






ළහිරු හර්ෂණ
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය යෙදී තිබුනේ අද(15) පුරවභාග 09.17ටයි.
හිසතෙල් ගෑම සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතර ප්‍රධානතම චාරිත්‍රයක් ලෙස සැලකේ.
මෙම චාරිත්‍රය මගින් සිදු කෙරෙන්නේ මීළග වසරට නිරෝගීකම ප්‍රර්ථනා කිරීමයි.
කෙසේ වෙතත් රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති වටපිටාවක ජනතවට වෙනදා මෙන් එම චාරිත්‍රය ඉටු කිරීමට වෙහෙර විහාරස්ථාන වෙත යාමට හැකියාවක් නොමැතිවිය.
මිනිසුන් මෙන්ම සුරතලයට ඇති කරන සතුන්ට හිසතෙල් ගෑම දක්නට ලැබිණි.
පන්නිපිටිය ප්‍රදේශයේ මෙසේ අලි ඇතුන්ට චාරිත්‍ර ඉටුකෙරිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද නැත්නම් මෝඩකමද?
ඇඳිරි නීතිය නිසා කන්න බොන්න නැතුව මින්සුන් සහ සතුන් කරදර විඳින මේ කාලේ මේ මොනවද කරන්නේ හාමුදුරුවනේ?
පිස්සු යක්කු...ඔය අහිංසක සත්තුන්ගේ කරේ ටොන් ගානක් බර දම්වැල් දාලා හෙණ්ඩුවෙන් ඇනලා බය කරගෙන ෆොටෝ ගහන්න තෙල් ගානවා. ලෝක විහිලු කියන්නේ මේවා. ගිය සියවසේ ලෝකය නෙවෙයි දැන් තියෙන්නේ. කරුණාකරලා උන්ට පාඩුවේ ඉන්න දෙන්න.ඒ හොඳටම ඇති.
මේ දවස් වල වෙන වැඩකුත් නැහැනේ ?
නීරෝගී වෙන්න කියලා හිස තෙල් ගානවා. හැබැයි තිස්තුන් කෝටියක් රටේ එවුන් ලෙඩවෙලා ඉස්පිරිතාලවල. මුන් හැම දේම කරන්නේ නැකත් බලලා. ඔය එක හොරෙකුටවත් කියන්න බැරිවුනානේ මේ කොරෝනාව ගැන. මෙහෙමත් අන්ධ විශ්වාසය තියෙන ගොන්නු...
උඩ තියෙන අදහස් වලට දාලා තියෙන ඩිස්ලයික් වලින් හිතාගන්න පුළුවන් ලංකාවේ ඉන්න මිත්‍යාදෘෂ්ටිකයන්ගේ තරම. මෙහෙම රටක් දියුණු වෙයිද ?
තෙල් ගාලද හෙණ්ඩුවෙන් අනින්නේ... නැත්නම් ඊට කලින්ද?
ඇඳිරි නිතිය පවතින අවස්ථාවේ කාර්වලට පූජා පවත්වන්න පුලුවන්නම් ඇඳිරි නිතිය පවතින අවස්ථාවේ අලියෙකුගේ හිසේ තෙල් ටිකක් ගාන එකේ වරදක් තිබෙනවද? අලියවත් අත්අඩංගුවට ගන්නවද?