
(අංජුල මහික වීරරත්න)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරු මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළහ.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන් ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පෙරහර කටයුතු සිදුකෙරිණි.
ගංගාරාම නවම් පෙරහර හෙට දිනයේද වීදි සංචාරය කරයි.
(ඡායාරූප: ලහිරු හර්ෂණ)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාමත්ම මගේ හිතේ ඇතිවී - නැතිවී නොයන එකම එක ප්‍රශ්නයක් අදත් යලි යලිත් ඇතිවී මට කරදරකරනවා මෙය ලංකාදීප ඔන්ලයින් එකට ලියන්න කියලා. අපි දන්නවා ශ්‍රීමහා බෝධීන් වහන්සේ කියන්නේ අපේ රටේ අපි ජාති ආගම් භේදයක් නැතිවම අතිගවුරවනිය ලෙස වන්දනා කරන පුජනිය ස්ථානයක්. නමුත් සාමාන්‍ය ජනතාවට ශ්‍රී මහා බෝධින්වහන්සේ ඈත සිට නැරඹීමට මිස ආසන්නයට ගොස් ස්පර්ශකිරීමට අවසර නැත.ඒ අතීතයේ සිදුවුණා යයි කියන අවාසනාවන්ත සිදුවීමක් නිසාත් කියා කියනවා. එයට මම අවංකවම එකඟයි.නමුත් රටේ ප්‍රභූන් යයි තමන්ව හඳුන්වාගන්නා දෑත්වල ලේ ඇති මිනීමරු -හොර තක්කඩින්ට උඩමළුවට ගොස් ශ්‍රීමහා බෝධින්වහන්සේගේ ශාකාවක හිසගසාගෙන සිටින්නට අවසර ලැබුනේ කාගෙන්ද ?අපේ ජනවහරේ කියන "කිලි " ..මේ මිනීමරුවන් ස්පර්ශකිරිමනිසා බෝධීන් වහන්සේට හානි වෙන්නේ නැතිද ? සධාතුක කරඬුවක් අතපතගානා මේ ෆොටෝඑකේ ඉන්න මිනීමරු පව්කාරයින් දෙදෙනා ගැනත් මට ඒ ප්‍රශ්නයම ඇතිවුනා.
දෙවෙනි චායා රුපය .... ගෝ මෑන් - මොකද මචන් කතාවක්වත් නැතිව බිම බලාගෙන ඉන්නේ ? රනි මෑන් - මොනවා කතාකරන්නද ? මට උඹව දකින්නත් අප්පිරියයි පෙරේතයා , උඹයි උඹේ අයියයි එකතුවෙලා මාව දැම්මේ නරා වලකට.මිනිස්සු මාව මරන්න බලාගෙන ඉන්නවා.මම දැන් මේ කල්පනා කරන්නේ මොකද කරන්නේ කියලා...තවමාස 3න් ආර්ථිකය ඉවරෙටම ඉවරයිලු... මුන් මාව කයි !!! ගෝ මෑන් - ඉතින් ? රනි මෑන් - ඉතින් මම මොකද කරන්නේ කියලා තමයි මම කල්පනාකරන්නේ. ගෝ මෑන් - ඕකුන් උඹව මරන්න එනකොට පැනපන් රටින් මම කලාවගේ. එතකොට මේ කුණු ඔක්කොම වැටෙන්නේ දිනේෂ් නාකියාගේ ඔළුවට.අපිට මොකෝ.
හරිම ලස්සනයි, සිරියාවන්තයි.
මුන්ගෙ මුනවල් දැක්කම රටට කිරි ඉතිරෙයිද. ඉස්සර කබාය ඇදගන චන්ඩිවගෙ හිටියෙ දැන් බයියලා නිකම්ම ගොබ්බයෝ වුනා. මේවගෙ උන්ට ජනදිපති කියනකොට. දියුනු රටවල ඉන්න නායකයින්ට කියන්න නමක් නැහැ.
මෙයා අර ආමි බැජ්ටික දැන් කමීසෙ ගහගන්නේ නැහැවගේ…. වසන්ත මුදලිගේට බයේ ඇදුමකුත් ගෙදර දාලා රටවල් ගානනාවකට දිව්ව විරුවා……
උන් ඔක්කොම යාළුවො මල්ලි.........
අපේ හාමුදුරුවරැත් මේ තක්කඩි හොර දේශපාලුවන් රටේ බිහිවූනාට සමසේ වගකියන්න ඕන.මොන ගොන් තක්කඩි හොර රටේ නායකයෙක් ආවත් පන්සල වලට වද්දගෙන මුරැන්ගා අත්තෙ තියලා ගුන ගායනා කරනවා. මේවා දැන්වත් නවත්තන්න.බලන්න තායිලන්තය, බුරුමය,වියට්නාමය වගේ බෞද්ධ රටවල දේශපාලඥවරු කවදාවත්ම පන්සලකට වද්ද ගන්නෙ නැහැ.ගෝඨා මුලු රටේම පරිපාලනය බින්දුවටම වටිටලා , මුලු රටේම ගොවිතැන නැති කරලා මිනිසුන්ට තුන්වේල කාපු එක නැති කරලා මේ උතුම් රට ලෝකෙන්ම හිගාකන ණය රටක් කරලා කුජීත වෙලා ගියේ.ඒත් දැන් පරන යාලුකමින් එලිබැහැලා ඔය ඉන්නෙ.අපේ මුලු ජන ජීවිතයටම වෙච්ච අපරාධයක්???
කොහොමද මල්ලි තෝරාගැනීම... හැංගිලා වෙස්මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එළියේ කියන්නේ ඕකට තමයි.
ලැජ්ජයි මේ වගේ දෙන්නෙක් මේ වගේ වැඩකට ආරාධනා කරපු එක ගැන. රටට සාපයක්...
ජයශ්‍රීමහ බෝධිය ලග වන්දනාකරුවන්, 200 වැඩි නිරායුධ අහින්සක මිනිස්සු මරාදාපු LTTE මිනීමරු සංවිධානය දෙකඩ කඩපු නිවැරදි යුධසැලැස්මට LTTE විනාස කරපු රනිල්ගෙ සහ ඝොටාගෙ හිසමත කරඩුව තැබිය යුතුයි. සමහරු මේව දන්නෙත් නැතිව තවමත් කුහක කමින් කථාකරන්නෙ. බුරුමෙ බෞද්ධ කම සුකීට කරපුදේන් පේනව.
දූෂිත දේශපාලුවන් සහ දූෂිත ඇතැම් චීවරධාරීන් එක්වෙලා මෙරට නරාවලකට ඇදගෙන ගියා. මෙතරම් විනාශයක් රටට වෙලා තියෙද්දී, තවම ඒ හවුලේ වැඩ අත්හැරලා නැති බව රටට පෙනෙනවා.
රටෙන් එළවලා දාන්න ඕනේ... ඉපදෙන්න ඉන්න දරුවන්ටවත් මොවුන්ව නොපෙනෙන්න..
රටම විනාශ කරපු දූෂිත පවුල් පාලනේ බලලෝබි බඩගෝස්තරවාදියා. පින් ජනපතියා ගේ ආසිර්වාදයෙන් ඉන්න හැටි.අපිට නම් මේ දූෂිතයන්ගේ මුහුණු දකින එකත් හරිම පිළිකුල් .