IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නව නාවික හමුදාපති වැඩ බාරගනී

(ඉන්දිකා රාමනායක)

නාවික හමුදාවේ 22 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත් වු  වයිස් අද්මිරාල් එස් රණසිංහ මහතා අද  (26) නාවික හමුදා මුලස්ථානයේ දී සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත්තේය.

21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ  අද්මිරාල් ට‍්‍ර‍්‍රෑවිස් සින්නයියා මහතා විසින් නව නාවික හමුදාපතිවරයා වෙත  නාවික හමුදාපති ධුරය සංඛේතවත් නිල අසිපත සම්ප‍්‍රදානුකූලව පිරිනැමුවේය.

එහිදී නව නාවික හමුදාපතිවරයා වෙත විශේෂ සම්මාන මුරයක් පවත්වා ආචාරය පුදකරන ලදි.

සර්ව ආගමික වතාවත් මැද නව නාවික හමුදාපතිවරයා  විසින් සිය ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
මෙම අවස්ථාවට  ඒ මහතාගේ බිරිද සන්ධ්‍යා රණසිංහ මහත්මිය , දියණිය සපුණි රණසිංහ හා ඥාතීහූ සහභාගි වුහ.



අදහස් (6)

නව නාවික හමුදාපති වැඩ බාරගනී

PALITHA GALAPITIYA Thursday, 26 October 2017 01:18 PM

ලැජ්ජාවේ පනයනවා ..!!! සින්ගොරාගේ වැඩ...!!! ලෝකෙම, අංක එකේ ...කොන්දක් නැති ගෙඹි ලෝකය ලෝකය යි සිතන... පාරාජික පාලනයක්...!!! ලෝකය අපිට සිනහවේ. අපි ගැලරි සොමියක් ගමු. ගමරාලේ..!!!

:       82       388

chamiThursday, 02 November 2017 07:18 PM

නැවි පති ඔබට ඡය

:       0       0

ලුම්බිණි Friday, 27 October 2017 12:14 AM

මටත් හිතෙන්නේ අපි විහිලු සපයනවා කියලා.

:       23       122

arschfikaa Friday, 27 October 2017 03:52 PM

උඩ අදහස් දාලා තියෙන සිංහලයින් දෙදෙනාටම මගේ ස්තුතිය, මමත් කියන්න හිටියේ ඕකමයි. මොලේ තියෙන සිංහල අයත් විටින් විට හමුවෙනවා. රටේ මෙච්චරක් ප්‍රශ්න තියෙද්දී, කටාර් යනවා, යසට හිටපු අර දෙමළ ප්‍රධානියාව අස්කෙරුවා..

:       0       4

Ravi Saturday, 28 October 2017 11:01 AM

ඇත්තටම මොනවද මේ වෙන්නේ?

:       0       1

saman Monday, 30 October 2017 03:43 AM

මම හිතන්නේ අර ඉන්නේ එතුමාගේ අම්ම වෙන්න ඇති ආදර්ශමත් පුතෙක් තමන්ව මෙතනට ගේන්න අම්ම සහ තාත්ත තරම් මහන්සි උන කෙනෙක් නැත මෙවන් වෙලාවක අම්ම රැගෙන ආපු එක ඉතා ආදර්ශමත් ඔබට තෙරුවන් සරණ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site