
(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අද (18) ට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අළුයම පැවැත්විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර හිටපු ජනාධිපතිවරයාට සෙත් පැතීම ද සිදුවිය.
නාරාහේන්පිට අභයාරාමාධිපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින් වාර්ෂිකව මෙම පිංකම සංවිධානය නරනු ලැබේ.



COMMENTS
ජාතියටම අභයදානය දුන් ඔබතුමාට "චිරං ජයතු"
සුබ උපන් දිනක් වේවා...! මධ්‍යම පංතියේ සමහර බකපණ්ඩිත කොමෙන්ටුකරුවන් කුමක් කීවද ඔබ මේ රටේ පොදු මහජනතා හදවත් තුළ සදා ජීවමාන චරිතයකි. රටට අභයදානය දුන් තැනැත්තෙකි. ඍණ ආර්ථිකයක්, ධන ආර්ථිකයක් බවට පත් කළ අයෙකි. චිරං ජයතු හිටපු ජනාධිපතිතුමනි..!
ඔබතුමාට සුබම සුබ උපන්දිනයක් වේවා... ඔබතුමා ඉතිහාසගතවන දුර්ලබ නායකයෙකි... දැන් ඔබතුමා නිදහසේ ගෙදරට වෙන නිදහසේ ඉන්න. දරුවන් වෙනුවෙන් යුතුකම් කල දැන් ඇති. ඒ අයගේ හැකියාවක් ඇත්නම් නැතක් ලැබෙයි...... ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා.
කිරි අම්මා නොවෙයි කිරි අප්පට දුන්නත් රටට කරපු /කරවපු මෝඩයින්ට නොපෙනෙන විනාශයට සසරින් එතෙරවීමට තවත් කල්ප ගණනක් සසර ගමන දිගුවෙනවාමයි තන්හාය ජායතී සෝකෝ තන්හාය ජායතී භයං
මතක වස්ත්ර පූජාවක් ඉක්මනින් සිදු කිරීමට 69 ලක්ෂයක ජනතාවකට බලවත් ආශාවක්ද නැත්තේම නොවේ.
ඔබතුමා තමා මවුබිම වෙනුවෙන් කල සේවයට හිස නමා ගෞරව කරන අතර නිදුක් නිරෝගී දිර්ගායුෂ ගෙනෙන සුබම සුබ උපන්දිනයක් වේවා , බුදු සරණයි.
ඒ වගේම අවුරදු 3 කට කලින් අද වගේ දවසක තමයි, අපේ බත්කන ජනතාව ආර්ථියක් හසුරුවීම ගැන කිසිම දැනුමක් නැති මැදමුලන ලීක්වාන්යූ සහ මහතීර් මොහොමඩ්ට ලංකාවත්, සිංගප්පූරුවක් කරන්න මුළු රටම බාරදුන්නේ... ඊට පස්සේ වෙච්චි දේ ඉතින් හැමෝම දන්නවානේ....
රටේ අවසානෙට යහපත් මිනිස්සු අකාලයේ මැරෙනවා... ධර්මසිරි සේනානායක වැනි කිසිඳු චෝදනාවක් නැති යහපත් මිනිස්සු අද අප අතර නැහැ.
තමන්ගේ මඩිය තරකර ගැනීමේ අරමුණෙන් සුදු අලි ව්‍යාපෘති රැසක් කරමින් මේ රට හිඟමනට ඇද දැමූ තක්කඩි පාලකයින්ට ආවඩන නිවට වහල් මනසකින් යුත් අඥානයින් රැලක් තවමත් සිටින බව තමයි පෙනෙන්න තිබෙන්නේ. උස කුළුණු, වී වේලන මහා මාර්ග සම්මන්ත්‍රණ ශාලා, හා වනාන්තරයේ ඉදිකළ ගුවන් තොටුපොළවල්, විනෝදෙට උඩ ඇරපු රොකට් මේවා මේ රටේ ජනතාවගේ මුදල් කියලාවත් තේරුම් ගන්න බැරිද මෝඩ මිනිසුනේ..දැන් ඒ ණය ගෙවන්න වෙලා තියෙන්නේ කාටද? කඹුරාපල්ලා ජීවිත කාලය පුරාවටම, එක අතකට, කරුමය මුල්කරගත් උඹලගේ උරුමයට ගරහලා තේරුමක් නැහැ. ඔය කාටවත් උපන්දින ශුභ පැතුම් පතන්න අපට නම් රුදාවක් නැහැ. එක අතකට ඔහොම වෙලා මදි උඹලට!!
අම්බරුවන්ට මොන උපන්දිනද ....
මෙය ඔබේ අවසාන උපන්දිනය වේවා!!!!
ඖ, දැන් රාඡපක්ෂ නාමය මහඡනයාට එපා වෙලා ආයෙ රටේ බලය ලැබෙන්නෑ කියනව. නමුත් බලාන යද්දි දවසින් දවස දෙන කියන දෙස් සාප වල තරම ගැන දකිද්දි ආපසු ඒ අයටම ලැබෙනවද කියලත් හිතෙනවනෙ. කෙනෙක් වයසට යන එක සක්දෙවි යන්ටවත් නතර කරන්න බැහැ. අද ඡනපති තරඟයට ආවත් දිනන බවනෙ හැඟෙන්නෙ. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා.!
සුබ උපන් දිනයක් වේවා මහින්ද රාජපක්ෂ මැතිඳුනි..
ඡන්දෙන් බලය ගන්න බැරි කාලකණ්ණි ඔබතුමාට දොස් කිව්වට හැමෝම දන්නවා වෙච්චි දේ... රජයේ ඉන්න වංචාකාරී නිලධාරීන් ටිකයි, කූට ව්‍යාපාරිකයින් ටිකයි.., එකතු වෙලා රට විනාශ කරලා රට හැදූ ඔබතුමාලාට දොස් කියනවා. දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා. ඒ අය දන්නවා ඇත්ත. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
ඔබතුමාට සුබම සුබ උපන්දිනයක් වේවා ඔබතුමාට... මෙතන ඔබතුමාට බනින මිනිස්සු මෙලෝ හසරක් නොදැන ඔහේ රැල්ලට බනිනවා. රටට උනදේ මහබැංකු අධිපති තුමා පැහැදිලිවම තේරුම් කරලා දුන්න. ඔබතුමාගේ තේජසින්, පින් බලයෙන් බැබලෙන්න හදපු සහෝදරයෝයි, නූගත් දරුවොයි , ගෝටාභය ජනාධිපති තුමාගේ උද්දච්ච කමයි තමයි ඔබතුමාගේ ප්‍රතිරූපය විනාශ කෙරුවේ..... දීර්ගායු වේවා..!
දැංවත් රගන්නැතුව ඉන්න ලොක්කා. මමත් මේ ලගක් වෙනකන් යුද්දෙ ඉවරකරපු එකට කඩේ ගියා. ඒත් දරුවෙක්ට කිරි උගුරක් බෙහෙත් පෙත්තක් නැති තැනට රට ගෙනිහින් දැන් නිකං තනේ එරෙන කිරිටිකත් විකුනං කන්න හදන්න එපා. දැන්නං අප්පිරියයි.
ඉක්මනින්ම නිරයේ ඉපදේව, පව් කාරයා. රටේ අහිංසක දරුවන්ගෙ කිරි කඳුලත් නැති කල පාපතරයා
ලංකාවේ හිටපු හොඳම ජනපතිතුමා තමයි මේ ඉන්නේ...
එයාට ලැජ්ජත් නෑ. අනිත් එක්කෙනාට ලැජ්ජත් නෑ. අනිත් එක්කෙනා තමන්ගේ රටේ ඉඳලා මොළ හත රීචාර්ජ් කරගෙන ඇවිල්ලා මොනවද කරන්නේ කියලා අපි කටවල් ඇරගෙන බලන් ඉමු. අවුරුදු තුනකට කලින් "තුනෙන් දෙකක බලයක් දුන්නොත් මහ බැංකු මංකොල්ලකාරයා ගෝල්ෆේස් පිටියට ගෙනැල්ලා එල්ලලා මරනවා" කියලා පොරොන්දු වෙලා බලයට ඇවිත් අන්තිමේදී ඒ මනුස්සයාම ජනාධිපති පුටුවේ ඉන්දවපු මිනිස්සුනේ මේ අපිව ගොනාට අන්දන්න හිතාගෙන ආයෙත් වතාවක් පන්සල් ගානේ කරක් ගහන්න පටන් අරගෙන තියෙන්නේ.
ලංකාවේ ඉන්නවා පුජක ඇඳුම ඇඳගත් රැළක්. ඔය උපන්දින සමරන මහල්ලාගෙන් මේ රට ගලවා ගත්තත්, මේ අයගෙන් මේ රට, මේ ආත්මෙදී නම් ගලවා ගන්න ලැබෙන්නේ නැහැ. උප්පත්තියෙදී තියන ඇරියස් ඔක්කොම මේ චීවරය යොදාගෙන කවර් කර ගන්නවා. අත් හැරීම ගැන දම් දෙසුවට, මෙවුන් තමයි පෙරේත ආත්ම වල ඉපදිලා, කපුටෝ, බහිරවයෝ, මලපෙරේතයෝ, කුම්භාණ්ඩයෝ වෙලා මේ රටේම නැවත නැවත ඉපදිලා අපට පව් දෙන්නේ.
ඇත්ත කිව්වම කොහොමද බන් පෙරේත ආත්මවල උපදින්නේ. මේ ආත්මෙත් පෙරේතයෙක් වෙලා ඉපදිලා මදිවාට, ගින්දර පෙන්වලා මාව බය කරන්නද උඹ මේ දඟලන්නේ. අධම පාලකයින්ට ආවඩමින් රට ගිනි තියන උඹලා ගින්දරට බය උනාට, අපිට නම් ගින්දර කියන්නේ එදිනෙදා ප්‍රයෝජනයට ගන්න දෙයක්. අසරණ ජනතාව ගොනාට අන්දා කුසගිනි නිවාගෙන අධර්මිෂ්ඨ පාලකයින්ට ගැතිකම් කරන උඹල වැනි ආත්ම වංචනිකයින්ට යන්න වෙනම අපායක් නම් හදන්නවෙයි!!
මෙක ජනදිපති වෙන්න ඉස්සෙර,මෙයාගෙ වටිනාකම ගැන කවුරුවත් දන්නවද? මෙ හොර සුනමි අරමුදලෙන් හොරාකෑව. හෙල්පින් හම්බන්තොටින් හොරාකෑව, පාරවල් හඩන වලින් කොමිස් ගැහුව, එතකොට මුගෙ පවුලෙ අයට දුන්න ගැහිලි? මෙව මෙ රටෙ දුප්පත් ජනතවගෙ මුදල් නේද! මෙක නම් අනිවාරෙම්ම හතර අපායෙ ඉපදෙනවමයි.