
(චන්ද්‍රසේන ගමගේ)
සූරියවැව මහවැලි කඩා ආර වැවේ අට දෙනකු ගමන් කළ ඔරුවක් පෙරලීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි සූරියවැව පොලීසිය පවසයි.
මහවැලි කඩාආර වැවේ අද දහවල් ඔරු පැදීමට ගිය පිරිසක් මෙම අනතුරට ලක්ව තිබේ. ඔරුව පෙරලීමෙන් අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු දා 10, 16 හා 18 පසුවන්නන් බව පොලිසිය කියයි.ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ.
කුරුණෑගල ප්‍රදේශයේ සිට සූරියවැව ප්‍රදේශයේ ඥාති ගෙදරක පැවැති දානයකට සහභාගී වීමට පැමිණි පිරිසක් අද දහවල් ප්‍රදේශයේ දෙදෙනකු සමග මහවැලි ආර වැවේ ඔරු පැදීමට ගොස් ඇති බවත් ඒ අතරතුරදී ඔරුව පෙරලී ඇති බවත් පොලිසිය කියයි.
මෙම පිරිස අතර කුඩා දරුවකු ද සිට ඇති අතර එම දරුවා සමඟ ඔරුවේ සිටි පස් දෙනකු දිවි ගලවා ගෙන තිබේ.

2025 නොවැම්බර් මස 04
392
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2172
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1649
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහවැලි කඩා ආර වැවේ ගිය ජීවිත තුන
Santhu Sunday, 13 November 2022 02:10 PM
අනේ දෙවියනේ.. හැමදාම 1ක් 2ක් වත් අහන ඛේදවාචක මේ. පොඩි ළමයින් යවන මෝඩ දෙමාපියන්ගේ නොදැනුවත්කම තමයි. මේවත් කවදාවත්ම පාඩම් ඉගෙන ගන්නැති විනෝදාංශ... වතුරට බහින්න ඕන හොඳට පිහිනන්න හැකි නම් විතරයි කියලා තේරෙන්නෑ. ජීවිත නැති වූ දරුවන්ට මෙවැනි අකල් මරණ ඇති නොවේවා...! ඔවුන්ට නිවන්සුව පතමු...