(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ දේශපාලන හා විවිධ ක්ෂේත්‍රවල නියුතු නීතිඥවරු දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සැමරුම් උත්සවයට සහභාගීවීමට පැමිණි ජනාධිපතිවරයා නීතිඥවරුන් විසින් ඉතා හරසරින් පිළිගනු ලැබීය.
ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් උත්සව සභාව ඇමතූ අතර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු මීට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බොරු ශෝ වලට සල්ලි කොහෙන්ද ? රටේ මිනිස්සුන්ට මේ හෝටලෙන් කන්න හිතන්නවත් පුලුවන්ද.?
ඔය තියෙන්නේ ගෙඩි පිටින්ම. අනාගතයේදී දවසක සිපිරි ගෙදර කූරු ගනින්න අනිවාර්යයෙන්ම සිදුවන කට්ටියම මෙතන ඉන්නවා.මේ අයට ජම්පර් අන්දලා පුරුදු වෙන්න ඕනත් නැහැ.
මේ දිවුරුම් දීමෙන් ජනතාවට සිදුවූ සෙතක් නැත.
නඩු 50 ක් වත් කතාකරලා තියෙනවද, නැතිනම් මුළු ජීවිතේම මහජන මුදලින් යැපුනද?
ඔච්චර සමරන්නෙ අවුරුදු 50 නඩු කීයක් කතා කරලද??
ලෝයර් කෙනෙක් වෙලා කතා කරපු එක නඩුවක්, කාවද මේ රවටන්නේ.?
රට විනාස කල රැල එකතු වෙලා.
සුභ පැතුම් ජනාධිපතිතුමනි.!
රටට කරපු කිසි දෙයක් නැති එකේ මෙහෙම හරි සමරන්න දෙයක් තියෙන්න එපාය. අමතක උනා. එක්සත් ජාතික පක්ෂය නැති කරපු එකත් සමරන්න වටිනවා.
ජනාධිපතිතුමාගේ ඉදිරි උත්සවය, සාගල හමුවී වසර 55ක් පිරිම නිමිත්තෙන්...
අනවශ්‍ය පාටිදාන්න තහනම් කළෙත් මෙයාම නේද?
තමන්ගේ වෘත්තියෙන් රටට සේවය කරපු මිනිසුන් කොතරම් ඇත්ද? හැබැයි තමන්ට බලය ඇති විට එයාලාම සමරා ගන්නවා. අනේ සංසාරේ...!
උත්සවය සංවිධානය කළේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ කමිටුවක් විසින්. ප්‍රවේශ පත්‍රයක් රුපියල්- 8000. රජයේ මුදල් වැය කිරීමක් නෑ...!
මොනවද කතාකරපු නඩු…? දැනගන්න ආසයි. අපිව අන්දන්න අමාරුයි හලෝ… අපි ඉතාලියේ…!
මම රතිඤ්ඤා පෙට්ටි 10ක් ඕඩර් කළා. එකින් එක පත්තු කරන්න බලාගෙන ඉන්නේ චුත වෙනකන්... රටට විනකරපු අය...
නීති වෘත්තියට අවුරුදු 50ක්ලු. මොනවද දන්නේ නැහැ කෙරුවේ...? දූෂිත පවුල් පාලනේ අයව නම් ආරක්ෂා කරපු බව ලෝකෙම දන්නවා...
පින් ජනපතිගේ නීති දිවියට අවුරුදු 50ක්. ආපසු හැරිලා බැලුවාම කරපු දෙයක් නැහැ. හරියට හොර පෙරකදෝරුවන් වගේ...
පැරදිලා ගෙදර හිටියානම් මෙලෝ දෙයක් නෑ. පිං ජනපති වෙලා දැන් හැම මගුලකටම බොරු ෂෝ... මෙයාලා එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමම තමයි.
මේවා තමයි රැවටීම් සහ ඇන්දවීම් කියන්නේ... රනිල් ලෝයර් කෙනෙක් වුණාට උසාවිය පළාතක ගිය හෝ නඩු කතාකළ කෙනෙක් නොවන බව රනිල් ගැන දන්න හැමෝම දන්නවා. නීතිය ගැන අවම මතකයවත් මෙයාට තියෙයිද දැන්..?
පින් ජනාධිපතියි, වටේ ඉන්න ගොබ්බ සෙට්එකයි දෙන ආතල් ටික නම් කියලා වැඩක් නෑ...!
තවමත් කඩේ යනඅය හොඳට බලාගන්න. ඔය ඉන්නේ රනිල්ගේ පන්තියේ කට්ටිය... ඔය ටික බේරගන්න තමයි එයා ආවේ (තවමත් වැඩකරන්නේ). කොච්චර හොරු වුණත් ඒක එයාට අදාල නැහැ. ඔයලා ඔය පන්තියට අයිති නැහැ. ඔයාලගේ පන්තියේ අයව රනිල්ට පයට පෑගෙන පස්පිඩක් තරම්වත් වටින්නේ නැහැ...
කමෙන්ට්ස් දැක්කාම අපේ මෙන්ටලිටි එක තේරෙනවා. රනිල්ට ලෝයර් කෙනෙක් වෙලා පාටි එකක් හරි දාන්න පුළුවන්... අනිත් අය කොහොමද? අඩුම ගානේ සාමාන්‍යෙපළ පාස්වෙලා කියලාවත්...
සේනානායකලා, ලලිත් ඇතුළත් මුදලිලා, ගාමිණී දිසානායකලා කරපු වැඩ අදත් මිනිස්සු සිහිපත් කරනවා.. කරපු එක හොඳ වැඩක් කියන්න...
අවුරුදු 50 තුල කරපු මගුලක් නැනේ.
හැම උත්සවයක්ම ආණ්ඩුවේ මුදලින් කියලා හිතන එක වැරැදියි. එයට කැමැති අය වියදම් කරලා උත්සවයක් කළ එක... එච්චරයි, අපිත් සුබ පතමු... නඩු කතා නොකළත්, නැතත් නීතිය ගැන හොඳ අවබෝධයක් තියන කෙනෙක් කියලා අමතක කරන්න එපා... අපි කැමැති අකැමැති වෙනම එකක්...
අවුරුදු 50 ට නඩු 5ක් වත් කතා කරලද ?නමට නීතිඥ.හැබැයි කරන්නෙම අවනීතියේ වැඩ .නීති දැනුම කොච්චරද කියලා දැන් රටම දන්නවානේ .අනේ මෙහෙම තණ්හාවක් .අනේ මෙහෙම ආසාවක්
එකම රෑනෙ කුරුල්ලෝ එක අත්තක ඔය වහලා ඉන්නේ. අපේ සාටක මහත්තයාත් ඔය ඉන්නේ. අපි රැවටුණා...