
(චන්ද්‍රසේන ගමගේ)
සූරියවැව මහවැලි කඩා ආර වැවේ අට දෙනකු ගමන් කළ ඔරුවක් පෙරලීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි සූරියවැව පොලීසිය පවසයි.
මහවැලි කඩාආර වැවේ අද දහවල් ඔරු පැදීමට ගිය පිරිසක් මෙම අනතුරට ලක්ව තිබේ. ඔරුව පෙරලීමෙන් අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු දා 10, 16 හා 18 පසුවන්නන් බව පොලිසිය කියයි.ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ.
කුරුණෑගල ප්‍රදේශයේ සිට සූරියවැව ප්‍රදේශයේ ඥාති ගෙදරක පැවැති දානයකට සහභාගී වීමට පැමිණි පිරිසක් අද දහවල් ප්‍රදේශයේ දෙදෙනකු සමග මහවැලි ආර වැවේ ඔරු පැදීමට ගොස් ඇති බවත් ඒ අතරතුරදී ඔරුව පෙරලී ඇති බවත් පොලිසිය කියයි.
මෙම පිරිස අතර කුඩා දරුවකු ද සිට ඇති අතර එම දරුවා සමඟ ඔරුවේ සිටි පස් දෙනකු දිවි ගලවා ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ.. හැමදාම 1ක් 2ක් වත් අහන ඛේදවාචක මේ. පොඩි ළමයින් යවන මෝඩ දෙමාපියන්ගේ නොදැනුවත්කම තමයි. මේවත් කවදාවත්ම පාඩම් ඉගෙන ගන්නැති විනෝදාංශ... වතුරට බහින්න ඕන හොඳට පිහිනන්න හැකි නම් විතරයි කියලා තේරෙන්නෑ. ජීවිත නැති වූ දරුවන්ට මෙවැනි අකල් මරණ ඇති නොවේවා...! ඔවුන්ට නිවන්සුව පතමු...