(රොමේෂ් මධුෂංඛ)
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් උතුරු පළාතෙන් අත්සන් ලක්ෂයක් ලබා ජනාධිපතිතුමන්ට බාර දීමට පියවර ගෙන ඇත.
යාපනය සරසවියෙන් අදාල අත්සන් ලබා ගැනීම ආරම්භ වූ අතර අද (24) සිට ඉදිරි දින කිහිපය පුරාම උතුරු පළාතේ සියලුම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි සාමාන්‍ය ජනතාවගෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක් ගැනීම ආරම්භ කොට ඇත.
මෙම අත්සන් ගැනීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් පෙන්වා දෙන්නේ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරතව ඇති දේශපාලන සිරකරුවන් තිදෙනාගේ නඩු කටයුතු වව්නියාව අධිකරණයට මාරු කළ යුතු බවටත් නඩු නොමැතිව සිටින දේශපාලන සිරකුරුවන් වහාම නිදහස් කළ යුතු බවටත්ය.
අදාල කරුණු මුල් කරගෙන පසුගිය 20 වනදා සිට 25 වනදා දක්වා යාපනය විශ්වවිද්‍යාල සියුලුම සිසු සිසුවියන් පංති වර්ජනයක්ද ක්‍රියාත්මක කොට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, දේශපාලන සිරකරුවන් සිටීනම් නිදහස් කරන්න.
දේශපාලන සිරකරුවන් නිදහස්කරන්න.
මේ ආණ්ඩුව අවාට පසුව තමයි මේ හැමදෙයක්ම උදාවූනේ ඉස්සර මෙච්චර තදට තිබුනේ නැහැ. මෙහෙම නීතියටත් ඇගිලි ගහන්න එනවනම් ආණ්ඩුව විහිලුවට ලක්වෙනවා
අප රට තුළ දේශපාලන සිරකරුවන් නැත ඉන්නේ දරුණු අපරද වලට සම්බනධ තස්ත්‍රවාදීන් පමණි..... අහිංසකයන් නොවේ මේ යක්ෂයන් කොහෙත්ම නිදහස් කරන්න හොද නැහැ.
දේශපාලන සිරකරුවන් අපේ සිර ගෙවල් වල නැත. ඉන්නේ සිංහල මිනිසුන් කුඩා දරුවන් කපා මරා දැමු දෙමල ත්‍රස්තවාදීන්ය. ඔවුන් නිදහස් කොරන්න එපා කියා අපිත් ලක්ෂ 10 ක අත්සන් ලබා දෙන්නම්
දේශපාලන හිර කාරයොයි, ත්‍රස්තවාදීනුයි පටලවා ගන්න එපා.