
යුරෝපයේ රදගුරු පදවියේ ප්‍රධාන දේවගැති රොබට් ඉනස් බිෂොප් පියතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගත්තේය .
මහනුවරට පැමිණි බිෂොප් පියතුමන් කතෝලික දේවස්ථාන කිහිපයකටම යාමට නියමිතව තිබූ අතර උන්වහන්සේ දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මල් වට්ටියක් දී බිෂොප්වරයා පිළිගත් අතර දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා සමඟ සමඟ විශේෂ සාකච්ඡාවක ද නිරත විය .
(ෂේන් සෙනෙවිරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉතා හොඳ මිත්‍රශීලී මෙන්ම බහු ආගමික අන්‍යෝන්‍ය සමගිය ඇතිවෙන වැඩ.
එයාලා එහෙම කළාට අපේ නායක හාමුදුරුවෝ නමක් කවදාවත් කතෝලික පල්ලියකට ගිහින් ඉටිපන්දමක්වත් දල්වයිද?