IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගල්කිරියාගමට භීතියක් වූ කිඹුලා බළලු වැවට මුදාහරියි

( කුෂාන් ජයවර්ධන)
 
ගල්කිරියාගම  මානේරුව   ගම්මානයට පැමිණ සිටියදී අල්ලාගත් හැළ කිඹුලකු කලාවැව ජාතික උද්‍යානයේ පිහිටි බළලූ වැව ජලාශය වෙත නිරුපද්‍රිතව මුදා හැරීමට වනජීවී නිලධාරීහු අද (09)  පියවර ගත්හ.
 

ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් මානේරුව ගම්මානයට එම කිඹුලා පැමිණ සිටි අවස්ථාවක ප‍්‍රදේශවාසීන් විසින් කිඹුලා දැක තිබේ.
 පසුව ඒ සම්බන්ධයන් ගල්කිරියාගම වනජීවීකාර්යාලයට ඒ බව දැනුම් දීමෙන් පසු තම ගම්වැසියන්ට කිඹුලාගෙන් සිදුවිය හැකි හානිය සළකා බලා කිඹුලා ආරක්ෂිතව ගසක ගැට ගසා කිඹුලා තවදුරටත් ගම්මානයේ සැරිසැරීම වළක්වාලීමට  වැසියන් පිරිසක් එක්ව කටයුතු කර තිබිණ.
කිඹුලාගේ දිග අඩි 8ක් පමණ වේ. වයස අවුරුදු 15ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.
 
එලෙස අල්ලා ගත් කිඹුලා ආරක්ෂීතව රැගෙනවිත් කලාවැව  ජාතික උද්‍යානය තුළ පිහිටි බලලූවැව වෙත නිරුපද්‍රිතව මුදා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

 



අදහස් (5)

ගල්කිරියාගමට භීතියක් වූ කිඹුලා බළලු වැවට මුදාහරියි

Chathuri Tuesday, 09 July 2019 02:13 PM

මේ හැල කිඹුලව එයාගේ පවුලේ කට්ටිය ලගට අත අරින්න තිබුණා දියවන්නාවට... මෙයාට වැඩිය ලොකු කිඹුල්ලු නිදැල්ලේ...

:       0       156

SiriTuesday, 09 July 2019 11:20 PM

නියම කතාව චතුරි !

:       0       0

Sugandhi Tuesday, 09 July 2019 07:44 PM

මෙයා නම් ගිය ආත්මේ ඇමති කෙනෙක්

:       0       0

Sugandhi Wednesday, 10 July 2019 05:42 AM

හරිම දුකයි..

:       0       0

ලුම්බිණි Wednesday, 10 July 2019 05:44 AM

අගය කල යුතු දෙයක් මේ ප‍්‍රදේශවාසීන් කරලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site