(ශාන්ත රත්නායක)

ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය අද (24)   ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත විය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,  ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ ඇතුළු  පිරිසක් ද ඊට සහභාගී වූහ.
 
රුපියල් කෝටි 4598ක වියදමින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථනය මහල් දහයකින් සමන්විත වේ.