IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


තායි තානාපතිනියගෙන් දේවානන්ද හිමිට විශේෂ ඔටුන්නක්

(නිමල කොඩිතුවක්කු)      

කොල්ලූපිටිය වාලූකාරාමය ඇතුළු පංචමහා විහාරාධිපති මහරගම නන්ද හිමිගේ සහ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂු නමක් වන උපසම්පදා අපේක්ෂක මහරගම දේවානන්ද හිමියන්ගේ උපසම්පදා උත්සවය නිමිත්තෙන් තායිලන්තයෙන් ගෙන්වන ලද විශේෂ ඔටුන්නක් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාට්සුවාන් මහත්මිය ඇතුළු එරට දායක පිරිසක් විසින් පරිත්‍යාග කරනු ලැබීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිස් සජ්ජායනා මධ්‍යයේ කොල්ලූපිටිය වාලූකාරාමයේ ධාතු මන්දිරයේ දී  මෙම විශේෂ ඔටුන්න ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාට්සුවාන් මහත්මිය විසින් මහරගම දේවානන්ද හිමියන් වෙත අද (28) පිළිගන්වනු ලැබීය.

කොල්ලූපිටිය වාලූකාරාමය ඇතුළු පංචමහා විහාරාධිපති මහරගම නන්ද හිමි, කොල්ලූපිටිය වාලූකාරාමයේ විහාරාධිකාරී උඩවෙල කෝලිත හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ මෙම අවස්ථාව සඳහා වැඩම කර සිටියහ.

 

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (3)

තායි තානාපතිනියගෙන් දේවානන්ද හිමිට විශේෂ ඔටුන්නක්

Siri Friday, 28 June 2019 05:32 PM

ඔන්න ඉතින් තායි තානාපතිත් හාමුදුරුවරුන් නරක් කරන්නයි හදන්නේ.

:       136       5

Chanak los angeles Friday, 28 June 2019 09:39 PM

හාමුදුරුවනේ, ඕවා විනය විරෝධී වැඩ නේද?

:       0       0

Saman Sunday, 30 June 2019 03:57 AM

අයියෝ, අපේ කට්ටියට ඔච්චරයි අඩුවට තිබ්බේ... දැන් ඉතින් කුළඟන සමිතිවලින් තරඟෙට ඔටුණු හදලා දෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1792 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1470 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 523 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site