
(ඩයනා උදයංගනී)
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හා ජනමාධ්‍ය වැඩසටහන අද (9) පෙරවරුවේ පැවැත්විණි.
මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායකවරිය ලෙස ජේ. ඒ. ඉනුකි තෙවන්ගා, ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාසලේ විදුහල්පතිනී ගංගා කුමුදුනී මහත්මිය ඉදිරියේ දිවුරුම් දුන් අතර, ඉන් පසු අගමැතිවරිය ලෙස චංචලා අරෝශි ශිෂ්‍යාවත් අමාත්‍ය මණ්ඩලයත් දිවුරුම් දෙනු ලැබිණි.
මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නොමැතිවීම විශේෂත්වයකි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම සෙංකෝලයෙන් ළඟ ඉන්න එක්කෙනාගේ ඔළුවට ගහන්න ඕනේ...! එතකොට තමයි ලංකාවේ පාර්ලිමේන්තුවක් කියලා පිළිගැනීමක් ලැබෙන්නේ...!
මම මෙයට ඉතසිතින්ම සුබ පතනවා.. මොකද මම කැමැති නැහැ ජනතා ඡන්දය අරගෙන ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා බෙදිලා රට කනවාට. ඇත්තටම ලංකාවට සුදුසු විපක්ෂයක් නැති සෑම ජනතා නියෝජිතයෙක්ම හරිදේ හරි ලෙසත්, වැරැදිදේ වැරදි ලෙසත් දකින්නට පුරුදු වෙන්න ඕනෑ. එය දියුණුවට හේතුවක් වෙනවා. දැන් පේනවා නේද ලංකාවට බෙදී හිටපල්ලා කියලා පක්ෂ ක්‍රමය ඇතිකළ එංගලන්තයට වෙලා තියෙන්නේ මොකක්ද කියලා...
පාසල් සිසුන් "කාන්තාවන්" දේශපාලනයට උනන්දු කරවීම කොළඹ ආනන්ද බාලිකාවෙන් ආරම්භ කිරීම අගය කරමු...
මේ ළමයාවත් නරක් කරන්න යන්නේ...!
අනේ අම්මෝ...! අපේ ටීටර් අපි දැනගෙන හිටියේ නැහැනේ පාර්ලිමේන්තුව කියන්නේ දිව්‍ය විමානයක් කියලා අපේ ඇස්වලට අදහා ගන්නත් බැරිවුනා ඒ පරිසරය දැකලා... සුදු ඇඳුමින් V-8 වාහනවලින් බැහැපු අය ඇතුල්වුන හැටි දැක්කහම අපිට හරිම ආඩම්බරයක් නේද ටීචර්..! සමහර ඇමතිවරු පාර්ලිමේන්තුව ඇතුලේ ඇයි අහන ප්‍රශ්නවලට ඉංග්‍රීසියෙන්ම පිලිතුරු දෙන්නේ ... ඒ කියන්නේ සිංහලෙන් පිලිතුරු දෙනකොට වචනවල අගයක් නැද්ද ටීචර්.? ආ..තව එකක් ටීටර්... අපි නිතරම දැක්කා පාර්ලිමේන්තුව ඇතුලේ මන්‍ත්‍රීලා නිතරම මොබයිල් එක පාවිච්චි කරනවා කතානායක වැඩපටන් ගත්ත වෙලාවේ ඉඳලා... ඒක අපිටත් රටටත් ලොකු ආදර්ශයක්...! එහෙම කරලත් ඒ අය මාසෙ පඩි ගන්නවනේ .. ටීචර්ලටත් එහෙම පඩිය ගන්න පුලුවන්නේ ඉතින්.. අපේ ඉස්කෝලවලටත් ඔය මොබයිල් ටෝක් අනුමැතිය ලඛා දෙන්නකො... ඒක ඇතුලේ මැතිඇමතිලා නිතරම කෑගහගන්නවා දැක්කහම අපිට පුදුම හිතුනා ටීචර් ඇයි කතානායකතුමා ඒ අයව එයා ඉදිරියෙදි අපේ ඉස්කෝලවල දෙන දඬුවම වගේ දණ ගැස්සුවෙ නැත්තේ කියලා..? සමාවෙන්න ටීචර් මේ ප්‍රශ්ණය ඇහුවට... ඒ අය අපේ පන්තියට වෙනකම්වත් ඉස්කෝලෙ ගිහිල්ලම නැතිද ..? පාර්ලිමේන්තුව නැරඹීමට ගිය 8 වසර සිසුවියගෙ අත්දැකීම..!
මේ වගේ නිෂ්ඵල වැඩ කරන්න නම් ලංකාවේ පාසල් ඕනෑතරම්... හැබැයි ළමයින්ට ජීවිතාරක්ෂක හරි ප්‍රථමාධාර දැනුම හරි ලබාදෙන්න වැඩසටහනක් කරන්න කාටවත් ඕනෑකමක් නැහැ...
ලංකාවේ පාසල් වල ඔය වගේ සතපහකට වැඩක් නැති මනස්ගාත කරනවා. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න දවසකට කීයක් සිදුවීම් වෙනවාද ? ලෝකයේ පිළිගත්ත රටවල මේක කරනව. අකැමති වුණත් නැතත් ළමයින් සම්බන්ධ අතවර සහ අනෙකුත් ලිංගික හිංසනයන් වාර්තා වෙන සහ නොවෙන එකතුව කීයද කියලා හොයලා බලන්න. සංස්කෘතික ඔලමොට්ටලයන් කියන ඒවට බයේ ඉන්න ඕනි නෑ. මොකද කරුවෝ මේවා වැරදියට දැන ගන්නවට වඩා හොඳයි හරියට කියලා දෙන එක. ඒ සදහා වෙද්‍යෙ විද්‍යාලසහ සහ ආචාර්ය මහාචාර්යවරු යොදා ගන්න.
මෝඩයින්ගේ පරාදීසයේ පිස්සු වැඩවලට මහා පුදුම විදිහේ වටිනාකමක් තියනවා නේද? එක අතකට ඉතින් ඒ පිස්සන්ගේ පරාදීසයේ පිස්සන්ව පුහුණු කිරීමේ වැඩමුළුවක් කලින්ම තියන එකේ ලොකු අවුලකුත් නැහැ. කොහොමත් ඉතින් රැල්ලට ගහගෙන යන පිස්සොනේ... ඔහොම ජඃ!!!!
ඒක හොඳයි. මේ විදියට මන්ත්‍රි කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් වෙන එක හොඳයි.
මේ වගේ වැඩකට නැති මල කෝලම් ලංකාවේ පාසල් වල තමයි කරන්නේ.
ඉතාම ඉහල කටයුත්තක් .සුභ පැතුම් අපේ දරුවන්ට
ගොන් බුරු අදහසක්, හොද ආත්ම අබිමානයක් තියන්න දරුවන් පිරිසක් සමාජය ට දායාද කරන්න ඔන තැන කැද හැලියක් කරන්න එපා