(යොහාන් භාසුර)
කින්නියාහි කුරිඤ්ඤංකර්නි පාලමේ ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ජනතාවට ආරක්ෂිතව කළපු ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂිත මගී යාත්‍රෘව සේවය ආරම්භ කළේය.
කුරිඤ්ඤංකර්නි කළපුවේදී පසුගියදා පාරුවක් වෙරළිමෙන් ජීවිත හයක් අහිමිවූ වීමෙන් පසුව කළපු ප්‍රදේශය ඔස්සේ එදිනෙදා ගමනාගමනයේදී ප්‍රදේශවාසීන් සහ පාසල් ළමුන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගෙන පාලමේ ඉදිකිරීම් අවසන් වන තෙක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මැදිහත්වීමෙන් මෙම ආරක්‍ෂිත මඟී යාත්‍රා සේවාව ආරම්භ කළේය.
නැගෙනහිර නාවික විධානයේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක එකවර මඟීන් 25 දෙනෙකේ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට හැකි මෙම මඟී යාත්‍රාව පෙරවරු 7.00 සිට 8.00 ට අතර සහ මධ්‍යහන 12.00 සිට පස්වරු 2.00 අතර යන කාලය තුළ ක්‍රියාත්මක වේ.
එම ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිතව මඟී යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව පියවර ගත්තේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කුරිඤ්ඤංකර්නි පාලමේ වැඩ අවසන් වනතුරු නාවික හමුදාවෙන් මගී යාත්‍රා සේවයක්
Bunny Preena Friday, 26 November 2021 12:30 PM
වේලාසනින් නාවික හමුදාව දැනුවත් කරලා ඉල්ලීමක් කරලා තිබුනානම් අර අහිංසක ජිවිත 6ත් බේරිලා.
kamalFriday, 26 November 2021 01:16 PM
දැන් තේරුණා නේද හොඳටම කරන අයගේ හොඳකම.
Hafeel Friday, 26 November 2021 01:07 PM
ඉතා හොඳ වැඩක්. අගය කලයුතුයි. ඕනේම ආපාදවලදී අපේ වීරෝදාර රණවිරුවන් ඉදිරියට.
hesa Friday, 26 November 2021 01:56 PM
සතුටුයි මේ ක්‍රියාවට... පාරුවටත් ඉසිලිය හැකි බරක් තියෙනවනෙ. තන්හාවට උවමනාවට වඩා බර පටවා ගෙන යන්න හොඳ නැහැ..
C.K.Lankaputhra Saturday, 27 November 2021 07:25 AM
අශ්වයා පැනල ගියාටපසු ඉස්තාලය වැසීම නොහොත් කුඹුරු පාලුවට ගියාට පස්සේ පොහොර ගෙන්වීම නොහොත් සර්කරන හොඳටම කරන වැඩ...
janahanda Saturday, 27 November 2021 08:56 AM
ඔන්න ඕකයි තත්වේ. ලංකාවේ ඔහොම තමයි. 6 දෙනෙක්ම මැරෙන්න ඕන අවදානය යොමු කරන්න.