
(රංජන් කස්තුරි)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජපානයේ නිෂ්පාදිත මෙම නව විදුලි ජනන යන්ත්‍රයට ජලය ලීටරයක් පමණ ප්‍රමාණයක් යෙදිය යුතු අතර ඉන් පැය 24කට පමණ අවශ්‍ය විදුලිය පහසුවෙන් ජනනය කළ හැකි බව එම විදුලි ජනන යන්ත්‍රය මෙරටට හඳුනාව දෙන ග්‍රීන් ලංකා සස්ටේනබල් සොලුෂන් සමාගමේ සභාපති එස්.සෙන්දිල් කුමාරන් මහතා කොළඹදී ඉකුත් දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
සමස්ත ලෝකයම අද බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින මෙවන් අවධියක ජලය ලීටරයක් වැනි ඉතාම අඩුවියදමකින් පරිසර හිතකාමී ලෙස විදුලිය ජනනය කළ හැකි ජනන යන්ත්‍රයක් නිපදවිම සුවිශේෂී තත්ත්වයකැයි ද සෙන්දිල් කුමාරන් මහතා කීවේය.
ජපානයේ ග්ලොබල් ලින්ක් සමාගම නිපදවා ඇති මෙම ජනන යන්ත්‍රයට ජලය එකම අමුද්‍රව්‍ය ලෙස භාවිතකරන අතර ජලයෙන් හයිඩ්‍රජන් වායුව වෙන්කරගෙන විදුලිය නිපදවීමට හැකිවීම ලොව විදුලි ජනන කේෂත්‍රයේ විප්ලවීය වෙනසකැයි ද සෙන්දිල් කුමාරන් මහතා කීය.
COMMENTS
මෙන්න වැඩ කාරයෝ... මට බය අර මස්තබාල්දුවෝ කාගේ හරි කොමිස් අරන් මේක නැති භංගස්තාන කරයිද?
දැං කොමිස් කාක්කො ගණන් හදනවා ඇති.
එවිට එක ගෙයකට මාසයකට අවශ්‍ය වන්නේ ජලය ලීටර් 30ක් පමණයි... අද කිව්වා කියලා හිතාගන්න. අපේ පාලකයෝ මේ වගේ දේවල් අපේ රටට ලබාදෙන්නේ නෑ. ඔවුන්ට විදුලිබල මණ්ඩලය හරහා රටේ මිනිස්සුන්ගේ සාරය උරාබොන්න බෑ. එවිට සූර්ය පැනල භාවිතයත් ඒ වගේ. නිකම් ලැබෙන ඉර එළිය මගින් වෙනත් රටවල් එම රටේ අවශ්‍යතාවයට අමතරව ඔවුන් විදුලිය අපනයනය කරනවා. ඒකට අපේ පාලකයෝ....
ජලයෙන් හයිඩ්‍රජන් වෙන් කරන්න නිපදවන විදුලිය වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යයි...
මේවා මේ සුරංගනා කතාද? මේක හරියට අපි හීනෙන් ලොතරැයි ඇදෙනවා දැකලා උදේ ඇහැරුණාම මොන මල කෙහෙල්මලක්වත් නැති විත්තිය තේරුම් ගන්නවා වගේ කතාවක්ද? ඇත්තටම මේකේ සුල මුල අපිට කියන්නේ කවුද? මොකද මේ වගේ ආශ්චර්යමත් කතා කාලෙන් කාලෙට එනවා යනවා...
ජලයෙන් හයිඩ්‍රජන් ගන්න විදුලිය අවශ්‍ය කරනවා. එහෙම ගන්නා හයිඩ්‍රජන් බල ශක්තිය ලෙස භාවිතාකරනවාට වඩා ඒ යොදාගන්නා විදුලිය බල ශක්තිය ලෙස භාවිතය වඩා කාර්යක්ෂම වේ. මේ news එක එක්කෝ කරුණු වරදවා වාර්තා කිරීමක් නැතහොත් එහෙම පිටින්ම ගොන් පාට් එකක්.
නියමයි
එක මොකක්හරි අවුලක් කියල ඔක අයින් කරල දමයි ...කොමිස් කාරයො
කාර් එකකුත් වතුර වලින් දිව්වා ටික දවසක් නිව්ස් වල.
විදුලිය ජලයෙන් නිපදවීම වටිනවා.පැහැදිලි කිරීම දුර්වලයි. ජලය ලීටරයකින් විදුලිය නිපදවන ප්‍රමානයයි වැදගත්.වොට් කීයක්ද? කිලෝවොටි පැය ලෙසින්.අවශ්‍ය විදුලිය ජලය ලීටරයකින් නිපදනවා කීම අසම්පූර්ණයි