IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පැස්තුඩුවෝ මුන්දලම කලපුව හැඩකරති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මේ දිනවල මුන්දලම කලපුවේ පැස්තුඩුවන් (ඔටුමානා ) රංචු පිටින් සැරිසරමින් සිටිමත් සමඟ අලංකාර දසුන් මවමින් සිටින බව පරිසරයට ඇලුම් කරන්නම් පවසයි.

මෙම පැස්තුඩුවන් රංචු පිටින් මුන්දලම කලපුවේ උඩප්පුව මෝය ආසන්න හා පුලිච්චිකුලම ආසන්නයේ සැරිසරන බව ධිවරයින් පවසයි.

වියලි කලාපයේ බහුල ලෙස දැකිය හැකි මෙම පැස්තුඩුවන් තෙත් කලාපයේ ඇතැම් ස්ථානවල දැක ගත හැකි විම විශේෂත්වයකි.

කිලෝ 3 කට ආසන්න බරකින් යුත් පැස්තුඩුවන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා වාර්තා වි ඇති නමුත් මුන්දලම කලපුව පැස්තුඩුවන්ට නිදහස් පරිසරයක් සකසා දි ඇත්තේ කිසිවකුගේ හිරිහැරයනට මෙම කලපු තිරයේ කල් නොවිම නිසා බව ධිවරයෝ පවසති.

ජ්‍යෙෂ් පරිසරවේදි නිතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසා සිටියේ  ශ්‍රී ලංකාවට ආවේණික නොවන පැස්තුඩුවන් ආසියා කලාපයේ ඉන්දියාව , බංගලිදේශය , පිලිපිනය , ඇතුළු රටවල දැක ගත හැකි නමුත් එම රටවල් තුල මේ වන විට පැස්තුඩුවන් ගහණය අඩුවෙමින් තිබෙන බවයි.

එසේම ශ්‍රී ලංකාව තුල පැස්තුඩුවන් ගහණය ඉහල මට්ටමක පවතින බවද මේ වන විට  වදවියාමේ දැඩි තර්ජනයට ද  මෙම දැවැන්ත පක්ෂීයා ලක්වී ඇති බව ජගත් ගුණවර්ධන මහතා පැවසීය. 



අදහස් (0)

පැස්තුඩුවෝ මුන්දලම කලපුව හැඩකරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site