
(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මෝටර් රථයකින් පැමිණ හෝමාගම හබරකඩ මංසන්ධියේ කසල බෑගයක් දමා යාමට සැසෙද්දී ඊට එරෙහි වූ ත්‍රී රෝද රථ රියැදුන් කිප දෙනකු හප්පා එක් රියැදුරකු මෝටර් රථයේ බොනට්ටුව මත වැටුණු පසු ඔහුත් රැගෙන කීලෝ මීරයක් දුර රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එලෙස පලා යද්දී පනාගොඩදී යතුරු පැදියක ගැටී මෝටර් රථය නතර වී ඇති අතර ඒ අවස්ථාවේ පිටුපසින් පාන්නා ආ ත්‍රිරේද රථ රියැදුන් පිරිසක් ඔහු අල්ලා පොලිසිය බාර දි ඇත. තුවාලකරු රෝහලට රැගෙන ගොස් ඇත.
බොනට්ටුව මත කිලෝමීටර්යක පමණ දුරක් ගිය ත්‍රී රෝද රථ රියදුරු ඔරුවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
හබරකඩ මංසන්ධියේ සුසාන භූමිය අසල කසල පාර්සලයක් විසිකර නැවත යාමට සැරසීමේදී ඒ අසල ත්‍රීරෝද ගාලෙහි සිටි රියදුරන් කිහිප දෙනකු විසි කළ කසල බෑගය නැවත රැගෙන යන ලෙස මෝටර් රථයෙහි රියදුරුට දැනුම් දී ඇත. ඒ අවස්ථාවේදී මෝටර් රථය පණ ගන්වා ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනඑකු ද හප්පා පලා යාමට සැරසීමේදී එක් ත්‍රී රෝද රියදුරකු මෝටර් රථයේ බොනට්ටුව මත ට ඇද වැටී ඇත. එලෙස බොනට්ටුව මත වැටුණු පුද්ගලයා ද සමගින් මෝටර් රථය වේගයෙන් ධාවනය කර ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු හෙට (04) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ
(ඡායාරූපය: කේ බුද්ධික කුමාරසිරි)
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිරෝදයේ රියැදුරා බොනට්ටුවේ අමුණා රැගෙන ගිහින්
pakeer Friday, 03 February 2023 04:28 PM
මුන් එක්කද රටවල් හදන්නේ?
Hemantha Friday, 03 February 2023 06:42 PM
අනේ පවු...!
මැක්ස් Friday, 03 February 2023 10:18 PM
තැන තැන මෙලෙස කුණු කසල දමන තකතිරුවන්ට නිසි දඩුවම් දෙනු. එම පාදඩ ක්‍රියාවට එරෙහි වූ ත්රීෆ්රෝද රථ රියදුරන්ට අපගේ ආචාරය පුද කරමු.
podiekaa Friday, 03 February 2023 10:19 PM
" james bond 007 " ෆිල්ම් එකේ කොටසක් වගේ.
Sisira Saturday, 04 February 2023 07:25 AM
සල්ලි තිබිබට මොලේ නෑ
jamparayaa Saturday, 04 February 2023 03:19 PM
බොනට්ටුවෙ ඉන්න මනුස්සයා දැකපු ගමන් මම හිතුවේ ඒ බමුණුආරච්චි මහත්තයා කියලා.
fairoosSunday, 05 February 2023 12:52 PM
දෙයියෝ සාක්කි...!