දැදුරු ඔය මුහුදට වැටෙන හලාවත මෝයකට ආසන්නයේ සිදු කෙරෙන වැලි ජාවාරමක් හේතුවෙන් දැවැන්ත විනාශයකට දැදුරු ඔය යළි ගොදුරු වී ඇතැයි පරිසර සංවිධාන කියයි.
මාස කිපයකට ආසන්න කාලයක් පුරා මෝය කටේ සිට කිලෝ මිටරයක දුරින් ගොඩබිම දෙසට වන්නට වැලි ගොව්වකු යොදා ගනිමින් මෙලෙස නිතී විරෝධි ආකාරයෙන් වැලි ජාවාරම සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.
මෙම වැලි ජාවාරම දැනට මාස කිපයක සිට දැදුරු ඔයේ සිදුවන බවත් ඔය පතුලේ ඇති වැලි දැවැන්ත වැලි ගොව්වා යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් මිටර් 300 කට වැඩි දුරකින් වු ගොඩබිමේ පුද්ගලික ඉඩමකට පොම්ප කරන බවත් එම සංවිධානය කියයි.
ඉන් පසු ටිපර් යන්ත්‍ර යොදා ගනිමින් රාත්‍රියේදී ප්‍රවාහනය කරන බව ද එම සංවිධානය කියයි.
බංගදෙනිය මිහිසර පරිසර සංවිධානයේ ලේකම් එම් . ජේ. ඩයස් මහතා පෙන්වා දෙන්නේ දේශපාලඥයින් පිරිසක් නැවතත් දැදුරු ඔය විනාශ කිරිම ආරම්භ කර ඇති බවත් මෙම ජාවාරම එළිපිට සිදුවන විටත් වග කිවයුතු රාජ්‍ය ආයතන නිහඩ විම බරපතල කරුණක් බවත් ය.
මෙම නිති විරෝධි වැලි ජාවාරම සිදු වන්නේ දැනට හලාවත මෝය කට පුළුල් කිරිමේ කටයුත්තට මුවාවෙන් බවත් වාර්තා වෙයි . නමුත් කිසිම ආකාරයකින් මෙම නිති විරෝධි වැලි ජාවාරම මෝය කට පුළුල් කිරීමේ කටයුත්තට සම්බන්ධයක් නොමැති බවට සනාථ වි තිබේ .
මෙම ජාවාරම පිටුපස හලාවත ප්‍රබල දේශපලඥයකු සමග රටේ නම ගිය ඇමතිවරයකුගේ පුත්‍රයකුද සම්බන්ධව ඇති බවත් පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන කිසිම ආකාරයකින් සොයා බැලිමක් තියා අදාල නිති විරෝධි කටයුත්ත සිදුවන ස්ථානයට පැමිණවත් නැතැයි ජනතාව චෝදනා කරති.
මේ පිළිබදව වෙරළ සංරක්ෂණ අධිකාරියේ හලාවත සහකාර අධ්‍යක්ෂ වරියගෙන් කළ විමසීමකදී පවසා සිටියේ
“දැනට මේ සදහා කිසිදු අවසරයක් ලබා දී නැහැ . ඒ පිළිබදව අපි දැනුම්වත් වි නැහැ .අනික මෝය කට පුළුල් කිරිම පමණයි කරන්නේ .දැදුරු ඔයට කිසිම සම්බන්ධයක් නැහැ“
මේ පිළිබදව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සැලසුම් ඩබ්ලියු .ආර් .වික්‍රමනායක මහතා පවසා සිටියේ
“මෙම ව්‍යාපෘතිය තුළ කිසිම ආකාරයකින් දැදුරු ඔය තුළ වැලි කැණිම් කරන්න අවසර ලබා දි නැහැ. එසේ කරනවානම් එය නිති විරෝධියි . අනික රාත්‍රි කාලයේ වැලි ප්‍රවාහනයටත් කිසිම අවසරයක් නැහැ ඒ නිසා කිසිදු නිත්‍යානුකුල තත්ත්වයක් මෙහි නැහැ “








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලාවත මාදම්පේ බිංගිරිය පනිරෙන්දව රක්ෂිතය ආශ්‍රිතව දැවැන්ත පාරිසරික විනාශ සංවිධානාත්මක පිරිස් විසින් ඉතාමත් ජයටම කරගෙන යනවා. කිසිම වගකිවයුතු පුද්ගලයෙක් හෝ ආයතනයක් කිසිඳු පියවරක් ගන්නේ නැත. දේශපාලන මැදිහත් වීමක් ඇතිබවද සිතිය හැක. පොලිසිය භූවිද්‍යා සහ පතල් කාර්යාංශය මධ්‍යම පරිසර අධිකාරිය මර නින්දේ. ඉතාමත් විශාල ටිපර් රථ යොදාගෙන මුළු ප්‍රදේශය පුරාම දැවැන්ත පාරිසරික හානියක් සිදු කරනවා. නල ළිං ව්‍යාපාරිකයන් ඉවක් බවක් නොමැතිව නළලින් සවි කරලා සල්ලි ගරනවා. එම ප්‍රදේශ වල ඇති දරුණු නියගය මෙම පාරිසරික හානිවල ප්‍රතිඵලයක් ද විය හැක.
ජනාධිපති තුමනි ජාතියේ වගකීමක් ලෙස මේ විනාශයදෙස බලා, මේ වැලිගොඋවුවන්ට නිසි දඩුවම් දී දැදුරු ඔය බේරගන්න. ජනතාව හැටියට කියන්න වෙනකෙනෙක් නැහැ . රටත් , පරිසරයත් දෙකම විනාසවෙන කාලය බොහොම ලග වේවි . අනේ අපේ ශ්‍රී ලංකාව
අමාත්‍යංශයක වගකීම ඉටුකළ නොහැකි අයෙක්ට රටක් වෙනුවෙන් වගකීම ඉටුකළ හැකිද යන්න විමසා බැලීමට කාලය එලබ ඇත. රටට අවශ්‍ය වන්නේ ක්‍රියාවෙන් වැඩ කළහැකි දේශපාලකයන් මිස වචනයෙන් ලොකු අහස මාලිගා හදන දේශපාලකයන් නොවේ. ජනාධිපති යටතේ ඇති අමාත්‍යංශයේ වගකීම පැහැර හැරෙනවා නම් අනෙකුත් අමාත්‍යංශ ගැන කුමන කතාද ?
අනේ දෙවියනේ, මේවා දකිනකොට මගේ නම් පපුව හෝස් ගාලා දාලා යනවා. දෙවියෝම මේවා බලාගන්න ඕනෑ...
හාරන්න හාරන්න. ඔය වගේම මේ රටේ ඉතිරි වෙලා තියෙන මහ රූස්ස ගස් ටිකත් කපලා ඉවර කරන්න. මැණික් ගරන්න පොළවත් හාරන්න. සල්ලි හොයන්න කැලේ ඉන්න අහිංසක අලි පැටව් ටිකත් අල්ලලා විකුණ ගන්න. නිදන් හොයන්න තව හාරන්න. පාර්ලිමේන්තුවේ ඉන්න සේරම මේ රට කෑලි කෑලි කපාගෙන එකපාර කාලා ඉවර කරන්න.
පරිසර ඇමැති සහ අනුබද්ධ දෙපාර්තමේන්තුවල වගකිව යුත්තෝ මර නින්දේ..