IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


චීනයෙන් ලැබුණු P625 නෞකාව කොළඹ වරායට

(ළහිරු හර්ෂණ)
 
මහජන චීන සමූහාණ්ඩුව මගින්  ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පිරිනමන ලද P625 නෞකාව අද(08)  කොළඹ වරායට සේන්දුවිය.

ජූනි 05 වන දින ලංකාවට ලබාදුන් මෙම නෞකාව ජූනි 25 වන දින චීනයෙන් පිටත්වී ඇත.

1994 වර්ෂයේ දී චීනයේ නිෂ්පාදිත මෙම නෞකාවේ දිග මීටර්112 ක් වන අතර පළල මීටර්12.4 වේ. මෙම නෞකාවේ ඉදිරිපස මිලිමීටර් 100ක  ද්විත්ව  අවියක් ද  නෞකාවේ පසුපස මිලිමීටර් 37ක ද්විත්ව අවියක්ද ඇත.

මෙම නෞකාවේ අණදෙන නිලධාරියා වශයෙන් කපිතාන් එන්.කේ.බී. විජේසිංහ මහතා කටයුතු කරන අතර  එහි කාර්ය මණ්ඩලය 110 කි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති චේග් සූයුවාන් මහතා, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයෝ පිරිසක් හා නෞකාවේ කාර්ය මණ්ඩලයේ  සාමාජිකවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (7)

චීනයෙන් ලැබුණු P625 නෞකාව කොළඹ වරායට

Udarath Monday, 08 July 2019 09:34 AM

ලංකාවෙත් නැව් හදනවා...

:       0       62

hira Monday, 08 July 2019 09:53 AM

විසික්කරන්න තියෙන කාසි කබල් ඔක්කොම ලංකාවට පටවනවා. මේවා නඩත්තු කරන්න ගියාම අලුතෙන් නැවක් ගන්න පුළුවන් හදන්න යන සල්ලි වලින්.

:       3       110

kap Monday, 08 July 2019 10:05 AM

අමෙරිකාවෙන් ලැබුණ නැවට බැනපු කට්ටිය අත උස්සාන්න. චීනෙන් කමක් නැද්ද

:       16       62

kap Monday, 08 July 2019 12:30 PM

හිරා කියන්නේ නාවික ඉංජිනේරුවෙක්ද? හබලක් ගන්න සල්ලි නැහැ. එ්ත් නැව් ටෝක්...

:       191       142

de silva Monday, 08 July 2019 01:03 PM

අවුරුදු 25ක පරණ යකඩ ගොඩක්...

:       83       235

Sumudu Tuesday, 09 July 2019 12:16 AM

දැන් කොහෙද ඔය නැව් තියෙන්නේ?

:       0       0

වීර Tuesday, 09 July 2019 03:37 AM

මම මේ කල්පනා කලේ ලංකාව වසර 25 ක් ලෝකයට වඩා පිටිපස්සෙන් සිටින්නේ. එකනේ අවුරුදු 25කට කලින් හදපු නැව වුනත් අද ලංකාවට සුදුසුයි කියා බාරගන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1792 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1470 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 523 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site