(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය කාලයේ බන්ධනාගාරගතව සිටියදී ලියන ලද ‘යදමින් බැඳි අක්ෂර’ නමැති කෘතිය ජනගත කිරීම අද(22) කොළඹ 07, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කෙරිණි.
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත කෘතියේ මුල් පිටපත විමල් වීරවංශ මහතා විසින් පිළිගැන්විණි.
කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ අතර අචාර්ය කිරම විමලජෝති හිමි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ , මහාචාර්ය ගුණදාස අමරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මුලසුන හෙබ වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ උත්සවයට ආණ්ඩුවේ කාටවත් ආරාධනය කරලා නැත්තේ .....?
එ්කත් පොතක්... තවත් අලුත් පොතක් වගේ..
ඇයි අනේ මෙයාගේ අර අනිත් අලුත් පොත නැද්ද?
නොදකින් තව කොහෙද අවුරුදු ගාණක් ඇතුලෙ හිටියා නම්. ගොබ්බ යහපාලනය හොරුන්ට දඬුවම් දෙනවා කියපු නිසා අපිත් ඒ අයගේ පස්සේ ගියා. දැන් වීරයෝ වෙලා පොත් බෙදනවා.
අනේ මේ රට බේරාගත් මහින්ද ජනාධිපතිතුමා මේ රටේ පිළිගත් මහජනතාව ගරුකරන කෙනෙක්. මේ වගේ මිනිස්සු එක්ක එකතුවෙලා අාත්මගරුත්වය නැතිකර ගන්නවා කියල එතුමාට තවම තේරුනේ නැද්ද? එහෙම නැත්නම් දැන් අානතවෙලා වගේ ඉන්න නිසා ඕනෑම හොරෙක් එක්ක එකෙතු වුණාම කමක් නැහැ කියලා එතුමා හිතනවද දන්නේ නෑ.
හොඳ වැඩක්.... අපිටත් නවවන ශ්‍රේණියේදී පොතක් ලියන හැටි කියලා දුන්නා.
ඇයි අනේ මෙයයි, මෙයාගේ නෝනයි අර රට යන්න භාවිතා කරපු පුංචි පොත්වලට මොකද වුනේ? ඒවාට වටිනාකමක් නැද්ද? ඒවා යට ගිහින් ද?
‘යදමින් බැඳි අක්ෂර’ නමැති කෘතිය ජනගත කිරීම අද (22) කොළඹ 07, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කෙරිණි.
මෙයා වැරදිකරුවෙලා අවුරුදු ගාණකට හිරේ ගියොත්, මහාවංශය තරම් පොතක් ලියයි..
ලැබෙන ආරංචි අනුව ගෝඨාභය මහතාගේ පොත ලිව්වේ වෙන කෙනෙක්, ජනාධිපතිතුමාගේ දුවගේ පොත ලිව්වෙ තව කෙනෙක්, ඉතින් කවුද දන්නේ මේක ලිව්වේ මෙයාමද කියලා ?
අාරාදිතයෝ නිදි. පොත එච්චරම..............රසවත් නැතිව ඇති.
දුවට හැදු ආතතිය ගැන, ගෙදරදි උලේ තියන්න ගිහින් මැරුණු කොල්ලා ගැන එහෙම පොතේ ඇති..
මේ පින්තූර දකිනකොට මට හිතෙනවා අලිබබා සහ හොරු 40 කියලා නම දැම්මා නම් හොඳයි කියලා...
මහාචාර්ය, සහ ආචාර්ය වරු එකතුවෙලා අගයකරන්නේ අටේ පන්තිය විතරක් පාස් වෙච්ච දේශ පාලනය කරන කතුවරයෙකුගේ පොතක්. මේ මගින් අපට හිතා ගන්න පුළුවන් ආචාර්ය මහාචාර්ය වරුන්ගේ දැනුමේ ප්‍රමාණය සහ ඒ ගොල්ලන්ගේ මීළඟ පිම්ම මොකක්ද කියල. කුණු ගොඩට කුණු.
එයාලම ලියලා, එයාලම මුද්‍රණය කරලා, එයාලම පිළිගන්වා ගන්නවා.
අපේ රටේ දේශපාලකයන්ගේ බොළඳ කම පෙන්වන තවත් මොහොතකි. ජනතාව මුලා කිරීමට මොනතරම් උත්සාහයක් ගන්නවාද යන්න ජනතාව තේරුම් ගතයුතුය.
අනේ මෙහෙම නරි නාටක ! මෙයත් "පොතක්" දාල වගෙයි.
යදමින් බඳින්න ඕනේ අක්ෂර නොවෙයි අක්ෂර හරියට නොකරපු මෙයාගේ කට.
මාර පොතක් මේක. පාස්පෝර්ට් දෙකක් ගන්නකොට වාහන හතලිස් පහක් නෑදෑයන්ට බෙදනකොට ඔය පොත තිබුනේ කොහෙද දන්නේ නැහැ. අනේ විමල්, නිකන් සංදර්ශන දාන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න.
තුම්මුල්ලේ නම් ඉතින් විමලේ තමයි
මහල්ලා සහ මුහුද ලිව්වේ ගීද මොපසන් කියලනේ මෙය කිව්වේ. ඒනිසා මේකෙත් සත්‍ය කතෘ වෙන කෙනෙක් බව කවුරුත් දන්නවා.
එහෙනම් තවන් පොත් දෙක තුනක් ලියන්න අවස්ථාව ලැබේවි ළඟදීම.
කෝ මෙයාගේ දුව පෙන්න නෑ.. දැන් ඒ ළමයට සනීපද ..? දුව ගැන හිතලා නේද මෙයට ඇප දුන්නේ...? මෙයාලගේ හොර වැඩ නිසා ළමයි පව්.
පොත් ලියන්න වෙලාවක් මෙයාට තිබුණේ නැහැ. ඉස්පිරිතාලේ නේ හිටියේ... මේවා ගෝලයෝ ලියපු පොත්.
දේශපාලන සිරකරුවන් හෝ නිදහස් අරගලවලදී සිරගත වූවන් ඒ සිර ගෙදරදී පොත් ලිවීම ගරු කොට සැලකිය යුතුයි. ඒ ඔවුන්ගේ දේශපාලන හෝ ජාතික දර්ශනය සිරගත කළත් නොනැසී පවතින නිසායි. ඔවුන් ලියන්නේ ඔවුන්ව සිරගත කල කාරණයට හේතු වූ අරගලය සම්බන්ධවයි. හොරකම්, වංචා දුෂණ චෝදනා වලට ලක්වූවන් ලියන්නේ ඔවුන් සිරගත වූ වංචාව හෝ දූෂණය ගැනද? ඇප දෙන තෙක් රිමාන්ඩ් ඉන්නා චූදිතයන්ට පොත් ලියන්න අවකාශයක් ඇතැයි කියා මම නම් හිතන්නේ නැහැ. ඒ වාගේම මෙවැනි බහුභූත උත්සව වලට සහභාගී වී තම තත්ත්වය නැතිකරගන්නා ලොකු ලොක්කන් ගැනත් මට කණගාටුයි.
අනේ, මේ පොත හොඳයි එයාටම...
මහා පරිමාණයේ පිට කසා ගැනීම් තමයි.
හරියට හිරේ අවුරුදු ගාණක් හිටියා වගේ.