IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැරිසියෙන් ගෙනා කෝටි තුනහමාරක රත්‍රං රේගුවේ හිර වෙයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

පැරීසියේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (27) අළුයම පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මඟියෙක් නීති විරෝධීව රැගෙන ආ රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් රත්තරන් තොගයක් ගුවන්තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

ගමන්මළු තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා, පුද්ගලික බඩු ලෙස හඟවමින් රේගුවට ප්‍රකාශ කිරීමට කිසිවක් නොමැති මඟීන් සඳහා වන හරිත මාර්ගයේ රත්තරන් ග්‍රෑම් 2414.6 ක ප්‍රමාණයක් රැගෙන යාමට උත්සාහ කළ බවත් අත්අඩංගුවට රත්තරන් තොගය රුපියල් 36,219,000  ලෙස තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

වසර 10 පමණ පැරිසියේ සේවය කර ඇති සැකකරු මාලඹේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි

මෙම රත්තරන් තොගය සම්බන්ධයෙන් රේගුව වැඩිදුර විමර්ශන පවත්වා රත්තරන් තොගය රාජසන්තක කර දඩ පැනවීමට ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල රාජකාරියේ නියුතු නිලධාරීන් කටයුතු කිරීමට නියමිත බවද සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (8)

පැරිසියෙන් ගෙනා කෝටි තුනහමාරක රත්‍රං රේගුවේ හිර වෙයි

රටටම රත්තරන්..... Saturday, 27 August 2022 04:33 PM

මේ කර්තව්‍යය අකුරටම කළ රේගු අධ්‍යක්‍ෂ මහතා හා රේගු නිලධාරීන් අපේ රටට රත්තරන්... වටිනාම රත්තරන්...!

:       35       9

saki Saturday, 27 August 2022 07:41 PM

මේවා අපේ ගෙවල් කඩලා ගත්තු හොර බඩු..!

:       3       0

krisMonday, 29 August 2022 01:17 AM

නම දන්න අවුරුදු 20ක් ඉඳලත් එක පවුමක්වත් නැහැ මට...

:       1       0

tin tin Sunday, 28 August 2022 02:25 PM

එතකොට අර උගන්ඩාවට ගෙනිච්ච 103 පෙට්ටිවල තිබුණු දේ ඇල්ලුවේ නැත්තේ ඇයි?

:       0       28

fairoos Sunday, 28 August 2022 02:45 PM

ඒ මනුස්සයාගේ අවුරුදු 10ක දුක්මහන්සිය එක දවසින් නැතිකළා..

:       0       30

විපරමා Sunday, 28 August 2022 06:03 PM

ලංකාවේ රත්තරන් හොරු, හෙරළිය වගේ අයට අවුලක් නැතුව ඇති...

:       0       13

nihal Monday, 29 August 2022 07:58 AM

මත්කුඩු නොවන වෙනත් වටිනා කියන කියන ඕනෑම දෙයක් අපේ රටතුළට ගේන්න ඉඩදිය යුතුය... ඒ වගේම හොරු..., මිනීමරු නොවන ඕනම පුද්ගලයෙකුට රටින් පිටව යන්න අවසර දිය යුතුය... මහින්ද කාලේ අපේ රටේ බූදලය රටින් පිටකිරීමයි ඒවා ඇල්ලුවේ නැත්තේ... ඇයි ඔය වැඩ්ඩෝ වගේ ඉන්න අය...?

:       0       5

Bunny Preena Monday, 29 August 2022 10:31 AM

තණ්හාය ජායතී සෝකෝ...!

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site