IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


පෙලපාලි ගිය කතුන් 3 ක් ඇතුළු 5 ක් පොලිස් බාරයට

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුරුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් විරෝධතා පා ගමනක යෙදුණු කාන්තාවන් දෙදෙනකු අද  ඇතුළු පස් දෙනකු භාරයට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

සැකකරුවන්ගෙන් මේ වන ප්‍රශ්න කිරීම සිදු කරගෙන යනු ලබන බව පොලිසිය පොලීසිය පැවසීය.

අදාල කාන්තාවන් දෙදෙනා අද උදෑසන 9:30 ට පමණ කළුතර බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් රඳවාගෙන සිටින සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ රුව ඇතුළත් පුවරු දෙකක් අතැතිව විරෝධතාව පළකරමින් පාගමන යෙදුණු අතර, කළුතර පාලම මතදී සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහිත පොලිස් නිලධාරින් දෙසීයකට ආසන්න පිරිසක් විසින් මග හරස් කරමින් ඔවුන් හරවා යවන ලදී.

පසුව එම කාන්තාවන් දෙදෙනා ඇතුළු පිරිසක් බස්රථවලින් ගාලු පාර ඔස්සේ කොළඹ දෙසට පැමිණ කළුතර උතුර ප්‍රදේශයෙන් බැස නැවත පාගමන යෙදෙන ලදී.

ඉන් පසුව පිළිවෙලින් වාද්දුව පින්වත්ත සහ පානදුර දකුණ පොලිස් නිලධාරීන් නිළධාරීන් කණ්ඩායම් ඔවුන් හරවා යැවීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගත් අතර, ඒ මොහොතේ විරෝධතා පෙළපාලියේ පැමිණි පිරිස් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයන් ඇතිවිය.



අදහස් (13)

පෙලපාලි ගිය කතුන් 3 ක් ඇතුළු 5 ක් පොලිස් බාරයට

අජිත් වීරතුංග කටාර් වල Saturday, 12 November 2022 11:12 PM

රනිල් රාජපක්ෂ ගෑණුන්ටත් හොදටම බය වෙලා තියපං චන්දයක් එතකොට තේරෙයි උබලට ජනතාවගේ ප්‍රතිචාරය.

:       81       11

chandra - usa Saturday, 12 November 2022 11:15 PM

වෙනත් ආණ්ඩුවක් යටතේ මේ මොවුන්ගේ අනාගතය, රැකියාව, අනිවාර්යයෙන්ම නැතිකළ යුතුයි. පෙන්ෂන් නැතිකළ යුතුයි.එක එක දේශකාපාලුවන්ගේ අසුචි බුදින ශ්‍රී ලංකා පොලිසියේ වැඩ කිඩ දිනපතාම දියුණු රටවල රුපවාහිනි වල පෙන්වනවා. ගෝත්‍රික පොලිස් කාරයින්ට ළඟදීම වැඩ වරදිනවා.

:       57       9

රාළහාමි මං පොලිසියේ රාළහාමි මංSunday, 13 November 2022 04:32 PM

මුල්ම පිංතූරයේ සිටින පොලිස් කෙල්ලගේ බෙල්ලෙන් අල්ලාගෙන යන පොලිස් උත්තමයෙක් රූපවාහිනී පුවත් මගින් දැක්කා හරිම හිරිකිතයි පොලෝසියටත් එක්ක ලැජ්ජයි තමන්ගෙ සේවය අපකීර්තියට පත්කිරීමක් කියන්න පුළුවන් ඇත්තටම එම නිළධාරිණියට චාරිකාව ගිය දෙදෙනා අල්ලන්න තියා හිතන්න වත් නොහැකි තරම් දෙන්නෙක් ඉතින් ඒ කෙල්ල පැත්තකට වෙලා ඉන්නවා මිස මොනවා කරන්නද ලැජ්ජයි ලොක්කො ලැජ්ජයි.

:       0       1

Sunil Sunday, 13 November 2022 12:09 AM

අහිංසක කාන්තාවන්ට පවා නිදහසේ මග තොටේ ගමන් කළ නොහැකි යුගයක් වත්මන් දුර්දාන්ත පාලකයින් විසින් ඇති කර තිබේ. පාලකයින්ගේ සපත්තු ලෙවකන්නෝ මේ අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය තදින් හෙළා දකිමි. පාලකයින්ට අප කිය්නනේ එළැඹෙන ඡන්දයකිදි අපි මේ ගැන හොඳින් බලා ගන්නම්.

:       36       7

amare Sunday, 13 November 2022 04:43 AM

මේ පාරනම් වැඩ වරදීවි. කේස් එක දුර දිග යනවා වගේ. එක එක පොලිෂ් කාරයාගේ නමින්ම චුදිතයින් කරලා නඩු දාන්න යන්නේ...රාළහාමිලා , දැන් ඉල්ලන් කෑවා වගේම තම තමන්ගේ පොකට් එකෙන් පෙරකදොරුවන්ට ගෙවලා, නඩුව පැරදුනොත් දඩ මුදලුත් තම තමුන්ම ගෙවන්න ලැහැස්තිවෙන්න. ඔය ගැහැනුන්ට ගහන්න කියලා ඕඩර් එක දුන්න අය රාළහාමිලාගේ දඩ ගෙවන්නේ නැහැ හොඳේ.ආයෙත් වතාවක් මේ වගේ අසික්කිත වැඩ කලොත් මුළු ගමේම මිනිස්සු එකතුවෙලා රාලහාමිලාවත් රාලහාමිනේලාවත් සම්බෝලකරාවී.

:       32       6

sumith Sunday, 13 November 2022 06:17 AM

මේ පොලිස් කාන්තාවන් දෙන්නා අරගලයට ආ අයද? . නැතිනම් මේ පොලිස් ලෝක්කා පිනාගේ කටු කන හිවලේකද??

:       24       4

Vithana Sunday, 13 November 2022 06:29 AM

එන්ජීඕ කල්ලි ඉතින් මේවා කරලා තමයි තමුන්ගේ බඩ වියත ගැටගහගන්න පිටරටවල් වලින් ඩොලර් ගෙන්න ගන්නේ.

:       8       26

Bamunuarachchi Sunday, 13 November 2022 07:09 AM

යහපාලන කාලේ ලෝකෙන් නය අරගෙන ආර්ථික වැටීම මගහරවාගෙන ගත ණයෙන් මන්තිත්රියන්ගේ දීමනා වැඩිකරගැනීම් , එක එකාගේ කොනේදේ අමාරුවලට ම්ර්සිඩීස් බෙන්ස ගෙවා ගත්තාට, නය අරගෙන චන්ද ගුන්ඩුවක් හැටියට රු,10000 පඩි වැඩිකලාට මේ කාලකන්නි රැල පෙළපාලි ගියේ නැහැ. එහෙම කලානම් අපිත් මුලුසිතින්ම සහයෝගය දක්වනවා. හේතුව ඒ කාලේ ජෙප්පෝ රතු අලි වෙලා හිටිය නිසා. යහපලකයින්ගේ කෙරුවාව නිසාත් කොරෝනාව නිසාත් ආර්ථිකය කඩා වටුන වෙලාවේ මුන් පෙළපාලි යන්නේ දුර්වල තැනින් බලලා රජය කඩාගෙන ගෙන ජෙප්පන්ට බලය අරන් දෙන්නයි. එකට අපේ සහයෝගයක් නැහැ හේතුව ජෙප්පෝ ගොඩ එන්න ඕනෙත් මේ වලේ කටින්ම නිසා. ජෙපන්නට ගොඩ එන්න වේනම් දෝනා හාරලා නැත. හැබැයි ජෙප්පෝ වටා එකතුවෙලා ඉන්න එවුන්ගෙන් පෙනෙන්නේ මොවුන් ගොඩ වෙන්න හදන්නේ අපේ බෙල්ල පාගාගෙනබවයි.

:       6       39

fairoosSunday, 13 November 2022 03:49 PM

බමුණ වගේ බයි වහල්ලුන්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ. කඩේ යන්නේ කම්බ හොරුන්ට.

:       0       3

BamunuarachchiMonday, 14 November 2022 05:19 PM

මම යන්නේ මට ඕනෑ කඩේට... මම කීයටවත් හම්බ කඩේකට යන්නේ නැහැ. මේක මාර කෙලියක්නේ... එළුවෝ බල බල ඉඳලා ගම්මිරිස් හොයාගෙන මේ රටට ආපු හම්බයින් සිංහල අපිට දේශපාලනය කියා දෙන්න එනවා...!

:       1       1

Yakaa Sunday, 13 November 2022 07:22 AM

ඒ කියන්නේ අපිට දෙතුන් දෙනෙකුට දැන් නිදහසේ පාරේ බැහැලා යන්නත් බැහැ

:       20       5

Rohana Sunday, 13 November 2022 12:44 PM

පොලිසිය යොදවා ජනතා ඉල්ලීම් යටපත් කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුව පලවා හරිමු...

:       30       3

sharm warn Tuesday, 15 November 2022 10:08 AM

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරනවලු. .පොස්ටරයක් අරන් මහ මග අවිහින්සාවාදීව යන කාන්තාවන් දෙන්නෙක් සැක කරුවන් වෙන්නෙ අහවල් ක්‍රියාව සම්බන්දයෙන්ද? වාඅර්තකරුවනි මහජනතාවට නිගා දෙන වචන පාවිච්චිය නවත්තන්න.. මෙ ඔබෙ මව හො සොහොයුරිය විය හැකියි.. පාදඩ පොලිසිය කරන අමන ක්‍රියාව සාඅධාරණීකරනය කරන්න එපා. . .

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6141 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18251 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9414 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 550 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1903 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1687 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site