IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කෘතිම පරීසර පද්ධතියක් නිර්මාණයට බස් රථ මුහුදේ ගිල්වයි

(යොහාන් භාසුර)

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන උතුරු මුහුදේ කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී  ආරම්භ කළේය.

යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම මෙම කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණ ව්‍යාපෘතියේ අරමුණයි.

මුහුදු ප්‍රදේශයේ කෘත්‍රීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස් රථ 20 ක් මුහුදේ ගිල්වීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුරු’ කැනීම් නෞකාව මගින් ඉවත් කළ බස් රථ හතරක් ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්ෂිතව දියයට ස්ථානගත කළේය.

මෙම ව්‍යාපෘතිය මඟින් වෙරළාසන්න මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීම අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානය මෙම ව්‍යාපෘතියට සහයෝගය දක්වයි.



අදහස් (16)

කෘතිම පරීසර පද්ධතියක් නිර්මාණයට බස් රථ මුහුදේ ගිල්වයි

Raveendra Saturday, 12 June 2021 08:00 AM

ඕවා ඕනේ නෑ බොරුවට... සර්ලා නැව් පිටින් ගිල්ලනවා...

:       45       124

gamunuSaturday, 12 June 2021 05:20 PM

කෘතිම පරීසර පද්ධතියක් නිර්මාණයට බස් රථ මුහුදේ ගිල්වයි. මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීම අපේක්ෂාව උවත් මෙවැනි යකඩ ගොඩවල් ලුණු salt water සමග මිශ්‍ර වූ විට chemical reaction සිදුවේ. එමනිසා ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීම කෙසේ වෙතත් පරිසර හානියක් නම් සිදුවනු ඇත. මෙවැනි දෙයක් සිදු කරන්නේ නම් මාධ්‍යවලින් තොරව ලකයුතුව තිබිණි. මෙවැනි කටයුතු කිරීමෙන් පෙනියනුයේ ලංකාවේ සමස්තයක් වසයෙන් ගන්නවු තීන්දු දනත්මක් නොවන තීන්දු බව වේ. සොයබලිම් වලින් පෙනියනුයේ ලෝකයේ කිසිදු රටක මෙවැනි කටයුතු නොකරන බවකි

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 June 2021 08:31 AM

අගය කළ යුතු හොඳ දෙයක්... ඒත්, එක බස් රථයක ඩීසල් ටැංකියක් පෙනෙනවා. එය ගැලෙව්වා නම් තමා වඩා හොඳ. කවුරුවත් මා සමග අමනාප වෙන්න එපා. අනේ .. මේවා තුළ බෝවී වැඩෙන සුන්දර මත්ස්‍ය ජනාවාස හිත්පිත් නැති මිනිසා කිසිදු තැකීමක් අනුකම්පාවක් නොමැතිව අල්ලාගෙන විත් මරා උයා තළු මරමින් කනවා නේද? මේ අසංවේදී නපුරු මිනිසා අනාගතයේ කිසියම් දිනෙක මේ දේ සැබෑ සංවේදී මනසකින් කල්පනා කොට බැලුවොත් එදාට මේ මනුලොව කෙතරම් සුන්දර වේවිද? එහෙත්, ඒවන් සැබෑ සොඳුරු ලොවක් හා සංවේදී මිනිසුන් මතු හෝ බිහිවේවිද? සුළු වශයෙන් හෝ ඒවන් මිනිසුන් කිහිප දෙනෙකු හෝ ලොව සිටීම අගනා දෙයකි. ඒත්, ඒ වැනි උතුම් මිනිසුන්ව නපුරු දරුණු අසංවේදී මිනිසුන් විසින් හාස්‍යයට ලක්කිරීම තරම් තවත් අනුවණකමක් තිබේද?

:       14       228

Namal perera Saturday, 12 June 2021 08:40 AM

එහෙන් නැව ගිලුනා මෙහෙන් බස් ගිල්ලනවා...

:       60       67

Ras Saturday, 12 June 2021 08:43 AM

තවත් අවුරුදු 1000 ක් විතර ඔය බස් නොදිරා තිබුණොත් ඒ කාලේ ඉන්න අය කියයි... ඉස්සර පාරේ බස් යනකොට සුනාමියක් ඇවිල්ලා බස් ටික ඔක්කෝම මුහුදට යටවෙලා කියලා. කොහොම වුණත් කුඩා කුටීර කවුලු සහිත පෙට්ටි වගේ දේවල් දැම්මා නම් මීට වඩා ඵලදායි වෙයි...

:       3       38

janahitha Saturday, 12 June 2021 09:19 AM

නිවාස නැතිව මහමග දුෂ්කර ගම්මානවල ඉන්න අයට ඉදිකර මේවායින් පුළුවන්... මේවා මෝඩ වැඩ අපරාධ හැටියට අපි දකිනවා... මුකුත්ම නැති නම් යකඩ සඳහා විකුණා දමන්න පුළුවන්..

:       234       219

Game Kolla Saturday, 12 June 2021 09:19 AM

අර අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය මෙහෙමවත් ස්ථානගත කරලා රටට වැඩක් ගන්න බැරිද?

:       3       158

appu Saturday, 12 June 2021 09:20 AM

සංදර්ශන ජනතා නියෝජිතයන්ගෙන් 80% සාමාන්‍ය පෙළද අසමත්.. ඉතින් මොකද කරන්නේ?

:       93       59

Aruna Saturday, 12 June 2021 10:25 AM

වැඩේ හොඳයි. එ්ත් මම දැක්කා මේවා සල්ලී දිලා ගත්තා කියලා. අැයි එහෙම කරන්නේ...? ඕනෑතරම් දිරාපත් වෙලා පොළවට වැටෙන වාහන අාණ්ඩුවේ අායතනවල තියෙන්නේ. අැයි අපේ සල්ලි නාස්ති කරන්නේ?

:       61       38

Dhammika Saturday, 12 June 2021 12:02 PM

කාලෙකට කලින් ලැම්බොගිනි එහෙමත් ගිල්ලුවා නේද?

:       19       22

gamage Saturday, 12 June 2021 12:08 PM

පිස්සු පැසෙන්ජස්ලා එක්ක අපි යන ගමනේ..., තවත් ගොන් වැඩක් රටවටේම කොරල්පර විනාශවීමට හැර කරන සංදර්ශනයක්..!!!

:       34       21

Kepi Saturday, 12 June 2021 01:20 PM

කෙරුවොත් නම් මෝඩ වැඩක්..!!! 

:       65       30

loiutreadfhkl @gmail. Saturday, 12 June 2021 01:46 PM

කිරිඅප්පට බල්ලො පැනපි

:       21       17

sunil Saturday, 12 June 2021 02:19 PM

මේක හොයන් තියෙන්නේ යුද්ධයේදී ගිලුණු බෝට්ටු, ගුවන් යානාවල සෑහෙන්න මාලු ඉන්නවලු. උයන් කෑවේ මොනවද කියලා කල්පනා කරන්න.

:       1       39

Onil Saturday, 12 June 2021 06:31 PM

රටක් දියුණු කිරීමට අවශ්‍ය වන්නේ බුද්ධිමත් මිනිසුන්ය. ඉහත පලකර ඇති අදහස් දුටු විට පෙනෙන්නේ මෙරටට අඩුද ඔවුන්ම බවයි. කොරල් පර හදන්නේ හුදෙක්ම මත්ස්‍ය ගහණය වර්ධනයට පමණක්ම නොව විදෙශිකයින් ආකර්ශනය කර ගැනීමටයි. ලොව බොහෝ රටවල මෙවන් කෘතිම කොරල්පර පිහිටුවනු ලබයි.

:       372       356

චින්තක Thursday, 01 July 2021 04:41 PM

සම්පූර්ණ ඇත්ත, මේකෙන් ධීවරයින්ට වෙන ලාභය ගැන මේ මෝඩ මිනිස්සු එක වචනයක් කිව්වද? මේවගේ කෘතිම පරිසර පද්ධති මගින් ජපානය, යුරෝපය මොනතරම් මත්ස්‍ය අස්වැන්නක් වාර්ෂිකව ලබා ගන්නවාද කියලා මේ නූගත් මිනිසුන්ට කිසිඳු අදහසක් නැත. තනිකරම දේශපාලන වහලුන් සේ ජීවත් වෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1711 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site