IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉන්දියානු හමුදා අභ්‍යාසලාභීන්ගේ සමරු වැඩසටහනෙන්

ඉන්දීය හමුදා ආදි පුහුණුලාභීන්ගේ වැඩසටහන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානයෙන්  කොළඹදී පැවැත්විණි.

මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගි වූ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉන්දීය හමුදා පුහුණු ආයතනයන්හි පුහුණුව ලැබූ දැනට ශ්‍රී ලංකා හමුදා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ සහ විශ්‍රාමික නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.

දෙරට හමුදාවන් අතර පවතින සහයෝගීතාවයේ, සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ දිගුකාලීන බැඳීම් සමරමින් මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම අවස්ථාවට සහභාගි වූ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැවසුවේ ඉන්දියාව ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තියට අනුකූලව ධාරිතා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට කැප වී සිටින බවය.

අභියෝගාත්මක කාලයන්හිදි පවා ඉන්දියාව ශ්‍රී ලංකා හමුදාවන්ට පුහුණුවීම් ලබාදුන් බව සිහිපත් කළ මහ කොමසාරිස්වරයා හමුදාවන් අතර පුහුණු වැඩසටහන් සහෝදරත්වයක් සහ සේවාවන් ඉටු කිරීමේදී මනා සුසංයෝගයක් ඇති කර තිබෙන බව ද සඳහන් කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාවයේ ශක්තිමත්ම සහ දිගු කාලීනම කුළුණ පුහුණුවීම් වේ. ඉන්දීය ආරක්ෂක හමුදා පුහුණු ආයතන විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවට පුහුණු අවස්ථාවන් 1500කට ආසන්න ප්‍රමාණයක් පිරිනමන අතර එය ඉන්දියාව විසින් රටකට පිරිනමන විශාලතම වාර්ෂික පුහුණු අවස්ථා ප්‍රමාණය වේ. ඉන්දීය රජයේ විශේෂ ආධාර වැඩසටහන යටතේ මෙම පුහුණුලාභීන්ට සහයෝගය ලබාදෙයි. ඉන්දියාව තුළ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන්ට ලබා දෙන ගුණාත්මක තත්වයෙන් ඉහළ පුහුණු වීම් මෙහෙයුම් සඳහා එකට එක්වූ ශ්‍රී ලංකා හමුදාවන් ගොඩනැඟීමට බෙහෙවින් ඉහවල් විය.

(යොහාන් භාසුර)

 



අදහස් (0)

ඉන්දියානු හමුදා අභ්‍යාසලාභීන්ගේ සමරු වැඩසටහනෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 458 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16938 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site