( කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම මානේරුව ගම්මානයට පැමිණ සිටියදී අල්ලාගත් හැළ කිඹුලකු කලාවැව ජාතික උද්‍යානයේ පිහිටි බළලූ වැව ජලාශය වෙත නිරුපද්‍රිතව මුදා හැරීමට වනජීවී නිලධාරීහු අද (09) පියවර ගත්හ.
ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් මානේරුව ගම්මානයට එම කිඹුලා පැමිණ සිටි අවස්ථාවක ප‍්‍රදේශවාසීන් විසින් කිඹුලා දැක තිබේ.
පසුව ඒ සම්බන්ධයන් ගල්කිරියාගම වනජීවීකාර්යාලයට ඒ බව දැනුම් දීමෙන් පසු තම ගම්වැසියන්ට කිඹුලාගෙන් සිදුවිය හැකි හානිය සළකා බලා කිඹුලා ආරක්ෂිතව ගසක ගැට ගසා කිඹුලා තවදුරටත් ගම්මානයේ සැරිසැරීම වළක්වාලීමට වැසියන් පිරිසක් එක්ව කටයුතු කර තිබිණ.
කිඹුලාගේ දිග අඩි 8ක් පමණ වේ. වයස අවුරුදු 15ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.
එලෙස අල්ලා ගත් කිඹුලා ආරක්ෂීතව රැගෙනවිත් කලාවැව ජාතික උද්‍යානය තුළ පිහිටි බලලූවැව වෙත නිරුපද්‍රිතව මුදා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැල කිඹුලව එයාගේ පවුලේ කට්ටිය ලගට අත අරින්න තිබුණා දියවන්නාවට... මෙයාට වැඩිය ලොකු කිඹුල්ලු නිදැල්ලේ...
මෙයා නම් ගිය ආත්මේ ඇමති කෙනෙක්
හරිම දුකයි..
අගය කල යුතු දෙයක් මේ ප‍්‍රදේශවාසීන් කරලා තියෙන්නේ.