IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


බුද්ධංගල අභයභූමියේ වන සතුන්ට උහන ප්‍රා.සබෙන් ජලය

(වසන්ත චන්ද්‍රපාල)

 අම්පාර දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං තත්වය හේතුවෙන් බුද්ධංගල අභයභූමියේ වෙසෙන වන සතුන් දැඩි ජල හිඟයකට මුහුණ පා ඇති බවත්, උහන ප්‍රාදේශීය සභාවේ කාර්යමණ්ඩලය ඔවුන්ට ජලය සැපයීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් එහි සභාපති උපුල් ප්‍රියන්ත මහතා සඳහන් කරයි.
 
බුද්ධංගල අභයභූමිය තුළ වළවල් හාරා, ඊට ජලය යොදා සතුන්ට පානයකිරීමට සැලැස්වූ බවත්, දැනට රඳවා ඇති ජල රඳනවලින් මුවන්, වන අලින්, රිලව් වැනි සතුන් විශාල ප්‍රමාණයක් ජලය පානය කරන බවත්, ඒ මහතා පවසයි.
 
මේ සඳහා උහන පොලීසිය, උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අම්පාර වනජීවි කාර්යාලය සහ උහන ගුවන් හමුදා කාර්යාලය සහය දක්වති.
 
මේ සඳහා දිව්ලපිටිය එම්. එම්. සී. ආයතනයේ චමින්ද දරිජු මහතා  සහ මේරියන් සර්වියර් යන දෙපළ  විසින් ජල රඳවන 100ක්  ලබාදී ඇත.
 
අභය භූමිය තුළ තැන්පත් කරන ලද ජල රඳවනවලට උහන ප්‍රාදේශීය සභාවේ බවුසර මගින් ජල ලීටර් 9000 ක් ද , උහන ගුවන් හමුදා කඳවුරේ බවුසර් මගින් ජල ලීටර් 11,500 ක් ද, පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බවුසර් මගින් ලීටර් 8,000 ක් ද යොදවා තිබේ.
 
දිනපතාම මෙම වතුර රඳවන සදහා ජලය සැපයීමට උහන ප්‍රාදේශීය  සභාව කටයුතු කරන බව පවසන උපුල් ප්‍රියන්ත මහතා වන සතුන්ගේ ජීවිතය බේරා ගැනීමට මීට සහයවන ලෙස ද ඉල්ලා සිටියි.



අදහස් (3)

බුද්ධංගල අභයභූමියේ වන සතුන්ට උහන ප්‍රා.සබෙන් ජලය

shan Tuesday, 02 July 2019 05:18 AM

ඉතාම හොද පුණ්‍ය ක්‍රියාවක් මේ සතුන්ට හැකි පමණින් උපරීම ජල පහසුව ලබා දෙන්න හැකිනම් කෘතීම පොකුණක් පොලිතින් දමා නිර්මාණය කර වැඩි ජල ප්‍රමාණයක් ඇති තැනක් කරන්න. මොකද අලි ඇතුන් වැනි සතුන්ට මේ ජලය තිබෙන බඳුන් මදි. ඔබ සැමට පින්සිදු වේවා

:       0       85

lasantha Tuesday, 02 July 2019 08:59 AM

ඉතාම හොද වැඩක් කරලා තියෙන්න, පින් සිදු වෙනවා මේ සදහා වචනයකින් හරි උදව් උපකාර කර සියලුම දෙනාට, බුදුසරණයි

:       0       73

Raveendra Tuesday, 02 July 2019 10:34 AM

බොහොම පිං සිද්ධ වෙන සත් ක්‍රියාවක්. සහභාගි වූ සැමට පිං මෙන්ම සියලු කටයුතු සාර්ථක වේවා..!!!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1792 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1470 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 523 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site