(ජයරත්න වික්‍රමාරච්චි)
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ජලගැලීම් හා නායයෑම් ඇතිවන තරමට පවා වර්ෂාව ඇද වැටුණද රටේ ආහාර නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන රජරට ප්‍රදේශයට දැනට වසර එකහමාරක පමණ කාලයක සිට පවතින දැඩි නියගය තවදුරටත් පැවතීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවිහු අසරණ වී සිටිති.
නියගය නිසා කන්න තුනක් තිස්සේ එම වගාවන් ඇණ හිට ඇති අතර ප්‍රදේශයේ ජලාශ කීපයක් හැරුණුකොට අන් සියලුම ජලාශ පතුලටම සිඳී ගොස් ඇත. ළිංවල තත්වයද එසේමය. ඔවූහු තවදුරටත් මහවැසි බලාපොරොත්තුවෙන් සිටිති. එහිදී මහවෙහෙරබැඳිවැව ගොවීහු පිරිසක් වැසි ඉල්ලා දේව කන්නලව්වක යෙදුණු අයුරු සහ නෙළුම් අල ගැලවීමට උත්සහ කරන අයුරු දැකගත හැකිවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේව කන්නලව්වකින් වැසි ලැබෙන්නේ නැහැ. මෙච්චර දියුණු කාලෙක රජයට බැරිද ක්ලවුඩ් සීඩින් තාක්ෂණය මගින් මේ ප්‍රදේශයට වැස්ස ලබාදෙන්න? බොහෝ රටවල කරනවා වගේ ....
ලෝකේ වටා සවාරි යන රටේ නායකයින් තවමත් අවබෝධයක් ලබාගෙන නෑ කොහොමද ලෝකේ අනිත් රටවල් පරිසරයත් එක්ක ගනුදෙනු කරන්නේ කියලා. මා දන්නා තරමින් බොහෝ රටවල ධනපතියන් ජීවත්වන්නේ පිටිසර බදවයි. ඔවුන් තමයි රටේ ඉහළම අාදායම් ලාභීන්. එනිසා ඔවුන් රැකගැනීම, ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම රටේ යුතුකමක්. ඔවුන් රටේ අදායම සොයාදෙන්නේ පරිසරයත් එක්ක ගනුදෙනු කරලා. අපේ රටේ මිනිසුන්ගෙන් රජය ගනු පමණක් ක්‍රියාත්මක කළාට, දෙනු ක්‍රියාත්මක නොවන නිසා ස්වභාව ධර්මයෙන් දෙන දඬුවම් අහිංසක, දුප්පත් මිනිසුන් විඳවන්නේ.
සිරිසේන මහත්තයෝ නරකද ව්‍යවස්ථාව සහ හොරු ඇල්ලීම පැත්තකින් තියලා තෙත් කලාපයේ අපතේ යන වතුර යන්ත්‍රානුසාරයෙන් වියළි කලාපයට පොම්ප කලොත්. සම්ප්‍රදායික ක්‍රමවලින් මිදිලා අලුත් විදිහට සැලසුම් කරන්න. යන වියදම යුද වියදමට වඩා අඩුවේවි. එතකොට මිනිස්සුන්ට කරන්න වැඩ තියනවා. සංහිඳියාව ඉබේම ඇතිවෙනවා. මෙහෙම කියන්නේ ඔබතුමා ගොවියෙක් කියන නිසා. රනිල් මහතාට ඕවා තේරෙන්නේ නෑ.
මොන තරම් ප්‍රාථමික නොදියුණු තත්වයක අපි ඉන්නවද කියල තේරෙනවා මේවා දැක්කම. කන්නලව් කළාට වැස්ස ලැබෙන්නේ නැති බව ඕනෑම මොලේ තියෙන කෙනෙක් දන්නවා. ඒ වුණාට මේ මිනිසුන්ගේ අසරණ කමට කවුරු හරි කියන මොනවා හරි කරනවා වැස්ස ගන්න. එහෙම කරලා හිතට පොඩි අස්වැසීමක් ලබා ගන්නවා "එකත් කරා" කියල. තාවකාලිකව තමන්ව සනසගන්න කරන වැඩ. වැස්සේ නැත්නම් කියනවා දෙවියෝ හොඳටම කෝප වෙලා කියලා.
නෙලුම් අල කියන්නේ මොනවද කියල අද බොහෝදෙනෙක් දන්නවා දියවැඩියාවට හොඳ නිසා. එ්ත් උයන්න දන්නෙන් නෑ. සුපර් මාර්කට් එකෙන් ඉංග්‍රීසියෙන් බඩු ගෙනත් උයන්න ඉගෙන ගන්න ඉංග්‍රීසියෙන් පන්ති ගිය අපිට වැරදිලා කියලා දැන් අපිට තේරෙනවා. මහපොළවෙන් සමාව ඉල්ලුවත් අපේ වැරදිවලට සමාව ලැබේද?
රවීන්ද්‍ර මහත්මයා, ඔබේ අදහස හරි. මේ මගේ සැබෑ අත්දැකීමක් මීට අවුරුදු 18කට කලින් අපි ගමේ කියන පළාතක කාන්තාවක් මගෙන් ඇහුවා පොළොස් උයන්නේ පොතු අරන්ද කියලා...
අපරාදේ. ලොක්කට ඔය පැත්තේ එන්න කිව්වා නම් වැස්ස ලබාගන්න තිබුණා. එය යන යන පැත්තට වැස්ස ලැබෙනවා කියනවනේ.
කල හැකි දේ කොතරම් නම් තිබේද? එහෙත් අවාසනාවකට අපේ දේශපාලකයන් හඹායන්නේ කල නොහැකි අතලොස්සකට පමණක් භුක්තිවිඳි හැකි ලෝකයේ පළමු තැන යන ලබා ගත යුතුය යන පටු අදීන පරමාර්ථයන් පසු පසය. උසම, ගොඩනැගිල්ල, මුහුද ගොඩකර නගර වැනි දෑය...