙනෙක් උපාධියක් කරන්නේ ද්වීතික අධ්‍යාපනයෙන් පසු, නොමිලේ ලැබෙන අධ්‍යාපනයේම තව කොටසක් හැටියටයි. යථාර්තය නම්, අද රැකියා වෙළදපොලේ ඇති බොහෝ රැකියා සඳහා අවම සුදුසුකම අ.පො සා. පෙ. පමණක් වන අතර, උපාධියක් ගන්නට යයි කියා කිසිවෙක් බල කර සිටින්නේ නැත. බොහෝ පුද්ගලික ආයතන කැමැත්තක් දක්වන්නේ පහල ශ්‍රේණියක සිට ඉහල ශ්‍රේණියක් දක්වා නම්‍යශීලීව පුහුණු කල හැකි සේවකයින් හටයි. සමහරෙක් දරන මතයක් නම් රාජ්‍ය අංශයේ සිටින උපාධිධාරීන් අකාර්යක්ෂම වී ඇත්තේ කළමනාකරණයේ ඇති දුර්වල කම නිසා කියයි. නමුත්, සාමාන්‍ය අධ්‍යාපනය ලැබූ කෙනෙකුට වඩා ඉහල අධ්‍යාපනයයක් ලැබූ උපාධිධාරීයෙකුගේ රාජකාරිය, සෑම විටම තව කෙනෙක් ළඟ සිට කළමනාකරණය කල යුතුමද? ඔවුන්ට, තමන්ගේ ඉහල අධ්‍යාපන මට්ටම භාවිතා කොට, කාර්යක්ෂම, අවංක සේවයක් සැලසිය නොහැක්කේ මන්ද?
තමන් උපාධියක් තෝරා ගැනීමේදී රැකියා වෙළඳපල අධ්‍යයනය කර එයා තෝරාගැනීම බුද්ධිමත් තරුණ පරපුර කල යුතුයි. මගේ අම්මා කලා උපාධිදාරිනියක් . ඒ කාලයේ සරසවියෙන් එලියට බහිනකොටම ඇයට ගුරු පත්වීමක් ලැබූනා. දැන් ඒ තත්වය නැති බව ධනුෂ්ක වැනි උදවිය තේරුම් නොගැනීම කනගාටුයි. කළමනාකාරිත්වය පමණක්ද තමන්ගේ වෘත්තීය ජීවිතයේ සියල්ල පාලනය කරන්නේ ? රැකියාව පිලිබඳ තමන්ගේ ආකල්ප වල අඩු ලුහුඬු කම් ගැන කවුරුවත් සැලකිල්ලක් නැහැ.
උපාධිදාරියා , අවංක කාර්යක්ෂම සේවකයෙකුනම් කළමනාකරුවා ඇඟිල්ලෙන් අනිමින් කියන කන් නොසිට අදාළ රාජකාරිය දක්ෂ ලෙස ඉටු කරනවා. උපාධියේ විෂය කරුණු ප්‍රායෝගිකව අදාළරාජකාරියට අනුයුක්ත කිරීමට දක්ෂ විය යුතුයි. කළමනාකාරිත්වයට දොස් කියමින්, තමන්ගේ රැකියාව පිලිබඳ ආකල්ප ධනාත්මකව ඇති කර නොගෙන . ආයතනයේ ප්‍රගතිය ගැන කටයුතු නොකර , ලාභ නොපෙන්වා , උසස් වීම් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ? කලා උපාධිදාරියෙකු රජයේ බැංකුවක ගිණුම් කරන අංශයේ රැකියාවක් ලබා ගෙන , හර බැර අර්ථය වත් නොදැන , මගේ කලා උපාධිය නිසා ඊළඟ උසස්වීම දිය යුතුයි කිව්වොත් කොහොමද?
ධනුෂ්ක රැකියාවට ගිහින් තියෙන්නේ ආයතන ලොක්කන් එක්ක තරහින්. ඒ මදිවාට රජයේ ආයතනවල ඉහල තනතුරු දරන උදවියටත් දොස් කියාගෙන. කාර්යාලයේ වැඩ කරන්නෙත් කිසිම හිත හොඳකින් නෙමෙයි වගේ පේනවා. ඔබ වගේ උදවියව කොහොමටත් සතුටු කරන්න අමාරුයි. මේ ලෝකයේ සියලුම ආයතන සේවකයන් ඔබ වගේ වුනොත් ඵලදායිතාවයක් නැති සේවක සන්චිතයකුත් එක්ක ආයතන බංකොලොත් වෙන එක සිකුරුයි. ඔබට පුළුවන් නම් ඔබේ ව්‍යාපාරයක් පටන් ගන්න. ඔබවගේ උදවියට ඉතා යහපත් හාම්පුතෙකු යටතේවත් වැඩ කරන්න බැහැ.
මට නම් හිතෙන්නේ මේ සමහරු අදහස් දක්වල තියෙන්නේ විශ්ව විද්‍යාලයට ගිහින් උපාධියක් කරගන්න බැරිවෙච්චි එකට තියෙන තරහව හීනමානය නිසා කියල. රටක උගතුන්ට ගැලපෙන විදියට රැකියා අවස්ථා ඇතිකිරීම හෝ තියෙන රැකියා අනුව විශ්ව විද්‍යාල වල පාඨමාලා ඇතිකිරීම රජයේ කාරියක් බව තේරුම් ගත යුතුය.
චන්දිම ඔබ වගේ උදවියත් මෙවැනි මන් මුලාවූ තරුණයන්ට උඩ ගෙඩි දෙනවා. අපේ රටේ දරුවනට උපතේ සිට කවුරු හෝ මත්තේ යැපෙන්න පුරුදු කරලා. දෙමව්පියන් ඇත පය වාරුනැති වෙනතෙක් කර දඬු උස දරුවන්ට මෙහෙවර කල යුතුයි. ආණ්ඩුව රැකියා සොයා දිය යුතුයි . ඥාතින් සැම දෙයකටම මැදිහත් වෙමින් යුතුකම් ඉටු කලයුතුයි . අක්කලා බත් තම්බමින් රෙදි සෝදා දියයුතුයි . අයියලා කසාද නොබඳ තමන්ට ඉගෙන ගන්න සල්ලි හම්බ කර දිය යුතුයි. කවදාද උපාධිදාරීන් ස්වාධීනව වැඩක් කරගන්නේ. දියුණු රටවල මේ බහුබූත කිසිවක් නැහැ.
චන්දිමගේ දැන ගැනීම පිණිස . මම අසුව දශකයේ අග භාගයේ කොළඹින් උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දන්ත වයිධ්‍ය පීටයට තේරී එවකට සරසවි කාලාන්තරයක් වැසි තිබුන නිසා ගණකාධිකරණ විෂය හදාරා සීමා විභාගයට විෂය හතරකින් ලෝකයේ වැඩිම ලකුණු ලබා ගතිමි, ඉන්පසු ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය මානව සම්පත් කළමනාකරණ සහ බැංකු කටයුතු විශේෂ උපාධි දෙකක් සමග රැකියාවක නිරතවෙමි. දැනටත් මම ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක , පස්චාත් උපාධි කටයුතු වල නිරතවෙමි . මගේ දෛවය ගැන එදා සරසවි වසා රටේ කලබල ඇති වූ කාලයේ මම රජයේ රැකියා සොයමින්, ආණ්ඩුවට බනිමින් සිටියා නම් මම අද මෙතන නැත.
උගතාගේ නියම ස්වරුපය අනෙක් පුද්ගලයන් සම්බන්ධයෙන් දරන ආකල්පයෙන් හෙළිවේ. චන්දිමගේ පරම්පරාවම පී එච් ඩී කාරයන්ද ?
රජයේ විශ්ව විද්‍යාල සිසුන්, රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් කියපු ගමන් ඕනේ කෙනෙකුගේ ඔලුවට එන්නේ බැනර් උස්සාගෙන සටන් පාඨ කියමින් පෙලපාලියන හෝ පාර වසාගෙන උද්ඝෝෂණය කරන තරුණ පිරිසකගේ චිත්‍රයකි. සමහර පුද්ගලික ආයතන ප්‍රධානින් මෙවැනි පුද්ගලයින් සේවයට බඳවාගන්න පැකිලෙන ගතියක් තිබෙනවා. අනිත් කරණය තමා ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවල සිසුන් නිතර නිතර උද්ඝෝෂණ, වර්ජන සහ දේශපාලනික කටයුතුවලට අධ්‍යයන කාලයෙන් සැලකිය යුතු කාලයක් වැය කරන නිසා මෙරට සහ පිටරට පුද්ගලික විශ්ව විද්‍යාලවලින් පිටවන සිසුන්ට වැඩිය ඔවුන්ගේ ප්‍රමිතිය අඩු බවට මතයක් ලංකාව තුළ සහ ජාත්‍යන්තරයේ ගොඩ නැගෙමින් පවතිනවා. එමනිසා සමහර විට ඔවුන්ට රැකියා ප්‍රශ්නය උග්‍ර ලෙස බලපානවා වෙන්න පුළුවන්....
බාලාංශ පන්තියේ සිට විශ්ව විද්‍යාල උපාධිය දක්වා අපට රජයේ පාසල්වල රජයේ විශ්වවිද්‍යාල වල නොමිලේම ඉගැන්නුවනම් රජය අපට රැකියාත් දිය යුතුය , රජයේ ලිපිකරු වැනි පොඩි රස්සවක මදිය , අඩුම ගන්නේ සහකාර අධ්‍යක්ෂක කමක්වත් ඕනේ අපිට රැකියා ලැබුනට පස්සේ තීරුබදු රහිත වාහන , අපේ දරුවන්ට ජනප්‍රිය පාසල් වැනි දේවල් අවශ්‍ය වෙනවා ,පඩි වැඩිවීම්, ඒවාට භාද වෙන විදිහට අපිව එහා මෙහා මාරු කරන්න, අලුත් නීති දමන්න බැහැ, අපේ අතින් අඩු පාඩු වුනහම අපිට විරුධව විනය පියවර ගන්නත් බැහැ. නැත්නම් අපි වර්ජන , අපි කැමති වෙලාවට වැඩට එන්නත් කලින් ගෙදර යන්නත් පුළුවන් වෙන්න ඕනේ, මේ ඔක්කොම කරලා අව්රුද් 55 වුනහම රජය අපිට විශ්‍රාම වැටුපකුත් ගෙවන්න ඕනේ ?
'90 ගණන් වල මුල භාගයේ සිට පටන් ගැනුණ ප්‍රවනතාවක් නම් බොහෝ ආයතන තුල වෘත්තිය අධ්‍යාපනය ලැබූවන් උපාධිධාරීන්ට වඩා ඉදිරියෙන් සිටීමයි. ඊට හේතුව නම් වෘත්තිය අධ්‍යාපනය ලැබූ කෙනෙක් රැකියාවට පැමිණෙන විටම ඒ සඳහා අවශ්‍ය දැනුම ඔහු තුල තිබීමයි. වර්තමානයේදී ඉහත සඳහන් කල ප්‍රවනතාවය බෙහෙවින් වැඩි වී ඇත. එබැවින් මේ උපාධිධාරීන් කල යුත්තේ සැමවිටම තමන් අන් අයට වඩා උසස් යන මහා මානයෙන් නොපෙළෙමින්, වරද සෑමවිටම අන් අයගේ යයි ඇඟිල්ල දික් නොකොට, සුළු රැකියාවක් හෝ කොට වෘත්තිය අධ්‍යාපන පුහුණුවක් ලබා රැකියා වෙළඳපොලට අතුල්වීමයි.
නාරධ මහතාගේ අදහස් මම අනුමත කරනවා, අද ලංකාවේ පහුණු මෝටර් කාර්මික ශිල්පියකු, විදුලිකාර්මික ශිල්පියෙකු , වඩු කාර්මිකයෙක් විශ්ව විද්‍යාලයෙන් පිටවුණා අලුත් උපාධිකාරයෙකුට වැඩිය හොඳ වැටුපක් ලබනවා ,