IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


දේවි බාලිකා ත්‍යාග ප්‍රදානෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොළඹ දේවි බාලිකා විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය අචාර්ය විමලා ද සිල්වා ශ්‍රවණාගාරයේ දී අද(26) පැවැත්විණ.

2016 වසරේ අධ්‍යාපන මෙන්ම විවිධ ක්ෂේත්‍ර යටතේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ සිසුවියෝ මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සම්මාන ලැබුහ.ඒ අනුව 2016 වසරේ විශිෂ්ටතම ශිෂ්‍යාව සඳහා පිරිනැමෙන ‘දේවි ස්වර්ණ පද්ම සම්මානය’ සහ අචාර්ය විමලා ද සිල්වා අනුස්මරණ තිළිණය අනගි ශාක්‍යා කොට්ටහච්චි සිසුවිය විසින් දිනා ගන්නා ලදී.

2016 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ටතම ප්‍රථිපල ලබගනිමින් දේවි බාලිකා විද්‍යාලීය අභියෝගිතා කුසලානය ලබා ගත් රනුමි නානායක්කාර , අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ටතම ප්‍රථිපල ලබාගත් මයුමි තත්සරණි , නුවන්තා ගයත්මි වික්‍රමසිංහ ,දුලන්ගි අනුත්තරා ගමගේ යන ශිෂ්‍යාවෝ ද අගමැති වරයා අතින් සම්මාන ලැබුහ.



අදහස් (7)

දේවි බාලිකා ත්‍යාග ප්‍රදානෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

sathyayaa Friday, 27 October 2017 12:31 AM

රට වටේ ගියයි කියල ලෝකේ වටේ ගියයි කියල ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියල මුලින්ම ඔප්පු කලේ ඒ සී එම් හමීඩ් හිටපු අධ්‍යාපන ඇමති. එයත් මේ ගොල්ලන්ගෙම පක්ෂයේම තමයි. පරම්පරාවක් ගෙවිලා ගියත් මඩේ එරුන කරත්තේ රෝදය එතනම කරකැවෙනවා. ගොඩ ඒමක් පේන තෙක් මානයේ වත් නැහැ.

:       817       1143

vajira Friday, 27 October 2017 03:56 AM

අපි ට ඔබ ගැන ආඩම්බර විය හැක.

:       290       50

H. Perera Friday, 27 October 2017 06:16 AM

කොළඹ පහසුකම් තියෙන ලොකු ඉස්කොලවලට ගිහින් දෙන දේශනාව වැඩක් නැහැ. ගමේ අඩුපාඩු තියෙන දුෂ්කර පළාත් වල තියෙන ඉස්කෝල දියුණු කරලා ගත්තොත් තමයි හොඳ.

:       0       245

Sathyayaa Friday, 27 October 2017 10:31 PM

පෙරේරා මහත්මයා ! ඕකට තමයි අපේ ගැමියෝ කීවේ " කොළඹට කිරි ගමට කැකිරි " කියලා. ගමේ කැකිරි හදන මිනිසුන්ගේ ඡන්දයෙන් බලයට පත්වෙලා ආවඩන්නෙම කිරිවලින් හැදෙන කොළඹ අයටමයි.

:       0       18

DUMUDU Saturday, 28 October 2017 07:21 AM

හොරු පාසල්වලට ගෙන්වා ගැනීම දැන්වත් නතර කරමු.

:       0       79

adiri Saturday, 28 October 2017 09:32 AM

අනේ දෙවියනි වෙන කවුරුත් හිටියේම නැද්ද ?

:       0       24

thilina Monday, 30 October 2017 07:39 AM

මොනවාද මේ සමහරු දාල තියෙන මනස්ගාත? මේගොල්ල මව්වරු පියවරු නොවේද? ඇයි මේ අනාගතය භාර ගන්න ඉන්න විජයග්‍රාහී දරුවොත් එක්ක සමපාත වෙලා ඒ දරුවන්ට ආශීර්වාද කරන්න බැරි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 365 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site