(ඉෂාන් සංජීව, ජයමාල් චන්ද්‍රසිරි)
නව ව්‍යවස්ථා කෙටුම්පතට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද(30) ආරම්භ කළ විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු පාර වසා දමා ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණයක නිරත වෙති.
සිය නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඊයේ(29) ඉවත් කෙරුණු දුලිප් විජේසේකර මහතා ද එම උද්ඝෝෂණයට එක්ව සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය ලෝකෙට වහල්වී රට බෙදාම තමා නතරවෙන්නේ. තියෙන පලාත්සබා වදය මදිවාට තවත් ලෙඩක් දාගන්න තමා හදන්නේ.
මේ ව්‍යවස්ථාව හදන්නේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු සහභාගී කරගෙන නොවේද? රටට, ජාතියට, ආගමට යම් අසාධාරණයක් වෙන වගන්ති නව ව්‍යවස්ථාවේ තියනවා නම් ඒවා පෙන්වා දී නිවැරදි කිරීම සිදු කල යුත්තේ පාර්ලිමේන්තු රැස්වීම් වලදීයි. අවාසනාවට ව්‍යවස්ථාව කියවා තේරුම් ගැනීමට හැකියාවක් නැතිකම නිසා හෝ අවශ්‍යතාවයක් නැතිකම නිසා මෙවැනි උද්ඝෝෂණ කිරීමෙන් සිදුවෙන්නේ මහජනතාව අපහසුතාවයට පත්වීම පමණයි.
1958 බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමත්, 1968 ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමත් අවාසනාවන්ත ලෙස ඉරාදැමීමේ මහා පාපකර්මයට වර්තමානයේ වන්දි ගෙවන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.
නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ට තම අදහස් යෝජනා සහ සංවාදවලට නේද? ඉතින් මේ විදියට ඒකාබද්ධයේ පාරට බැහැලා ගැලරිය සතුටු නොකර තම වගකීම ඉටුකර රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවක් සම්මත කරගත යුතුයි.
මේ ව්‍යවස්ථාව කොහොම හරි පරාද කරන්න ඕනේ. නැත්තන් මේ පුංචි රට කෑලි කෑලි වලට කැඩිලා යාවි.
ව්‍යවස්ථා කමිටුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමත් ඉන්නවනේ. ව්‍යවස්ථා කෙටුම්පතේ රට බෙදන රට කඩන රටට අහිතකරන වගන්ති තියනවා නම් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මාර්ගයෙන් කමිටුවට දැනුම් දීලා ඒවා වෙනස් කරන්න කියන්න. රටට අහිතකරන ව්‍යවස්ථාවක් ආණ්ඩුවෙන් ගෙනාවොත් එදාට අපිත් අපේ අමනාපය ප්‍රකාශ කරනවා. මේ විරෝධතාවය පෙන්නනවා කියලා එදිනදා මහජනයාගේ සහ රජයේ හා පෞද්ගලික රාජකාරිවලට බාධා නොකර....
ව්‍යවස්ථාව හොඳද නරකද කියලා අපට තේරුම් ගන්න පුළුවන් මෙයාලගේ හැසිරීම තුළින්. පාර්ලිමේන්තුවට ඇතුලේ සටන් කරන්නේ නැතුව බොරු සංදර්ශන පෙන්වනවා.