IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


පොලිස් කතගේ බෙල්ලෙන් ඇල්ලූ පොලිස් පරික්ෂකට වැඩ වරදීද?

(ඉන්දිකා රාමනායක සහ යොහාන් බාසුර)

විරෝධතාවේ පා ගමනක නිරත කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙසට බලකරමින් පොලිස් පරීක්ෂකවරයකු පානදුර ගොරකාපොළ ප්‍රදේශයේ දී පොලිස් කාන්තාවන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා ආවේග ශීලි ලෙස හැසිරිම සම්බන්ධයෙන්  සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය මුලස්ථානය කියයි.

උසස් පොලිස් නිලධාරියකු පොලිස් කාන්තාවනට ප්‍රසිද්ධියේ සිදුකරන මෙම හිරිහැරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා මෙම සිද්ධිය හෙළ දකිමින් විවිධ පුද්ගලයන් පොලිසියට දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයෙන් පානදුර සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ මෙම විශේෂ විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

එම විමර්ශනයේ හෙළි වන කරුණු අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.

පානදුර ගොරකාපොළ ප්‍රදේශයේ එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් පානදුර දකුණ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එම කාන්තාවන් දෙදෙනා එක් කාන්තාවක් පොලිස් ජිප් රථය වෙත තල්ලු කරමින්, ඇය අත්අඩංගුවට ගන්නා ලෙසට කෑ ගසමින් අසල රාජාකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපස්වරියන් දෙදෙනාගේ ගෙලින් අල්ලා ඔවුන් ඒ දෙසට තල්ලු කරන අයුරු සාමාජ මාධ්‍යවල ප්‍රචාරය වි තිබුණි.

 



අදහස් (48)

පොලිස් කතගේ බෙල්ලෙන් ඇල්ලූ පොලිස් පරික්ෂකට වැඩ වරදීද?

Sunil Sunday, 13 November 2022 04:06 PM

මේ නම් පොලිස් නිලධාරීන් නම් නොවේ වන සත්තු .

:       3       102

sisiraSunday, 13 November 2022 09:24 PM

ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ ඉදිරියේ පොලිස් කතගේ බෙල්ලෙන් ඇල්ලූ පමණක් නොව දෙදෙනෙකුගේ බෙල්ලෙන් අල්ලා ඉදිරියට තල්ලු කල පොලිස් පරික්ෂකගේ පොලිසිය තුලදී හැසිරීම පිලිබදව සොයා බලන්න.

:       0       32

කඩ්ඩ-පොලිෂ්Sunday, 13 November 2022 10:31 PM

පොළිසියේ හෙළුව රටටම පෙන්නුවේය...!

:       0       27

sena Sunday, 13 November 2022 04:11 PM

තෙන්නකෝන් මහත්තයා නියෝග දුන්නේ පරීක්ෂණ කරන්නද පරීක්ෂණ කරනව වගේ ඉන්නද කියන එක පැහැදිලි නැහැ.

:       2       117

චමින්ද Monday, 14 November 2022 06:25 AM

කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලපු එකාට ලබන සතියේ ස.පො.අ. තනතුරක් නොලැබුනොත් තමයි පුදුමෙ එහෙමයි අපී උත්තමයින්ගෙ වැඩ .අපි බලමු කෙල්ලට රාජකාරි නොකලා කියලා චෝදනා පත්‍රය දෙන්නෙ නැද්ද කියලා එහෙම නොවුනොත් ඉර පායන පැත්ත වෙනස් වෙන්න පුළුවන්

:       0       30

පිටිගල මිලානෝ Sunday, 13 November 2022 04:25 PM

කාන්තාවන්ට හිරිහැර හිංසා කරන කෙනෙක්… මව්කුසයෙන් බිහිනොවූ ඕපපාතිකයෙක්...!

:       2       97

pakeer Sunday, 13 November 2022 04:42 PM

පාරේ කෑ ගහන්නේ සල්ලි නැති නිසා. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැති නිසා. අවංකවම මම ආස නැහැ දැන් කඩවලට යන්නවත්. අපි තාම මොනවද හරි කරලා දවස ගෙවනවා. ඒත් සමහර අය සල්ලි ඉල්ල, ඉල්ලා බඩු ඉල්ල ඉල්ලා කඩ ගාව ඉන්නවා. මේ පොලිස් කාන්තාව කවුරු වුණත් සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි. හිඟා නොකා හිඟා කනව. එත් මේ වගේ ලොකු පොලිස්කාරයන්ට සල්ල කාරයන්ට කොහොම හරි ගතමන්ට එක ලැබෙනවා. ඉත්නි එයාලා ආණ්ඩුවෙ කුණු සෝදනවා. හිතට එකඟව මේ අයව අත්අඩංගුවට ගන්න බැහැ.

:       13       102

mpMonday, 14 November 2022 12:02 PM

ඔබ මතුකර ඇති කරුණු ඇත්තෙන්ම සාධාරණයි. මිනිසුන්ට දැන් වැලේ වැල් නැතිව ඉන්නේ. කරන්න තියෙන එකම දේ රටේ මේ වගේ තත්ත්වයක් ඇති කළ දේශපාළුවන්ගේ අම්මාවරුන් නිතර මතක් කිරීම පමණයි. නැතිව මොවුන්ගෙන් ගුටිකන එක නොවේ...

:       0       12

Kasun Sunday, 13 November 2022 05:02 PM

මෙයාට ප්‍රසිද්ධියේ ගල්ගහලා මරන්න ඕනෑ...

:       2       85

විපරමා Sunday, 13 November 2022 05:07 PM

මේ වගේ ඔලුව උදුම්මගෙන වැඩ කරන ජඩ පොලිස් නිලදාරීන් කිසිම රටක නැතුව ඇති. පොලිස් කාන්තාවන්ට ප්‍රසිද්ධියේ මෙහෙම නම් පොලිසිය ඇතුලේ කොහොමට සළකනවා ඇත්ද? පොලිස් දෙපාර්තමේන්තුවටත් අවනම්බුවක්.

:       1       103

forceslife Monday, 14 November 2022 07:02 PM

එක එහෙමම තමයි !

:       0       4

ganegoda Sunday, 13 November 2022 05:10 PM

කවුද මේ පොලිස් පරික්ෂක

:       1       60

gamsaba Sunday, 13 November 2022 05:45 PM

හරිම ලස්සන පින්තූරය... ලංකා කාන්තාවන්ට ගරුකරන රටක් නම් මේ අයව ‘‘ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් වහාම වරප්‍රසාද, දීමනා රහිතව වැඩ තහනම් කර ඉවත් කළ යුතුයි.‘‘ ලංකාව කියන්නේ ඉන්දියාවේ පස්ස දොර නොවිය යුතුයි...!

:       1       90

fairoos Sunday, 13 November 2022 05:47 PM

ඕවා එඩිට් කරපු පොටෝස්නේ.

:       84       7

පිටරැටියා Monday, 14 November 2022 05:57 AM

විදෙස් රටවල ඉන්න ලාන්කිකයො පවා මේ සිද්දිය දැක්කා .අද තාක්ෂණය දියුණුයි. එඩිට් කරන්නේ අහවල් දේකටද ?

:       1       24

චතුරි Sunday, 13 November 2022 06:18 PM

මෙයාට පුළුවන්නේ වුවමනා කෙනා අත්අඩන්ගුවට ගන්න. කාගෙවත් බෙල්ල අල්ලන්නේ. කාකි ඇඳුම ඇඳන් හිටියාට කවුද දන්නේ...? ගැහැණියෙක්ද කියලා. ඔය වගේ දෙවල් කරන්නේ ඒකයි. නිවට, පිරිමි. මෙයාව අරන් යන්න ඕනෑ. වේල් කරත්තේ පෙරහැර දවසට. නටන්න අරන් යන්න ඕනෑ. ඔය වගේ කට්ටිය තමයි නටන්නේ...

:       2       56

Shan Monday, 14 November 2022 01:03 AM

බලන්නකෝ, ඔය පොලිස් නිලධාරිනිය තව ටික දවසකින් කියන් නැද්ද කියලා ‘‘සර් මගේ බෙල්ලෙන් ඇල්ලුවේ නෑ.., සර් අත මගේ බෙල්ලේ පොඩ්ඩක් වැදුණා..., ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි කියලා...‘‘

:       1       14

chandawimala himi Sunday, 13 November 2022 07:15 PM

මොහුට උපරිම දඬුවම් දිය යුතු අතර දඩයක් නියම කොට එය වන්දියක් ලෙස පීඩාවට පත් පොලිස් කාන්තාවන්ට ලබාදිය යුතුය. ඔවුන් හිංසනයට පමණක් නොව කාන්තා නිලධාරීන් වශයෙන් මෙම ගරු සේවය පහත් කොට ඇති අතර ඔවුන්ගේ ආත්ම ගරුත්වයටද අවනම්බුවක් වී ඇත.

:       1       59

sampath Sunday, 13 November 2022 07:28 PM

මේක මනේන මේ විදියට අල්ලලා අත්අඩංගුවට ගන්න කියලා දෙන පෙරහුරුවක් වෙන්න් බැරිද?

:       19       29

podiekaaSunday, 13 November 2022 07:54 PM

ලංකාවේ කාන්තාවන්ට ගහන්න, බනින්න, අතවර කරන්න ඉතාම ප්‍රසිද්ධ රටක්...

:       3       52

thoppiyaa Sunday, 13 November 2022 07:45 PM

මේ පොලිස්කාරයා අපේ ගමට ආවොත්, එල්ලනවා ලයිට් කණුවක...

:       1       66

surasena Sunday, 13 November 2022 10:46 PM

කලිසම අස්සෙ තිබුනු ප්‍රශ්නයක් ඔලුවෙන් මතුවෙලා නේද !

:       0       18

siri Sunday, 13 November 2022 10:53 PM

කමිස අතේ ගහගෙන ඉන්නේ නම් "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරී" කියලයි. තේරුමවත් දන්නවද කියන්න අමාරුයි.

:       0       21

Perera Sunday, 13 November 2022 11:04 PM

ඔය තෙන්නකෝන්ගෙ බත්බැලයො මිනිහගෙ උවමනාවන් ඉටුකරනව.

:       1       17

Kumara Monday, 14 November 2022 02:13 AM

බෙල්ල ඔහොම ඇල්ලුවා නම් අනෙක් ඒවා කොහොම අල්ලයිද?

:       0       17

මෝ Monday, 14 November 2022 05:27 AM

ලංකාවෙ නීතියෙ කෙතරම් ලිහිල්ද යන්න,ලෝකෙටම පෙන්වන සිද්දියක්.ලංකාව මානව හිමිකම් ගරු කරන්නේ නැති ගෝත්‍රික රටක් බව ලෝකෙට පෙන්වන දර්ශනයක්.දියුනු ශිශ්ට රටකනම් මේ නිලදාරියා ඉන්නේ හිර ගෙදර.බෙල්ලෙන් අල්ලන්න ඕනෙ නෑ.ඇගිල්ල උරුක් කරල තර්ජනය කලත් ඇති.ඔය නිලදාරියාට මාරුවීමක් හම්බවේවි නුගේගොඩ දිහාට එච්චරයි.ඔයපරීක්ශන කරන්න කියන ගොබිලම වෙන්න ඇති ඕඩරේ දෙන්නත් ඇත්තෙ අර කාන්තාවන් අත් අඩංගුවට ගන්න.

:       0       18

Ajasathth Monday, 14 November 2022 05:32 AM

අතේ පිරිත් නුල බැඳගෙන අර මනුස්සයාගේ බෙල්ල මිරිකනවා . වැටත් නියරත් ගොයම් කානම් කාට පවසන් මේ අමාරුව

:       0       19

නිමේෂ් Monday, 14 November 2022 07:38 AM

රනිල්ගේ ආණ්ඩුව තියන්කන් මෙයාට කිසිම දෙයක් වෙන්නේ නැහැ , එක හින්ද තමයි එයාව එතනට එවපු කෙනාවම ඒ ගැන පරීක්ෂණ කරන්න දාල තියෙන්නේ

:       3       18

Saman Monday, 14 November 2022 08:47 AM

මට බය උසස් වීමක් දෙයිද කියල එහෙවු රටක් මගෙ රට

:       0       16

Sas Monday, 14 November 2022 09:36 AM

ලංකාවේ පොලීසිය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝණය කරන, නිලධාරීන් අල්ලස් ලබා ගන්නා දූෂිත ආයතනයක් බවට දේශීයව ප්‍රසිද්ධ ව ඇත. ඵසේම ඵය බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝණය කරන ආයතන ලෙසට විදේශීය වද ප්‍රසිද්ධ වී ඇත. මෙම ඡායාරූප යෙන් ඵම මතය වඩාත් තීවිර කරයි.

:       0       16

sharm warn Monday, 14 November 2022 09:55 AM

මොනවද ඉතින්.. මෙ ගොන් තඩියව තව කොහෙට හරි මාරු කලා කියල ඊලඟ පුවත තියෙයි.. මොකද මෙ රටෙ පොලිසියෙ ඉහල තනතුරු වල ඉන්න සහ මෙ වගෙ අයුතු ලෙස බලය පවිච්චි කරල මහ එවුන්ගෙ මන දොල සන්සිදවන මී හරකුන්ට කවදාවත් දඬුවම් දෙදෙ නෑනෙ..

:       0       13

sulakshana Monday, 14 November 2022 11:00 AM

මොහු පහළ නිලධාරීන් සමග සමීපව වැඩකරන රාජකාරියට කැපවුණු ප්‍රායෝගික නිලධාරියකු වීමටද ඉඩ තිබේ...

:       6       4

ganegoda Monday, 14 November 2022 12:06 PM

මේ අවස්ථාව පින්තූරගත කළ පුද්ගලයාට සම්මානයක් පිරිනැමිය යුතුයි...!

:       0       12

gamsaba Monday, 14 November 2022 01:16 PM

ඒ ඡායාරූප ශිල්පියාට අපගේ ස්තුතිය..!

:       0       13

saththyaa Monday, 14 November 2022 01:19 PM

ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර... ඔබට අපගේ ස්තුතිය..!

:       0       9

Rata Perata Monday, 14 November 2022 12:50 PM

මේ මනුස්සයා විවාහක නම් මේ වගේ කෙනෙක් එක්ක ඉන්න කාන්තාවට, ළමයින්ට දෙවි පිහිටයි.

:       0       8

akila Monday, 14 November 2022 03:09 PM

ඔය වගේ අය ගෙවල්වලත් ඔහොම තමයි...! පාරෙ තොටේ හැදිච්චකමක් නැති කෙනෙකුගේ ගෙදර විනය ගැන මොන කතාද?

:       0       5

ප්‍රේමසිරි Monday, 14 November 2022 01:26 PM

ඔය කට්ටියට ඔහොම නොකරත් බැහැ. මොකද කෙනෙක් පොලිසියට ගියාම ඒ අය ඉන්නේ පැරැණි වලව්වල ගැහැණු වගේ. ඇවිල්ලා ඉන්නේ ඔවුන්ගේ වැඩකාරයින් කියලා හිතන්නේ. බොරු නම් ගිහිල්ලා බලන්නකෝ... පොලිසිය හොඳින්ම හැදුවා කියලා එක් පුහුණු උපදේශකතුමෙකු අපිටත් දේශනයක් දෙද්දී කිව්වා අපිට මතක් වුණා.. ඒ පොලිසියේ ගේට්ටුවේ සවිකර තිබුණු නවතිනු කියන පුවරුව... අපි ඒ ගැන දේශක තුමාගෙන් ඇසුවාම වෙරි සොරි මම ඒක දන්නෙ නැහැ කිව්වා. ඒකෙනුත් පේනවා ඔය ආයතනය කෙසේවත් හදන්න බැහැ කියලා...

:       2       5

podiaarachchi Monday, 14 November 2022 01:33 PM

අපේ රටට, ජාතියට සහ පිරිමි ජාතියටම ලොකු නින්දාවක්...! වහාම ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක්...!

:       1       6

sisira Monday, 14 November 2022 03:13 PM

වටකරගෙන ගහලා අත පය කඩලා දාන්න ඕනේ...! බඩගාගෙන ගිහින් හිඟාකන තත්වයකට පත්කරන්න ඕනේ..!

:       2       4

චන්දිම ෆොන්සේකා Monday, 14 November 2022 04:34 PM

හොඳට බලන්න ඔය පින්තුරේ මිනිහාගේ මුහුණ... මට නම් පේන්නේ ආදරේට බෙල්ල ටිකක් කිති කැවෙන්න ලාවට කොනිත්තලා, ලාවට මිරිකලා මේ පොලිස් නිලධාරිනිය දිහා හරිම ප්‍රේමනීය බැල්මක් දානවා වගෙයි. හරිම රොමැන්ටික්. මට නම් හිතෙන්නේ මේ අව් අස්සේ මිනිහාට මේ නිලධාරිනිය ගැන මොනවාද හිතිලා වගෙයි කියාලා. ඒවට නම් කොහෙත්ම ඉඩ තියන්න නරකයි.

:       0       0

Bamunuarachchi Monday, 14 November 2022 05:09 PM

දෙන නියෝග පිළිපදින්නේ නැතිනම් බෙල්ලෙන් අල්ලලා මදි පස්සට පා පහරකුත් දිය යුතුයි. උසස් නිලධාරීන් දෙන නියෝග ප්‍රශ්න කිරීමටත් නියෝග පිළිනොපැද ඉන්න අයිතියක් පහළ නිලධාරීන්ට නොමැත. නියෝග ක්‍රියාත්මක කරන්න බැරි නම් සේවයෙන් අස්වෙලා යන්න...

:       2       2

චන්දිම Monday, 14 November 2022 06:36 PM

එහෙම හරියන්නේ නැහැ හලෝ. උසස් නිලධාරියා කිව්වයි කියල වැරදි නියෝගයක් ක්‍රියාත්මක කලොත් අන්තිමේදී වෙන්නේ පහල මිනිහා අමාරුවේ වැටෙන එක විතරයි. ලොක්ක කරදරයක් නැතුව මාරු වෙනවා. මේ පාරේ යන දෙන්නෙක්ව අල්ලන්න කියන්නේ ලොක්කට මොකක්ද පිස්සුවක් හැදිච්ච නිසයි. ඒක තේරුම් ගන්න ඔක්කොටම කලින්.

:       1       1

ganegoda Monday, 14 November 2022 06:55 PM

දැන් තමයි ආරංචි .මාමට කන පැලෙන්න දෙන්න හිතෙන්නේ

:       0       2

sharm warnTuesday, 15 November 2022 10:02 AM

මෙයා නම් ඉහලින් දීලා තියන අණ හරියටම පිළිපදිමින් කියන තාලයටම අකුරක් නෑර ලියන බව කවුරුත් දන්න්වා.නමුත් පොලිසියට ඔය වලත්ත නීති අදාළ වෙන්න බැහැ .අඩු ගානේ ඒක වත් තේරුම් ගන්න

:       0       0

ගෙදර නෝනා Tuesday, 15 November 2022 08:22 AM

මෙයාට ඒ පොලිස් නිලදැරියගේ බෙල්ලෙන් අල්ලන කොට ගැටගහගෙන ඉන්න පිරිත් නූලට ඇහැ ගිහිල්ල නෑ වගෙ. ගෙදර හාමිනේට නං ෂුවර් හතරගාතෙන් වැන්ද වැටෙනවා ඇති!

:       0       2

Pissupusa Tuesday, 15 November 2022 11:49 AM

මේ පොලිස් කාරයෙක් නෙවෙයි මෝඩ එළුවෙක්.. අස්කරල දාන්න. එම කාන්තාව හොඳින් ඇතැයි සිතමි.

:       0       3

gamsabaa Tuesday, 15 November 2022 02:41 PM

මෙ අහින්සක පොලිස්නිලදාරිනියට උසස්එවීමක් සහ ලොකු වන්යදයිකට අපි සුබ පතනව ! දැනටමත් ලොකයෙ හුන්ගාක් රටවල් බලාගෙන ඉන්නෙ මෙ කාන්තාවට පුරවසිබාවය පිරිනැමීමට ! ! ! ! !

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6141 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18251 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9414 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 550 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1903 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1688 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site