IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


පොලිතින් තහනමට එරෙහිව පිටකොටුවේ වීදි බසිති

(ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

පරිසරයට අහිතකර පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන සැප්තැම්බර් 1වැනිදා සිට විකිණීම හා භාවිතා කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් කොළඹ පිටකොටුව වෙළඳ සංගමය සංවිධානය කළ උද්ගෝෂණයක් පිටකොටුව පීපල්ස් පාර්ක් ඉදිරිපිටදී අද(19) පැවැත්විණි.

‘පොලිතීන් ව්‍යාපාරය අනතුරේ - රැක ගැනීමට පෙරට එන්න’ යන තේමාව යටතේ පැවැති උද්ඝෝෂණයට පිටකොටුව ප්‍රදේශයේ තොග සහ සිල්ලර පොලිතීන් වෙළෙන්දෝ විශාල පිරිසක් එක්ව සිටියහ.  ඔවුන් විරෝධය දැක්වීමක් ලෙස තම වෙළඳසැල් ද අද දිනයේ වසා තිබෙන අයුරු දැක ගත හැකි විය.

               

                    



අදහස් (31)

පොලිතින් තහනමට එරෙහිව පිටකොටුවේ වීදි බසිති

chandana F Wednesday, 19 July 2017 02:23 PM

මෙම තහනම මොනයම් අකාරයටවත් ලිහිල් කරන්න ඉඩ දෙන්න හොඳ නෑ. මෙයට ජනතාව කාලයත් සමග හරියාවි... අපි ඉවසමු... අනාගතය උදෙසා.

:       253       772

sahan Wednesday, 19 July 2017 03:12 PM

කඩ වහගෙන ඉන්න කියන්න, තහනම ඉවත් කරන්න එපා...

:       173       470

naradha Wednesday, 19 July 2017 03:21 PM

පොලිතීන් මලු වලට ආදේශකයක් ලෙස, අපි රෙදි වලින් මැසූ මල්ලක් ෂොපින් යන විට භාවිතා කිරීමට පුරුදු වෙමු. එයින් පරිසරයට අහිතකර වන පොලිතීන් මලු භාවිතය අවම කර ගත හැකියි.

:       138       629

jayarathna Wednesday, 19 July 2017 03:30 PM

රටට මොනවා වුණත් කමක් නෑ තමන්ගෙ මඩිය තර වෙනවා නම්. ජනාධිපතිතුමනි. එක්එක්කෙනා කෑ ගහන පලියට ඉදිරියට තැබූ පියවර ආපස්සට හරවන්න නම් එපා.

:       127       549

buddika Wednesday, 19 July 2017 03:31 PM

එකතුවෙන කුණු කඳු ටික මෙයාලගේ ගෙවල් වලට ගිහින් ගොඩ ගහන්න තියෙන්නේ...

:       75       276

wimal Wednesday, 19 July 2017 03:34 PM

පොලිතීන් දේශීය නොවේ. දේශය විනාශ කරන ව්‍යාපාරයකි. මේ මනුස්සයින්ගේ ජීවිකා වෘත්තියට විකල්පයක් නම් සොයා දෙන්න උදව් කරන එක හොඳයි.

:       117       289

දිනේෂ් Wednesday, 19 July 2017 03:48 PM

දැන් මෙතන හැමෝම කියන්නේ මේ තහනම වෙනස් කරන්න එපා කියල නේ. ඒකට මමත් එකඟයි පොලිතින් නිසා වෙන විනාසය නිසා. ඒත් මෙම ව්‍යාපාරය කරගෙන ආ අයට වෙනත් ව්‍යාපාරයකට වත් යොමු වීමට රජය විසින් අත දිය යුතු නැත්ද?

:       235       280

ruwan kotuwelle Wednesday, 19 July 2017 04:03 PM

පොලිතින් කොහොමද දේශීය කර්මාන්තයක් වෙන්නේ ? මේ විදියට කිසිම හොද තීරණයක් ගන්න බෑනේ. ජනතාව බුද්ධිමත් විය යුතුයි.

:       226       340

jim kuru Wednesday, 19 July 2017 04:10 PM

මෙම තහනම ඉවත් කරන්න එපා

:       477       659

asiri Wednesday, 19 July 2017 04:22 PM

ඇයි ඉස්සර තිබුන කඩදාසි බෑග් හදන්නකෝ සිමෙන්ති කවර හෝදලා.

:       103       246

සරත් Wednesday, 19 July 2017 04:59 PM

පන් කොළ ,හන කොළ වල ඇති සිවිය හරි ඝනකම් ,පොලිතින් වලට සමාන පෙනුමක් සහ ගතිගුණ ඇතත් දිරා යන දෙයක්. පන්කොළ වල ඇති සිවිය යොදාගෙන නැනෝ තාක්ෂණයෙන් දිරා යන ලන්ච් සීට් හදන්න පුළුවන් වෙයිද ?

:       41       102

සරණ Wednesday, 19 July 2017 05:59 PM

දැන් හදලා තියෙනවා .. ලගදී ඒවා එයි .

:       29       36

Asanka Wednesday, 19 July 2017 05:37 PM

සමාවෙන්න ඕන මේක එළිකලාට, මගේ මල්ලි අද පීපල්ස් පාර්ක් එකට බඩු වගයක් ගන්න ගිය වෙලාවේ කවුද කෙනෙක් මල්ලි ලගට ඇවිල්ලා රුපියල් 3000 දීලා කිවුවලු උද්ගෝෂණයක් තියනවා එකට ඇවිල්ල පොඩ්ඩක් උදවු කරන්න කියල, මල්ලිත් ඉතින් 3000 අරගෙන හා කිවුවලු.

:       69       132

arunaluThursday, 20 July 2017 03:51 AM

ඇයි මේක කලින් නොකීවේ ..... කිව්වනම් අපිටත් යන්න තිබූන......

:       1       4

shan saudi Wednesday, 19 July 2017 05:39 PM

මෙම තහනම මොනයම් අකාරයටවත් ලිහිල් කරන්න ඉඩ දෙන්න හොඳ නෑ. මෙයට ජනතාව කාලයත් සමග හරියාවි...තවද පොලිතින් ඉවත් කලද කඩදාසි කර්මාන්තය යලි පණ ගැන්වෙන නිසා එයට සහනයක් රජය මගින් ලබා දෙන්න අපි ඉවසමු... නිරෝගී පැහැබර අනාගතය උදෙසා. මීට වඩා රැකියා දහස් ගනනක් නැති වුණා ජී එස් පී සහනය නැති වීමෙන් කිසිවෙකුට අනතුරක් නොවී සිටියානම් මෙයත් නව මගකට යොමුවී අනාගතය ගොඩ නගමු මේ පාරට ඇවිත් කෑගහන අය මතු දිනයක එහි හරි වැරැද්ද වටහා ගනීවි. තවද එක එක අයගේ දේසපාලන උවමනාවන් පිරිමසා ගන්න උත්සහා කරන හෙන්චයියන් මේ අතර වැඩි වශයෙන් සිටිනු ඇත. ජන ජීවිතයට පීඩාකාරී කිසිම දෙයක් සදහා පනවනලද කිසිම තහනමක් ලිහිල් හෝ ඉවත් නොකරන්න ඩෙංගු මර්දනයට එරෙහි වු අවස්ථාවේ එය නතරකල නිසාවෙන් අද එය වසංගතයක් බවට පත්වී ජන ජීවිත බිලිගනිමින් සිටී ඒ නිසා කිසිදු බලවේගයකට යටත් නොවේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරවන්න ජනපතිතුමනි

:       101       452

geetha Wednesday, 19 July 2017 05:52 PM

ලංකාවේ මිනිසුන්ගේ මොලේ පස්ද. පොලිතින් දේශීය දෙයක් කියන්න. අපේ කාලේ තිබුනේ පන් මලු. පරිසරයට හානියක් ඇත්තෙම නැ. කරුණාකරලා රට ගැන , ඉදිරි පරම්පරාව ගැන හිතන්න. ජනාධීපතිතුමෝ අනිවාර්යෙන්ම පොලිතින් තහනම් කරන්න.

:       108       305

Ranjith Bogoda Thursday, 20 July 2017 12:12 AM

පොලිතීන් කොහොමද දේශිය කර්මාන්තයක් වෙන්නේ අනෙ මොහෙමත් හරක්

:       0       19

ranjith Thursday, 20 July 2017 12:49 AM

මේ වගේ අය නිසා තමයි රට හදන්න බැරි.

:       0       22

සමන්ත Thursday, 20 July 2017 02:25 AM

දැන් මෙහෙමනේ.... මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලටත් ඇහුම් කන් දෙන්න එපෑය. මොකද එයාලා හිතන්නේ එයාල ජීවත් වෙන එක ගැන. පොලිතීන් තහනම හොදයි. එත් එක ඒ මිනිස්සුන්ට තේරුම් කරලා දීල විකල්ප ජීවන මාර්ග, කර්මාන්ත හදුන්වලා දීල එයාලගේ ජීවිත සුරක්ෂිත කරන්න මේ තැනම නිර්දේශ කල අයගේ වගකීමක්. අපේ වගකීමක්.

:       0       26

krishantaha Thursday, 20 July 2017 03:03 AM

මේකට උද්ගෝෂණ කරලා වැඩක් නැහැ. ආදේශක භාණ්ඩ වෙළදාමට බහින්න. මේ තහනම ඉවත් කරන්න නම් එපා.

:       0       21

sena Thursday, 20 July 2017 03:22 AM

මම කියන්නේ මොනම හේතුවක් නිසාවත් මෙම තහනම ඉවත් නොකළ යුතුයි.

:       0       13

badara-kakirawa Thursday, 20 July 2017 03:42 AM

මේ පොලිතින් භාවිතය සම්පුර්ණයෙන්ම නතර කලයුතුමයි. උද්ගෝෂණ වලට බයවුනොත් අපේ රට ඉවරයි. කඩදාසි මලු, පන්මලු ,තල්කොළ එහෙමත් නැතිනම් පොල්කොළ, හන ගස්වලින් ලබාගන්න කෙදිවලින් සාදාගත් මලු පරිසරයට වඩාත් හිතකර බැවින් ඒවා ප්‍රචලිත කිරීමටම මෙම උද්ගෝෂණය කරන කණ්ඩායටම ලබාදෙමු. ඒ විතරක් නොවෙයි පොලිතින් භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව අධික දඩ මුදලක් පනවන්න, එවිට අපේ මිනිස්සු හැදෙයි .

:       0       28

arunalu Thursday, 20 July 2017 03:54 AM

මේ විදියටම කුඩු මුදලාලිලාත් විරෝධතාවයක් පවත්වන්න ඕනේ කුඩු අල්ලනවට විරුද්දව.

:       0       21

sanath Thursday, 20 July 2017 04:14 AM

මනුස්ස වර්ගයාගේ සහ සියලුම ජීවීන්ගේ අනාගත පැවැත්ම වෙනුවෙන් පොලිතින් භාවිතය අනිවාර්යයෙන්ම තහනම් කලයුතුයි. ඒ වෙනුවට පරණ පත්තර වලින් බැග් හදන්න පුළුවන්.

:       0       21

Denesh Thursday, 20 July 2017 05:07 AM

මොනවා කලත් මේක නම් අනිවාර්යන්මේ කරන්න ඕනේ, දැනටමත් ප්‍රමාද වැඩි, බංගලාදේශ් වැනි රටවල් වල මේ දේ කලේ අවුරුදු 15 කට කලින්. අපි තාම හිත හිත ඉන්නවා, මෙම තීරණය ගත්ත කෙනාට බොහොම පින්,

:       0       12

Ruwan R Thursday, 20 July 2017 05:08 AM

මේ ව්‍යාපාරයේ විතරක් ඉන්න කිහිප දෙනෙකු හැරුනම මුළු රටම පොලිතින් වලට එකහෙලාම විරුද්ධයි. අනෙක මේ ඉන්න අය පොලිතින් වලින් පරම්පරාවටම සල්ලි හොයල තියෙන්නේ. (මමත් ඔය ක්ෂේත්‍රයේ කාලයක් හිටි කෙනෙක්) ඒ මුදල් නව ව්‍යාපාරයකට යොදවන්න. පොලිතින් තහනම දැනටමත් පරක්කු වැඩියි.

:       0       10

KUmara Thursday, 20 July 2017 05:41 AM

මෙයාලා නීති විරෝධී ව්‍යාපාර නෙමේ කලේ. මෙම ව්‍යාපාරිකයන්ට රජය කිසියම් සහනක් දෙන්න ඕනේ වෙන ව්‍යාපාරයකට මාරු වෙන්න. පොලිතින් වලට ආදේශක වන. ගොඩක් කට්ටිය මේවගේ රැකියාව කරනවා.

:       11       13

w.p.s.weerawardana Thursday, 20 July 2017 06:33 AM

මොන බාධා ආවත් තහනම ඉවත්කරන්න එපා.

:       0       30

Susil Saturday, 22 July 2017 01:47 AM

මේගොල්ලන්ට රස්සාවක් හැටියට බඳවගන්න නගර සභාවල කුණු එකතු කරන තැන්වල පොලිතීන් වෙන් කරන්න. සාධාරණ පඩියක් දෙන්න. මේගොල්ලන්ම විකුණපුවනෙ.

:       0       25

Nandalal DE SILVA - France Saturday, 22 July 2017 10:46 AM

මා පදිංචි මේ රටෙත් පොලිතින් තහනම් කරා. එහෙත් එකම අයෙක්වත් පාරට බැස්සේ නැහැ ඒ තහනම ඉවත් කරන්න කියල. දැන් මෙහේ සාප්පුවල, මාකට් වල පොලිතින් වෙනුවට ඉක්මනින් දිරායන මලුවර්ගයක්, නැත්නම් ක්‍රාෆ්ට් කඩදාසි වලින් නිපදවූ මලු භාවිතා කරනවා. මොකද අපේ රටේ පොලිතින් නිෂ්පාදකයන්ට මෙවැනි දෙයක් කරන්න බැරි ? ඔවුන් දන්නවාද ඉවත දමන පොලිතින් මල්ලක් පරිසරය දුෂණය නොකර දිරායාමට වසර කීයක් ගතවෙනාවද කියා ? ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලොවටම මෙය භයානක තර්ජනයක්. මහා සයුරේ පාවෙන පොලිතින් ගිලින මසුන් අකාලයේ මැරෙනවා.

:       0       27

hesa Thursday, 27 July 2017 09:56 PM

හරියට හරි පොලිතින් තහනම දා දිනයේම මම කිව්වා දැන් ඒකටත් විරුද්ධව එනව කියල. තහනම ඉවත් කරන්න නම් එපා ඡනාධිපති තුමනි. දැන් දැන් කරේ නගිනවා වැඩියි .බුරුලක් පෙන්වන්න එපා ඉතා තදින් ඉන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6700 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1188 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site