
නිදහස් පොජ්ජටයි මංගැච්චුවෙ මෙහෙට
ජංගම පොජ්ජකුත් ලැබුනයි පෙර පිනට
ගම් පොජ්ජටත් මෙහි වරුණා දොඩන්නට
කතා පොජ්ජ අඹු පොජ්ජගෙ මනාපෙට - (ආරියසේන හඳුවල)
(අංජුල මහික වීරරත්න)
හැත්තෑ පස්වන ජාතික නිදහස් උළෙල සඳහා වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ද සහභාගී වී සිටියේය.
ශ්‍රී ලාංකික ජන කණ්ඩායමක නායකයකු වන වන්නියලැත්තන්ටද ජාතික නිදහස් දින උත්සවය සඳහා විශේෂ ආරාධනයක් කර තිබිණි. වන්නියලැත්තන් සමඟ වැදි ජනතාව නියෝජනය කරමින් වැදි ජනතාවද සහභාගී වී සිටියහ.
ඡායා ගයාන් අමරසේකර
COMMENTS
වැදි පරපුරත් ශ්‍රී ලාංකිකයෝ... ජන සමාජයේ කොටසක්. මේ අයත් රටේ ආර්ථිකයේ කොටසක්. මේ අයට මේ අයුරින් වටිනාකමක් දුන් ජනාධිපති රනිල්ට විශේෂ කෘතඥතාවය පිරිනමමි.
"පොරෝ පොජ්ජ හොඳහැටි පුරුදුයි කරට... නිදහස සැමරුමට එය ගෙනආවේ කුමට ... උඩුකය නිරුවත්ව සිටියද නුඹ ජයට ... පැමිණෙනු පෙනේ සතුටකි සිංහල අපට ... "
අලුත්ම පොරෝ කරේ දාගෙන. භාවිතා කරන කෙටේරියක නම් මිට සුමට වී දුඹුරු පාට වෙනවා. තවද කෙටේරියක මිට මෙච්චර දිග නෑ. කෙටේරියක් දැකලවත් නැති ඉම්පෝර්ටඩ් වැද්දො තමයි. හැම වැකියකටම පොජ්ජ දාපුවාම වැදි භාෂාවද?
අනුර කුමරු මේ රටේ රජ වුණාම වැදි ජනයාට කොළඹ 7න් නිවාස දෙනවා...