
(ඡායාරූප - වන්නි රොමේෂ් මධුෂංඛ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිලමෙහෙවෙරේ ජනතා ගැටලු විසඳීමට වව්නියාවට පැමිණියහ. සියගැටළු විසඳාගැනීම සඳහා වව්නියාවේ සාමාන්‍ය වැසියෝ 5000 කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.
උතුරු පළාතේ වැසියන් කෙන්ද්‍ර කරගෙන වවුනියාවේ පැවති නිල මෙහෙවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ වවුනියාව සෛවප්‍රකාශ මහා විද්‍යාලයීය භූමියේදී පැවත්වුණි. මෙම අවස්ථාවට,ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් රැසක්ම සහභාගී වූහ.
ජනාධිපතිවරයාද අග්‍රාමාත්‍යවරයාද පිළිගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ .සුමන්තිරන්, දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු හා පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක්ද පැමිණ සිටියහ.
මාස හයකට වැඩි කලක් තිස්සේ උතුරු ප්‍රදේශයේ වැසියන්ගේ නොවිසදුණු ගැටළු රැසකට අමාත්‍යවරුන් හා ලේකම්වරුන් වරින්වර වවුනියාවට පැමිණ විසදුම් ලබාදුන් අතර ජනාධිපතිවරයා විසින් උතුරේ වැසියන්ට ඉඩම් බලපත්‍ර 5000 ක් බෙදා දීම සංකේතවත් කරමින් බලපත්‍ර කීපයක් බෙදා දෙන ලදී.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජහ පාලනයට පින්සිද්ධ වෙන්න අපිට නම් කිසි ගැටළුවක් නෑ. එ්කයි අපි නාවේ.
උතුරේ ජනතාවගේ ප්‍රශ්න විතරක් විසඳලා හරි යන්නේ නැතිබව මෙතුමාට තේරෙන්නේ නැද්ද ?. මෙතුමාගේ ක්‍රියා කලාපයෙන් ඔප්පු වෙන්නේ දවසින් දවස දකුණේ ජනතාවගෙන් ඇති වෙන බවයි.
මුණෙ තියන හිනාව... මමත් හිතුවා මේ දකුණේ තියන ගැටළු විසඳන්න හදනවා කියලා... බැලින් නම් උතුරේ...
සමන් ඇයි උතුරේ ඉන්නෙ ලන්කාවේ ජනතාව නෙමෙයිද?
මගේ අම්මේ 5000ක්. ගැටළු විසඳීම කෙසේවෙතත් නූල්බෝලයක් ගෙන්නලා ඔක්කමල තව ටිකක් පටලවයි.
මේ මුහුණු කොහොමටත් ගැලපෙන්නේ උතුරේ ප්‍රශ්න විසඳන්න තමයි. බලයට ආපුදින පටන්ම කලේ ඒ දෙයයි. උතුරුකරයේම බින්න බැස්සා නම් හොඳයි. දකුණට එන්න නැතුව....
"පොඩි අය නැති ගෙදර නාකි දනගානවා" කිව්වලු. මේ මොන විහිළුවක්ද ? ගමේ ප්‍රශ්න විසඳන්න ප්‍රාදේශීය සභා පළාතේ මන්ත්‍රීවරු, දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාශවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ සියල්ලන්ටම ඉහළ සිට රට පාලනයට ජනාධිපති සහ අගමැති ඉන්නේ. ඒ රටේම ගැටළු වලට විසඳුම් දෙන්නට. එහෙත් එහෙවු දෙන්නා මුළු රටම අවුලක් කර ගැටළු ඇතිකර දැන් ඒවාට විසඳුම් දෙන්නට බැරුව පහළම මට්ටමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිගේ රාජකාරිය කරන්නට ගමේ නාන ළිඳ හදන්න, කාණු උතුරන පැමිණිලි වලට විසඳුම් දෙන්නට ගමට ගිහින්....
ගැටළු විසදීම කෙසේවෙතත් ලස්සන සුරංඟනා කතා ටිකක් අහල යන්න පුළුවන්... කතා පුන්චලා දෙන්නම එකම වේදිකාවේ....
සත්‍යපාල නමැති පා.ම.මහින්දගේ පස්සෙන් යන කෙනා හැමදාම දමන්නේ ඔය වැනි මෝඩ අදහස්මයි. මේ ඉස්සර අදහස් දැමු බන්දුල පෙරේරා නැමැත්තා විය යුතුයි.
ආණ්ඩුවේ උදවිය එක එක ජන කොට්ඨාශ පිලිබඳ ප්‍රශ්න ගැටළු විසඳීමට මොන දේ කළත්, උත්සාහයක යෙදුනත් , ඒ ගැන තර්කානුකුලව සිතා බලා ඇගැයීමට හෝ ධනාත්මක විවේචන, සංශෝධන ඉදිරිපත් කිරීමට හෝ අපොහොසත්, රජ්ජුරුවන්ට කඩේ ගිය සහ තාමත් පොරකමින් කඩේ යන උදවිය ඔහේ ඉතින් පාට කන්නාඩි දාගෙන, වපර ඇහින් බලමින් නං දොඩන බව නම් පැහැදිළිය. ඇත්තටම , ක්‍රියාත්මක කිරීමට එළඹෙන වැඩපිළිවෙලවල් අඩාල කරමින් , රටේ නොයෙකුත් ගැටළු සඳහා විසඳුම් සොයන විට ජනතාව නොමග යවමින් වැඩ අවුල්කරන්නේ කවුදැයි සිතා බලා සිතට එකඟව කතා කලොත් කාටත් යහපතක් වෙයි නේද ? මෙහෙම ගියොත් අපට හැමදාම ඉන්න වෙන්නේ තුන්වැනි ලෝකයේම නේද ? ජාත්‍යන්තරයෙන් කොන්වෙලා නේද ?
උතුරට ගොරවල දකුණ බදාගෙන හිටියොත් උතුරේ අයට මොකක්ද හිතෙන්නේ. හැමෝම එකවගේ නොසැලකුවොත් කවදාවත් අපේ රටේ ප්‍රශ්න විසදන්න බැ. තමන්ගේ දේසපාලන වාසිතකා ජනතාව බෙදකරන දෙසපලුවන්ගේ අතකොලු වෙන්න එපා
වැඩක් නැහැ පත්තරෙන් දැක්කොත් නම් ඉතින් උත්තර ලැබීම කෙසේ වෙතත් එක දැක්ක හරි කියයි.
මට නම් පේන්නේ සත්‍යපාලට මේ පාලක ජෝඩුව තමන්ගේ බලය රැක ගන්න රෙදි ගලවගෙන සුළු ජාතීන්ගේ දෙපතුල් ලෙවකන අප්‍රසන්න හැසිරීම ගැන තේරිලා. ඒක දැක දැක හිරිකිත නොදැනෙන ඔබට මොකක් හෝ ලොකු අසනීපයක් තියෙන බවයි අපිට නම් තේරෙන්නේ.
ගැටළු 5000 ක් කිවුවත් ඇත්තට ම ඇත්තේ විසඳාගතයුතු මූලික ප්‍රශ්ණ 3-4 ක් විතරයි. දකුණේදි සිංහලෙන් ඇසුවත් උතුරෙදි දෙමළෙන් අහගත්තත් හැමදෙනාට ම තිබෙන්නේ එකම ප්‍රශ්ණ. මුළු රටට ම බලපාන ප්‍රශ්ණ විසඳන්න ඹබ තුමාලගේ කාළය යොදවලා, ජනතාව ට අනෙකුත් ප්‍රශ්ණ විසඳාගන්න ග්‍රාමසේවක සිට ප්‍රාදේශීය ලේකම් දක්වා දැනට තිබෙන පරිපාලන ව්‍යුහය ශක්තිමත් කරන්න.
මේ පිරිස අගමැති ජනපති හමුවට එන්නේ කගේ වරදින්ද? මේ අදාල ආයතනවලට ඒ ඒ කටයුතු වලට විසදුම් දෙන්න ලක්ෂ ගණන් වියදම් කරලා නිලධාරීන් පත් කරලා ඉන්නවා. කාර්යාල පවත්වාගෙන යනවා. නමුත් ඒ කිසිකෙනෙකුට නිසි අවසාන තීරණයක් දෙන්න හැකියාවක් නැහැ. විසදුමක් දුන්නත් දේශ පාලකයෙක් ඒ තීරණ වෙනස් කරනවා. නැතිනම් නිලධාරියා මාරු කරනවා. නැතිනම් ප්‍රසිද්දියේ අපහස කරනවා. ජනතාව ඉදිරිය තමුන් සර්ව බලධාරී ප්‍රාඥයන් බව හුවාදැක්විමට උත්සහ කරනවා. ඒ හැම දේකින්ම ජනතාව රවටා ඉදිරි මැතිවරණයට චන්ද වැඩි කර ගැනීමට උත්සහ කරනවා. නැතිනම් රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමය තීරණය කිරීමට, පරිපාලනය අධීක්ෂණය කිරීමට පත්වුණු දේශ පාලකයන් මේ විදියට පෝලිමේ ජනතාවගේ ප්‍රශ්න විසදීම අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන එකක් තබා මොවුන් ප්‍රාදේශීය ජනතා නියෝජිතයින්ටවත් ප්‍රශ්න විසඳීමේ අවස්ථාව ලබා දෙන්නේ නැහැ තමන් පුම්බා ගැනීමට අවශ්‍ය නිසා.