
(ටී.කේ.ජී.කපිල)
මාස 04 ක පමණ කාලයකට අත්හිටුවා තිබූ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවය යළිත් සිය ගුවන් ගමන් ආරම්භ කරමින්, ඔවුන්ගේ ප්‍රථම ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (10) උදෑසන පැමිණියේය .
රුසියාවේ මොස්කව් නුවර ෂෙරමැතියෝවෝ (Sheremetyevo) ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කළ එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානය උදෑසන 10.03 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඒ-330- 300 එයා බස් වර් ගයේ ගුවන් යානයක් පළමු ගුවන් ගමන සදහා පැමිණ තිබූ අතර එහි ගුවන් මගීන් 252 දෙනෙකු සහ නියමුමන් ඇතුළු කාර් ය මණ්ඩලය 12 දෙනෙක් ද සිටියහ.
මෙම එරොෆ්ලොට් ගුවන් සේවය මෙතැන් සිට සෑම සතියකම සදුදා සහ සිකුරාදා රුසියාවේ මොස්කව් සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර පැය 09 ක ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය .
එසේම එළඹෙන නොවැම්බර් සිට මාර්තු මාසය දක්වා වු ශීත ඍතු කාළසීමාව තුළ සතියකට දින 03 ක් , එනම් සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර , මේ සදහා වන ගුවන් ප්‍රවේශ පත්‍ර 75% ක් ම මේ වනවිට අලෙවි කර අවසාන බව එරොෆ්ලොට් ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය .
මෙම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය පිළිගැනීම සදහා ගුවන් , වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු , එරොෆ්ලොට් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිතයෝ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .


2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එරොෆ්ලොට් ගුවන් සේවය ආයෙත් ලංකාවේ වැඩ අරඹයි