(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාවේ 22 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත් වු වයිස් අද්මිරාල් එස් රණසිංහ මහතා අද (26) නාවික හමුදා මුලස්ථානයේ දී සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත්තේය.
21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ අද්මිරාල් ට‍්‍ර‍්‍රෑවිස් සින්නයියා මහතා විසින් නව නාවික හමුදාපතිවරයා වෙත නාවික හමුදාපති ධුරය සංඛේතවත් නිල අසිපත සම්ප‍්‍රදානුකූලව පිරිනැමුවේය.
එහිදී නව නාවික හමුදාපතිවරයා වෙත විශේෂ සම්මාන මුරයක් පවත්වා ආචාරය පුදකරන ලදි.
සර්ව ආගමික වතාවත් මැද නව නාවික හමුදාපතිවරයා විසින් සිය ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
මෙම අවස්ථාවට ඒ මහතාගේ බිරිද සන්ධ්‍යා රණසිංහ මහත්මිය , දියණිය සපුණි රණසිංහ හා ඥාතීහූ සහභාගි වුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජාවේ පනයනවා ..!!! සින්ගොරාගේ වැඩ...!!! ලෝකෙම, අංක එකේ ...කොන්දක් නැති ගෙඹි ලෝකය ලෝකය යි සිතන... පාරාජික පාලනයක්...!!! ලෝකය අපිට සිනහවේ. අපි ගැලරි සොමියක් ගමු. ගමරාලේ..!!!
මටත් හිතෙන්නේ අපි විහිලු සපයනවා කියලා.
උඩ අදහස් දාලා තියෙන සිංහලයින් දෙදෙනාටම මගේ ස්තුතිය, මමත් කියන්න හිටියේ ඕකමයි. මොලේ තියෙන සිංහල අයත් විටින් විට හමුවෙනවා. රටේ මෙච්චරක් ප්‍රශ්න තියෙද්දී, කටාර් යනවා, යසට හිටපු අර දෙමළ ප්‍රධානියාව අස්කෙරුවා..
ඇත්තටම මොනවද මේ වෙන්නේ?
මම හිතන්නේ අර ඉන්නේ එතුමාගේ අම්ම වෙන්න ඇති ආදර්ශමත් පුතෙක් තමන්ව මෙතනට ගේන්න අම්ම සහ තාත්ත තරම් මහන්සි උන කෙනෙක් නැත මෙවන් වෙලාවක අම්ම රැගෙන ආපු එක ඉතා ආදර්ශමත් ඔබට තෙරුවන් සරණ.